ඉදිරි වසර 2 ක කාලය සඳහා ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ නිල උපකරණ සපයන්නා ලෙස කටයුතු කිරීමට ඩන්ලෝප් ආයතනය සහ ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය පසුගියදා ගිවිසුමකට අත්සන් තැබූහ.
ඒ අනුව ඉදිරි වසර දෙක තුළදී ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කරන සියලූම ස්කොෂ් තරගාවලි සඳහා අවශ්‍ය ස්කොෂ් පන්දු සැපයීමටත්, ස්කොෂ් පුහුණු කඳවුරු පැවැත්වීමටත්, කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීමටත් ඩන්ලොප් ආයතනය ඉදිරිපත්ව සිටී.
මේ අවස්ථාවේදී ඩන්ලොප් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක එම්. එම්. මොහොමඞ් මහතා ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින ස්කොෂ් කී‍්‍රඩකයන් දෙදෙනකු වන, ඞී. එස්. සේනානායක විදුහලේ රවිඳු ලක්සිරිට සහ ශමිල් වකීල්ටත්, තවත් දක්‍ෂ ස්කොෂ් කී‍්‍රඩිකාවක වන සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ මිහිලියා මෙත්සරණිටත් ස්කොෂ් කී‍්‍රඩා උපකරණ කට්ටල පිරිනැමීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ සභාපති පාලිත වීරසිංහ, ලේකම් නිමල් රණසිංහ, භාණ්ඩාගාරික රොහාන් සිරිවර්ධන යන මහත්වරු සහ ස්කොෂ් පුහුණුකරුවෝ කිහිපදෙනෙක් සහභාගීවූහ.
ඡයාරූප :- ශාන්ත රත්නායක
රවිඳු ලක්සිරි, ශමිල් වකීල් සහ මිහිලියා මෙත්සරණි
ඩන්ලොප් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක එම්. එම්. මොහොමඞ් මහතා, ශමිල් වකීල්ට ශිෂ්‍යත්වය පිරිනැමූ අවස්ථාව
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්කොෂ් සංගමයේ නව උපකරණ සපයන්නා ඩන්ලොප්