IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළට

(විමුක්ති එස් රුද්‍රිගු)
 
පහළ යන පොලී අනුපාත හා ආර්ථිකය ධනාත්මක මාවතකට පැමිණීමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
 
ඒ අනුව අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට මුළු සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,055,494 ක් ලෙස සටහන් වේ. පසුගිය මාර්තු මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,038,682 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 0.8 කින් වර්ධනය වී ඇත.
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වලට අනුව මෙම වසරේ පළමු මාස හතර තුළ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 2.3 කින් වර්ධනය වී තිබේ. 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 4.8 කින් එසේත් නැතිනම් 91,371 කින් ඉහළ ගොස් ඇත.



අදහස් (2)

සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළට

Tharindu Wednesday, 25 June 2025 12:22 AM

රටත් ණයවීමෙනි පාලකයා එහි මුල හිදිති තව ණය වෙමිනි වැසියෝ කා බී ණය උගුලේ පැටලි

:       0       9

රුවන් Wednesday, 25 June 2025 05:58 AM

ලංකාවේ බහුතරයට මුල්‍යමය සාක්ෂරතාව අඩුයි. 30,000 පඩිය ගත්ත ගමන් ණය කාඩ්පත් අරන් ඇති වෙනකං ණයට අරන්, අන්තිමට හුල්ලනවා මාසේ අවසානයේ පොලිය ආවම. සමහර අය අවුරුදු ගානක් ණය ගෙවනවා පොඩි දෙකට. හැබැයි බුද්ධිමත් අය ණය කාඩ්පත් පාවිච්චි කරන්නේ වට්ටම් ලැබෙන සුපිරි වෙළඳ සැල් වලට ආහාර ද්‍රව්‍ය, ඇදුම් වගේ දෙවල් වලට. නියමිත කාලයට කලින් සල්ලි පියවනවා, පොලියක් නෑ සල්ලි ඉතුරු වෙනවා එකෙන්.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 394 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 842 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site