දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර 65ක් දුරින් වූ මුහුදු තීරයට අභ්‍යවකාශ වස්තුවක් පතිත වීමට නියමිත බැවින් සිකුරාදා (13) පෙරවරු 10.50 සිට 12.50 තෙක් මුහුදු තීරයේ ධීවර හා නාවුක කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා කියයි.
දෙවුන්දර සිට ගිනිකොන දෙසට කිලෝමීටර් 65ක වපසරියකින් යුත් මුහුදු ප‍්‍රදේශය නාවික හා ගුවන් තහනම් කලාපයක් ලෙස ද ප‍්‍රකාශයට පත් කර තිබේ.
එම කාලසීමාව ඇතුළත මෙම අභ්‍යාවකාශ වස්තුව මුහුදට පතිත වනු ඇතැයි විශ්වාස කෙරෙන අතර එම වේලාව මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති බව කී ආචාර්යවරයා මේ පිළිබඳ අධ්‍යයන කටයුතුවල නිරතව සිටින යුරෝපා විද්‍යාඥයින් බ්‍රහස්පතින්දා (12) එම වේලාව නිශ්චිතවම ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි ද ඔහු පවසයි.
මුහුදු තීරයට පතිතවීමට පෙර ඉහළ අහසේදී එම අභ්‍යාවකාශ වස්තුවේ පිපිරීමක් සිදුවුවහොත් එහි කොටස් ගොඩබිමට වැටීමට ද ඉඩ ඇතැයි කී චන්දන ජයරත්න මහතා එම කොටස් ඇල්ලීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
අඩි හතක් පමණ දිගින් යුතු ඩබ්.ටී.1190 එෆ් වශයෙන් නම් කර ඇති මෙම වස්තුව 1960 දශකයේ දී චන්ද්‍ර මෙහෙයුම් යටතේ උඩුගුවනට යැවූ රොකට්ටුවක කොටසක් හෝ ඇපලෝ වැඩසටහන යටතේ යවන ලද යානයක කොටසක් විය හැකි යැයි විද්‍යාඥයෝ සැක කරන බව ද ජයරත්න මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අර අපේ රටෙන් යවපු එකවත්ද? හැබෑට ඒකට වෙච්ච දෙයක් නෑනේ (බ)
මේකෙන් අපිට කරදරයක් නම් වෙන්න එපා. (ර)
උඩ බලාගෙන ඉන්න ...හැබැයි කට අරින්නෙ නැතුව....(ම)
මහා දැනුමක් ඇති අපේ රටේ අහවල් මන්දීරයේ සිටි රොකට් විද්‍යාඥයා මේ ගැන තවම ප්‍රකාශයක් නිකුත් කලේ නැද්ද? ඔහු ඉස්සර නම් චීනයත් දැනුවත් කලාලු අහසේ අපද්‍රව්‍ය ඇති විටදී රොකට් නොයවන ලෙස.(ම)
මේ අර ඇපලෝ යානයේ අසූචි පෙට්ටිය නේද .......? (ම)
අපේ අයට බොහොම හුරු පුරුදු දෙයක් මොනවා වුණත් උඩබලාගෙන ඉන්න (ම)
අප සැමදා ආදරයෙන් මතක් කරන, රොකට් රෝහිත යන අාදර නාමයෙන් අමතන, විද්‍යාඥයා මේ ගැන යම් දැනුවත් කිරීමක් කරාද? (ස)
උඩ බලන් ඉදලා ඇතිවෙලා. (ර)
එහෙනම් එදාට රටේ හැමදෙනාටම ආයතනයකම උඩ බලා ඉන්නවට පඩි ගෙවයි හැබැයි මේකට අලුතින් එකතු වෙන්නේ පොඩි පිරිසක් මොකද වැඩි දෙනෙක් හැමදාම උඩ බලගනනේ ඉන්නනේ එයාලට කවදත් පඩි ගෙවුවනේ අවුලකට තියෙන්නේ බස් ඩ්‍රයිවර්ලත් එදාට උඩ බලාගන බස් එලවයිද දන්නේ නැ කෝකටත් හදිසි අනතුරු වාට්ටුව සීරුවෙන් තබන්න. (ර)
කොහොමත් රටම උඩ බලාගෙන තමයි ඉන්නේ. (බ)
මේක බලන්න තරම් ලොකු එකක්ද.? (ර)
මේක අපිවම හොයාගෙන එන එකනේ වැඩේ .... (ර)
රුවන් ඇත්තම ලියල රටම උඩ බලාගෙන ඉන්නේ කවද කඩා වැටෙයිද කියල. මොකද ඇතිවෙලා කියන ඒවා අහලම. (බ)
මම හුඟක් කැමති ප්‍රවෘත්තියට වඩා මේ අදහස් වලට. හරිම ජොලි (බ)
බලාගෙන, කටට වැටෙයි. (ර)
මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ කොටේ හිර කරන්න දගලනවා වාගේ. (ර)