ස්කොට්ලන්තයේ ප‍්‍රථම ථෙරවාද බෞද්ධ විහාරය අරඹා වසර දහයක් පිරීම නිමිත්තෙන් පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් සහ විශේෂ සැමරුම් උත්සවයක් පසුගියදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී පවත්වන ලදි.
ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ නිර්මාතෘ එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව මේ පින්කම සංවිධානය කෙළේය.
ස්කොට්ලන්ත ජාතික ථෙරවාද බෞද්ධ භික්ෂුණියක වන චන්ද්‍රසිරි මෙහෙණින් වහන්සේ ආරාධිත දේශනය පැවැත්වූහ. ඇමරිකාවේ හොලිවුඞ් රංගන ශිල්පි බ‍්‍රයන් කොක්ස් මහතාද මෙහිදී විශේෂ ආරාධිත දේශනයක් පැවැත්වීය. හොලිවුඞ් චිත‍්‍රපට අධ්‍යක්ෂිකාවක සහ නිළියක වන නිකොල් කොක්ස් මහත්මියද නිව්යෝර්ක් නගරයේ සිට මෙම උත්සවයට පැමිණියාය. උත්සව සභාව අමතමින් බ‍්‍රයන් කොක්ස් මහතා පැවසුවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ කාරුණික සිනහ රැල්ලකින් පවා බටහිර වැසියාගේ සිත් පහන් කරවන බවයි. ඔහු බුදු දහමට වඩාත් මුලින්ම නැඹුරු වූයේ රේවත හිමියන්ගේ කාරුණික මිත‍්‍රශීලීභාවය සහ සිනහවේ ආකර්ෂණය නිසා යැයිද පැවසීය. මේ නිසාම තම විවාහ මංගල උත්සවයද බෞද්ධ චාරිත‍්‍ර අනුව ඉටුකළ අතර උන්වහන්සේ සමග ධම්මපදය තුළින් වේදිකා නාට්‍යයක්ද ඇමරිකාවේ නිෂ්පාදනය කළ බව පැවසීය.
ස්කොට්ලන්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රී බොබ් මොරිස් මහතා ස්කොට්ලන්ත බෞද්ධ විහාරයෙන් සිදුකෙරෙන සමාජ සත්කාරය ඇගයූ අතර සතිපට්ඨාන භාවනාව තුළින් ස්කොට්ලන්ත වැසියන්ගේ මානසික සුවය වර්ධනය කිරීම සඳහා සිදුකෙරෙන භාවනා වැඩසටහන් අගය කළේය. ස්කොට්ලන්තයේ පළමු අමාත්‍යවරයාගේ සුභපැතුම් පණිවිඩයක්ද ඔහු ඉදිරිපත් කළේය.
එංගලන්තයේ විහාරස්ථාන රැසකින් භික්ෂූන් වහන්සේලා මෙම උත්සවයට වැඩම කළහ. දහවල් පිණ්ඩපාත චාරිකාවක් සහ ආශීර්වාද පිරිත් දේශනාවක්ද පැවැත්විණි. ලන්ඩන් නගරයේ සිට පැමිණි කලා ශිල්පීන් විසින් ඉදිරිපත් කරන ලද උඩරට සහ පහතරට නැටුම් සංදර්ශනය ශ්‍රී ලාංකික සංස්කෘතියේ අනන්‍යතාව ස්කොට්ලන්ත වැසියන්ට ප‍්‍රදර්ශනය කැරිණි.
ස්කොට්ලන්තයේ ඇබර්ඩින්, චන්ඩි, එඩින්බරෝ සහ ස්ටර්ලින් නගරවලින් විශාල පිරිසක් මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගි වූහ.
විහාරස්ථානය වෙනුවෙන් ඇලිස්ටෙයා කෙලී සහ ධම්මික සිරිපාල යන මහත්වරුද සභාව ඇමතූහ.
මෙම උත්සවයේ කැපී පෙනෙනම දර්ශනය වූයේ ස්කොට්ලන්ත බෞද්ධ විහාරයෙන් භාවනා ප‍්‍රගුණ කළ සහ බුදු දහම වැළඳගත් විශාල පිරිසක් සහභාගි වීමයි.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
ස්කොට්ලන්ත පන්සල දස වසර සපුරයි
චානක Thursday, 05 July 2012 11:28 PM
හුගක් සතුටුයි.ඒත් ඉතිං අපි නම් තාමත් හිටපු තැනමයි ඉන්නේ
චානක Thursday, 05 July 2012 11:28 PM
සතුටුයි ගොඩක් . එත් අපි තාම හිටපු තැන . දුරාචාර නැති රටක් හදන්න . මුලින්ම මිස්සු දුසිරිතෙන් ඉවත් කල යුතුයි . නමුත් අපේම පාලකයෝ ඉඩ දෙන්නෙම නැ . යන්නෙම වැරදි පාරේ . රටට වෙනසක් ඕනේ . අපේ දේ අපි රක ගන්න ඕනේ . තෙරුවන් සරණයි / හරි පාරට වැටෙන්න ඕනේ
නාලක Friday, 06 July 2012 12:17 AM
ගරු කතුතුමනි ! අද ප්‍රධාන පුවත් දෙකම අපේ සිත් පහන් කරවනවා.ඔබතුමාට බොහොම පින් ! මේ හාමුදුරුවරු දෙනමම අද යුරෝපයේ ඉන්න ඉතාම දක්ෂ ව්‍යක්ත දෙනමක්.හුඟක් පන්සල් වලින් කරන්නේ සිංහල අයගේ ආගමික කටයුතු විතරයි . නමුත් මේ පන්සල් දෙකෙන් ගොඩක් සුදු අයට භාවනා ප්‍රගුණ කරවනවා. සුදු මහත්තයෙක් සුදුපාට ඇදගෙන පින්ධපාතේ බෙදන හැටි දැක්කහම හරිම සතුටුය්.රේවත හාමුදුරුවනේ ඔය සේවය දිගටම කරගෙන යන්න . හැකිනම් දස අවුරුදු අත්දැකීම් තුලින් තවත් පන්සලක් පටන්ගන්න. හැමෝම පන්සල් හදන්නේ ලන්ඩන්වල .ඔබවහන්සේ තමය් පිටිසර පළාතකට වැඩම කලේ.එනිසා පන්සලක් නැති උතුරු අයර්ලන්තයේත් එකක් පටන්ගන්න.එයට ඔබවන්සේට ශක්තිය තියෙනවා. තෙරුවන්සරණයි
රජරට රත් Friday, 06 July 2012 12:21 AM
සතුටුයි. හොද පුවතක්
අතලේ සුමන හිමි Friday, 06 July 2012 05:54 AM
අපේ ප්‍රදේශයෙ හාමුදුරු කෙනෙක්නෙ. අපේ සුභපැතුම් රටේ ගමේ නම හිටින විදිහට වැඩ කිරීම සතුටට කාරනයක්.
මේරිලෑන්ඩ් Friday, 06 July 2012 06:40 AM
වොෂින්ටන් සහ මේරිලෑන්ඩ් පන්සල් වලත් මෙවැනි දේවල් කළා නම් කොච්චර අගනේද?
සමන් Thursday, 05 July 2012 05:51 PM
සාධු සාධු සාධු ! පිටරට ධර්ම ප්‍රචාරයට කදිම නිදසුනක් මේක. ඔබ වහන්සේට තවත් ශක්තිය ලැබේවා!
බාලසූරිය Friday, 06 July 2012 07:39 AM
රේවත ස්වාමීන් වහන්ස, බොහොම වටිනවා ඔබ වහන්සේගේ ආගමික වැඩසටහන..ගොඩක් සතුටුයි...
දමත Thursday, 05 July 2012 06:41 PM
මමත් පිං අනුමෝදං කරගන්නෙමි...සාදු .. සාදු.. සාදු...
ජානකී Thursday, 05 July 2012 06:42 PM
බොහොම අපුරැයි... රේවත හාමුදුරැවෙයි දායක ඇත්තොයි වැඩක් කළොත් ආයෙ නියමෙටම කරනවා.. අපිට බොහොම සන්තෝසයි.. සාදු..සාදු... සාදු...!!
සමන්ත Saturday, 07 July 2012 12:56 PM
නිර්මල බුදු දහම ලොව පුරා පැතිරේව , සාධු ..සාධු ..සාධු .
රත්නායක Friday, 06 July 2012 11:42 PM
ශක්තිය, සත්‍ය, වැදගත්කම, ධර්මයේ දියුණුව ලෝකයටම පෙන්විය යුතුයි
කුමාරි Thursday, 05 July 2012 08:09 PM
බුදුදහම ලොව දස දෙස පැතිරේවා..!!
කුමාර Thursday, 05 July 2012 07:31 PM
තෙරුවන් සරණයි!
උදය Thursday, 05 July 2012 07:48 PM
බොහොම සතුටුයි
මොහාන් Thursday, 05 July 2012 09:08 PM
මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්ය! ශක්තිය සහ ධෛර්යය ලැබේවා!
අනුර Thursday, 05 July 2012 09:47 PM
අපේ නිර්මල බුදු දහම ගෙන මුළු ලෝකෙම අය ආශීර්වාද කරනවා සාදු සාදු සාදු
නිස් Friday, 06 July 2012 12:06 PM
පාරවල් වල, සරසවි වල ගහගන්න හාමුදුරුවරුන්ට හොද ආදර්ශයක්
මලිත Saturday, 14 July 2012 12:52 AM
පින්තුර ටික බලන්න https://picasaweb.google.com/110401556721334722576/10thAnniversaryCelebration?authkey=Gv1sRgCNqF2tXe1Jv6Ow
අන්ර එස් ලියනගේ මුල්ලෙරියාව Thursday, 05 July 2012 11:06 PM
* බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මාගේ නමස්කාරය ස්කොට්ලන්ත බෞද්ධ විහාරයෙන් භාවනාව ප‍්‍රගුණ කළ සහ බුදු දහම පතුරෑවාලිම සදහා ගත් වැයමට...................!!!
මුලනේ ගුණානන්ද හිමි Thursday, 05 July 2012 11:18 PM
ලොව්තුරු දහම (ගම්භීරො)ගැඹුරුය.(දුද්දසො)වටහා ගැනීම දුෂ්කරය.(දුරනුබොධො)අවබොධ කරගැනීම පහසු නොවේ.(සන්තො)ශාන්තය.(අතක්කාවචරො)තර්කයෙන්ම දත නොහැකිය.(පණ්ඩිතවෙදනීයො)පණ්ඩිතයන් විසින්ම වටහාගත යුත්තේය.එවන්වූ දහමක සරු බීජ ලොවට බෙදා දෙන ස්කොට්ලන්ත බෞද්ධ විහාරය දිගුකල් වැජඹේවා...!
පිලිපීනෝ Thursday, 05 July 2012 11:21 PM
සිත නිවන කතා! සාධු... සාධු... සාධු...!