(මනෝපීය ගුණසේකර)
මහා බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරද පිලිගත් සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා රුපියල් ලක්ෂ 18 බැගින් දඩ අද (12) නියම කළේය.
රුපියල් ලක්ෂ 18 බැගින් දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් විත්තිකරුවන්ට නියම කළේය.
2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය බවට සක්විති රණසිංහට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා කරන කොට තිබූ අතර ඒ සඳහා ආධාර අනුබල දුන් බවට සක්විති රණසිංහ මහතාගේ බිරිඳට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර යුවළ අධිකරණයේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගාන = 18×2 නීතිය හරි සාධාරණයි ?
යූ ටියුබ් එකේ පන්ති දායි අද ඉඳලා උදේ ඉඳලා රෑ වෙනකල්ම .වංචාවේ හැටියට දඩ මුදල මදි
අහිංසක ජනතාවගෙ කෝටි ගනන් මුදල් වංචා කරල ලක්ශ 18 කින් බෙරෙන මුන්ට හොඳක් වෙන්නෙ නෑ.
කෝටි 100 පමන හොරකම් කරල ලක්ශ 18 ගෙවල බෙරෙන්න පුලුවන්නම් හැමෝම වැරදි කරල , වරද පිලි අරන් දඩේ ගෙවල නිකන්ම නිදහස් වෙලා සැප ජිවිත ගත කරාවි
මාස 24 නිවාඩු දාලා ආවනම් ලක්ශ 18 ඉතුරුයි..