IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘සිකුරාදා උඩ බලාගෙන ඉන්න‘

දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර 65ක් දුරින් වූ මුහුදු තීරයට අභ්‍යවකාශ වස්තුවක් පතිත වීමට නියමිත බැවින් සිකුරාදා (13) පෙරවරු 10.50 සිට 12.50 තෙක් මුහුදු තීරයේ ධීවර හා නාවුක කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා කියයි.

දෙවුන්දර සිට ගිනිකොන දෙසට කිලෝමීටර් 65ක වපසරියකින් යුත් මුහුදු ප‍්‍රදේශය නාවික හා ගුවන් තහනම් කලාපයක් ලෙස ද ප‍්‍රකාශයට පත් කර තිබේ.

එම කාලසීමාව ඇතුළත මෙම අභ්‍යාවකාශ වස්තුව මුහුදට පතිත වනු ඇතැයි විශ්වාස කෙරෙන අතර එම වේලාව මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති බව කී ආචාර්යවරයා මේ පිළිබඳ අධ්‍යයන කටයුතුවල නිරතව සිටින යුරෝපා විද්‍යාඥයින්   බ්‍රහස්පතින්දා (12) එම වේලාව නිශ්චිතවම ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි ද ඔහු පවසයි.

මුහුදු තීරයට පතිතවීමට පෙර ඉහළ අහසේදී එම අභ්‍යාවකාශ වස්තුවේ පිපිරීමක් සිදුවුවහොත් එහි කොටස් ගොඩබිමට වැටීමට ද ඉඩ ඇතැයි කී චන්දන ජයරත්න මහතා එම කොටස් ඇල්ලීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

අඩි හතක් පමණ දිගින් යුතු ඩබ්.ටී.1190 එෆ් වශයෙන් නම් කර ඇති මෙම වස්තුව 1960 දශකයේ දී චන්ද්‍ර මෙහෙයුම් යටතේ උඩුගුවනට යැවූ රොකට්ටුවක කොටසක් හෝ ඇපලෝ වැඩසටහන යටතේ යවන ලද යානයක කොටසක් විය හැකි යැයි විද්‍යාඥයෝ සැක කරන බව ද ජයරත්න මහතා සඳහන් කළේය. 

                        



අදහස් (0)

‘සිකුරාදා උඩ බලාගෙන ඉන්න‘

රංජන Wednesday, 11 November 2015 01:16 PM

මේක අර අපේ රටෙන් යවපු එකවත්ද? හැබෑට ඒකට වෙච්ච දෙයක් නෑනේ (බ)

:       0       0

අමල් Wednesday, 11 November 2015 09:38 AM

මේකෙන් අපිට කරදරයක් නම් වෙන්න එපා. (ර)

:       0       0

ඉරේෂ් Wednesday, 11 November 2015 09:35 AM

උඩ බලාගෙන ඉන්න ...හැබැයි කට අරින්නෙ නැතුව....(ම)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 11 November 2015 09:36 AM

මහා දැනුමක් ඇති අපේ රටේ අහවල් මන්දීරයේ සිටි රොකට් විද්‍යාඥයා මේ ගැන තවම ප්‍රකාශයක් නිකුත් කලේ නැද්ද? ඔහු ඉස්සර නම් චීනයත් දැනුවත් කලාලු අහසේ අපද්‍රව්‍ය ඇති විටදී රොකට් නොයවන ලෙස.(ම)

:       0       0

රසිත කාලිංග Wednesday, 11 November 2015 09:44 AM

මේ අර ඇපලෝ යානයේ අසූචි පෙට්ටිය නේද .......? (ම)

:       0       0

මුණසිංහ Wednesday, 11 November 2015 09:56 AM

අපේ අයට බොහොම හුරු පුරුදු දෙයක් මොනවා වුණත් උඩබලාගෙන ඉන්න (ම)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 11 November 2015 10:02 AM

අප සැමදා ආදරයෙන් මතක් කරන, රොකට් රෝහිත යන අාදර නාමයෙන් අමතන, විද්‍යාඥයා මේ ගැන යම් දැනුවත් කිරීමක් කරාද? (ස)

:       0       0

පුලාරා Wednesday, 11 November 2015 10:10 AM

උඩ බලන් ඉදලා ඇතිවෙලා. (ර)

:       0       0

ශාන සෞදි Wednesday, 11 November 2015 10:48 AM

එහෙනම් එදාට රටේ හැමදෙනාටම ආයතනයකම උඩ බලා ඉන්නවට පඩි ගෙවයි හැබැයි මේකට අලුතින් එකතු වෙන්නේ පොඩි පිරිසක් මොකද වැඩි දෙනෙක් හැමදාම උඩ බලගනනේ ඉන්නනේ එයාලට කවදත් පඩි ගෙවුවනේ අවුලකට තියෙන්නේ බස් ඩ්‍රයිවර්ලත් එදාට උඩ බලාගන බස් එලවයිද දන්නේ නැ කෝකටත් හදිසි අනතුරු වාට්ටුව සීරුවෙන් තබන්න. (ර)

:       0       0

රුවන් Wednesday, 11 November 2015 11:06 AM

කොහොමත් රටම උඩ බලාගෙන තමයි ඉන්නේ. (බ)

:       0       0

සිසිර Wednesday, 11 November 2015 11:37 AM

මේක බලන්න තරම් ලොකු එකක්ද.? (ර)

:       0       0

සොපි Wednesday, 11 November 2015 11:42 AM

මේක අපිවම හොයාගෙන එන එකනේ වැඩේ .... (ර)

:       0       0

ඇසළ Wednesday, 11 November 2015 11:48 AM

රුවන් ඇත්තම ලියල රටම උඩ බලාගෙන ඉන්නේ කවද කඩා වැටෙයිද කියල. මොකද ඇතිවෙලා කියන ඒවා අහලම. (බ)

:       0       0

ආචාර්ය ජයන්ත ගම්ලත් - මෙල්බර්න් , Wednesday, 11 November 2015 11:50 AM

මම හුඟක් කැමති ප්‍රවෘත්තියට වඩා මේ අදහස් වලට. හරිම ජොලි (බ)

:       0       0

ස්මිත් Wednesday, 11 November 2015 11:55 AM

බලාගෙන, කටට වැටෙයි. (ර)

:       0       0

සේන Wednesday, 11 November 2015 11:57 AM

මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ කොටේ හිර කරන්න දගලනවා වාගේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site