කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ සෙංකඩගල දුම්රිය කඩුගන්නාව ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ දී අද සවස යාන්ත්‍රික දෝෂයකට ලක්වීමෙන් පැය දෙකකටත් අධික කාලයක් දුම්රිය ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි.
ඒ හේතුවෙන් මහනුවරට යන හා කොළඹට පැමිණෙන අනෙකුත් දුම්රියද බොහෝ වේලාවක් ප්‍රමාද වීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව මගීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් කොපමණ පිරිසකගේ කාලය මහමඟට ගෙවෙන්න ඇද්ද? (නි)
මා සිටි 5.20 දුම්රියත් පැය 3ක් ප්‍රමාද විය. ඊටපසුව පැමිණි 5.45 දුම්රිය ඊටත් වඩා ප්‍රමාද වන්නට ඇත. 5.20 දුම්රිය මහනුවරට පැමිණෙනවිට රාත්‍රී 11ද පසුවිය. (නි)
මහනුවර කොළඹ අතර ධාවනය වන 3:35,4:35,5:45 දුම්රිය තුනම කටුගෙට යැවීමට වඩා සුදුසුයි.5:20 A/C දුම්රිය පමණයි හොඳ තත්වයේ පවතින්නේ. (බ)
දුම්රියවල ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කළොත් දඬුවම් නම් මෙවැනි අවස්ථාවලදී මගීන්ට සහන හෝ වන්දි දියයුතුයි. (බ)
වසර 60 වැඩිය පැරණ දුම්රිය මැදිරි සහ එන්ජින් තවමත් ලංකාවේ දුවන්නේ. ඉතින් මොන කතාද? ලෝකය අනික් රටවල් දුම්රිය ගමන් කරන්නේ පැයට කිලෝමිටර් 300 -500 අතර වේගයෙන්. ඒකට අපේ ඒවා? වතුර බෝතලයක් දුම්රියේ මේසය උඩ මුඩිය පැත්ත මුනින්අතර අතට හරවලා තිබුනත් වැටෙන්නේ නැහැ. මොනතරම් නිසංසල ගමනක දුම්රිය ධාවනය වෙනවාද? අපේ දුම්රිය මුහුදේ බෝට්ටු වලට වඩා අන්තිම විදියට සෙළවෙනවා. මේකද මේ දියුණුව කියන්නේ? (නි)
මෙම ප්‍රතිචාර දැක්කම මට දෙකොනෙන් හිනා ගියා. අපේ මිනිසුන් හරියට කාලය ගැන වටිනාකම දන්න මිනිසුන් වාගෙයි මේ අදහස් පල කරලා තියෙන්නේ. ලංකාවේ මිනිසුන් තරම් තමන්ගේ සහ අනිත් අයගේ කාලය නාස්ති කරන මිනිසුන් කොට්ටාසයක් මම දැකල නැහැ. උදාහරණයක් හැටියට, අපේ මිනිසුන් දවසේ පැය කීයක් රුපවාහිනිය ඉදිරියේ එකම වෙළද දැන්වීම නැවත නැවතත් බල බලා කාලය නාස්ති කරනවද? කිසිම තේරුමක් නැති ගුවන් විදුලි වැඩසටහ වලට දුරකථන ඇමතුම් දිදී තොදොල් වෙන කාන්තාවෝ කොච්චර අපේ රටේ ඉන්නවද. නිකන් බොරුවට අදහස් පල නොකර අපි මේ ගැන ටිකක් හිතල බලන්න. (බ)
මම ඔය කෝච්චියේ ආවා. ගිය සිකුරාදා රඹුක්කන අසලදී වුනෙත් ඔය දේමයි. එදා දුම්රිය පැයකට වඩා ප්‍රමාදයි. ඊයේ පැය 3ක් විතර මොකක්ද මේ විශ්වාසයකින් ගමනක් යන්න පුළුවන් එන්ජින් එකක් යොදවන්න බැරි. එම්9 එන්ජින් කියන්නේ අද ලංකාවේ තියෙන ආසාර්ථකම දුම්රිය එන්ජිමක්. කිසිම විශ්වාසයක් නෑ (බ)
අපේ දුම්රිය සේවය සැමදා මහමඟ (නි)
අනේ මන්දා අපිට කවදා නවීන පන්නයේ දුම්රියක ගමනක් යන්න ලැබෙයිද කියලා (නි)