
(විමුක්ති එස් රුද්‍රිගු)
පහළ යන පොලී අනුපාත හා ආර්ථිකය ධනාත්මක මාවතකට පැමිණීමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට මුළු සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,055,494 ක් ලෙස සටහන් වේ. පසුගිය මාර්තු මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,038,682 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 0.8 කින් වර්ධනය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වලට අනුව මෙම වසරේ පළමු මාස හතර තුළ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 2.3 කින් වර්ධනය වී තිබේ. 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 4.8 කින් එසේත් නැතිනම් 91,371 කින් ඉහළ ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටත් ණයවීමෙනි පාලකයා එහි මුල හිදිති තව ණය වෙමිනි වැසියෝ කා බී ණය උගුලේ පැටලි
ලංකාවේ බහුතරයට මුල්‍යමය සාක්ෂරතාව අඩුයි. 30,000 පඩිය ගත්ත ගමන් ණය කාඩ්පත් අරන් ඇති වෙනකං ණයට අරන්, අන්තිමට හුල්ලනවා මාසේ අවසානයේ පොලිය ආවම. සමහර අය අවුරුදු ගානක් ණය ගෙවනවා පොඩි දෙකට. හැබැයි බුද්ධිමත් අය ණය කාඩ්පත් පාවිච්චි කරන්නේ වට්ටම් ලැබෙන සුපිරි වෙළඳ සැල් වලට ආහාර ද්‍රව්‍ය, ඇදුම් වගේ දෙවල් වලට. නියමිත කාලයට කලින් සල්ලි පියවනවා, පොලියක් නෑ සල්ලි ඉතුරු වෙනවා එකෙන්.