
සක්විති හවුස් කන්ට්‍රක්ෂන් මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රුපියල් කෝටි 16 කට අධික ජනතා මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ සක්විති රණසිංහට හා ඔහුගේ බිරිඳට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම දඬුවම වසර දහයකට අත්හිටුවන බව නියෝග කළේය.
අභය රණසිංහ මුදියන්සේලාගේ නන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ජේ . කුමාරි අනුරාධි විත්තිකරුවන්ට මෙම දඬුවම නියම කෙරිණි.
2006 නොවැම්බර් 01සහ 2008 සැප්තැම්බර් 31 කාලය අතරතුර නීති විරෝධී මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් වංචා කල මුදලින් සියයට හැටක ප්‍රමාණයක් ජනතාවට ආපසු ගෙවීම හේතුවෙන් මෙම අත් හිටවූ සිරදඬුවම නියම කළේය.
ඒ අනුව රුපියල් ලක්ෂ පනහ (50) බැගින් වූ වාරික විස්සකින් මුදල් ගෙවීමට විත්තිකරුවන් කටයුතු කර ඇත.
සක්විති රණසිංහ ඔහුගේ බිරිඳ හා සක්විති හවුස් කන්ට්‍රක්ෂන් මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකොළොස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර සෙසු විත්තිකරුවන් නඩුවෙන් මුදාහැරීමට නීතිපතිවරයා මීට පෙර තීරණය කර තිබිණි .
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය පෙනී සිටීමෙන් පසුව වරද පිළිගැනීම හා මුදල් වලින් සියයට හැටක කොටසක් ගෙවීම යන කරුණ සලකා බැලීමෙන් පසුව අත්හිට වූ සිර දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩයක්ද නියම කළේය.
දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන් පසුව ඔවුන් මුදාහරින ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සක්විතිට - බිරිඳට වසර දහයක අත්හිටවූ සිර දඬුවම්