ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ කඨින පින්කම එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බෞද්ධ අනුශාසක හා විහාරාධිපති කඹුරාවල සිරි රේවත නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. ස්කොට්ලන්තයේ ශ්‍රී ලාංකිකයෝ ද බුදු දහම වැළඳගත් ස්කොට්ලන්ත වැසියෝ ද, කඨින චීවරය පූජා කිරීමට එක්වූහ. බෙල්ලන ශ්‍රී ධර්මපාල මහා පිරිවෙන්හි විහාරාධිපති බස්නාහිර ප‍්‍රධාන සංඝනායක මාලේවන පුඤ්ඤරතන නාහිමි මාතර පුස්සල පුරාණ විහාරාධිපති සපුගොඩ චන්දානන්ද නාහිමි කඩවත ශ්‍රී ජිනේන්ද්‍රරාමාධිපති දොඹගොඩ සාරානන්ද හිමි, ශ්‍රී ලංකාවේ සිට පින්කමට වැඩම කළහ. ඊස්ට් ලන්ඩන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති මාකුඹුරේ මංගල හිමියෝ ද වැඩම කළහ. මාලේවන පුඤ්ඤරතන හිමි ලබන පස්වැනි දා කඨිනානිශංස ධර්ම දේශනය පවත්වයි. ස්කොට්ලන්තයේ ප‍්‍රථම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය මෙම පන්සලයි.
ඡායාරූප මලිත යටිවැල්ල
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd