මහා බ්‍රිතාන්‍යයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ සහ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ නිල වෙබ් අඩවියේ තොරතුරු ලබාගැනීමේ පිටුවක වැරදීමකින් දෙමළ භාෂා තොරතුරු කොටසෙහි දෙමල ඊළාම් කොඩිය ඇතුළත්කිරිමට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකික සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම විසින් ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පැය කිහිපයකට පසුව එම වෙබ් පිටුවෙන් ඊළාම් කොඩිය ඉවත් කරගෙන තිබේ.
අලහප්පෙරුම මහතා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය මෙම තීරණය ගෙන තිබේ. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකික සංසදයේ වෙනුවෙන් ඔහු විසින් කරන ලද පැමිණිල්ලට පිළිතුරක් එවන බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනක අලහප්පෙරුම, ජාතිය ගැන ක්ෂණිකව ක්‍රියා කිරීම ගැන ආඩම්බරයි. ඔබට ජාතියේ ප්‍රණාමය! (නි)
මම මේ වචන පෙළ ලියන්නේ ඉතාමත් සතුටකින්. මේ තරුණ වීරයා ගැන අප දන්නවා. ඇතැම් අවස්ථාවල බාධක මැද්දේ වුව තනිවම සටන් කර එංගලන්තයේ කොටි විරෝධී ව්‍යාපාරයට ජීවයක් දුන්න තරුණ නායකයෙක්. (නි)
බ්‍රිතාන්‍යයේ තියෙන්නේ රාජකීය ත්‍රස්තවාදය. කවදත් කොතනත් අපිට කෙනෙහෙලිකම් කරන්න සැදී පැහැදී ඉන්නේ.. (නි)
ජනක අලහප්පෙරුම මහතා විසින් කර ඇති මේ උදාර ජාතික මෙහෙය ගැන ලන්ඩන් වල අපගේ මහා කොමසාරිස්වරයා හෝ ඔහුගේ නිලධාරීන් විසින් මේ වන විට කිසියම් ප්‍රතිචාරයක් දක්වා ඇත්දැයි දැන ගැනීම ට කැමැත්තෙමි. (නි)
අලහකෝන් මහතාට අපේ උපහාරය ! (නි)
ලැජ්ජයි. එංගලන්තය නියමෙට අන්දවලා. ලෝකය ගැන මහලොකුවට කතාකරන එංගලන්තය නිරුවතින් දුවන්නේ. (නි)
අලහකෝන් මහතාට අපේ ප්‍රණාමය! (නි)
ඔන්න සිංහ නාදයක් කළ අර ජාතියේ කෙනෙක් (නි)
තව පත්තරේකට තවත් කෙනෙක් ලියල තිබුනා මේ වැඩේ කලේ තානාපති කන්තෝරුවෙන් කියලා. ලංකාවේ පොලිසිය මෙයට සම්බන්ධ අය ගැන තොරතුරු එකතුකරනවයි කියලත් තිබුනා.(නදී)
අලහකෝන් මහතාට ඉතාලියේ වෙසෙන සියළුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මගේ ස්තූතිය. (ස)
මේක සෑහෙන දුරට සිතන්න ඕනෑ ප්‍රශ්නයක් (නි)
'බකස්' ගාලා හිනා යනවා මට (නි)
ජනක අලහප්පෙරුම ඔබ අපිට ආඩම්බරයක්. අපේ රට වෙනුවෙන් බොරුවට වැඩකාරයො කියලා ලෝකෙට පේන්න පොටෝවලට පෙනී ඉන්නා මිනිසුන්ට මේවා හොඳ ආදර්ශයක්. දේශපාඥයො වෙනුවෙන් කඩේ යනවට වඩා මේ වගේ රට වෙනුවෙන් අවශ්‍ය දේ කිරීමයි කල යුත්තෙ. (ස)
අලහකෝන් මහතා වගේ කට්ටියට තමයි තානාපති කම් දෙන්න ඕනි (ස)
ජනක මහත්තයෝ...මෙන්න සැලියුට් එකක්....අපට ආදර්ශයක්......ජය..ජය...(නදී)
අලහකෝන් මහතාට ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ උපහාරය. (නි)
අපේ කොඩිය වෙනස් කරන්න බෑ මේක අපේ ජාතික කොඩිය..... අපේ ජාතික වීරයෝ බිහිකරපු ජාතික කොඩිය (දී)
බ්‍රිතාන්‍යයේ තානාපති බොරු වැඩකාරයක්. කිසිම වැඩක් කරන්න නැහැ. (ස)
කොටියා ලංකාවෙන් ඉවත් කලාට හොල්මන් ටික පිටරට වල රජ කරනවා. ඒ ගොල්ලොත් කොටු කරගන්න ජාත්‍යන්තර උපායක් යෙදුවා නම් කියල වැඩක් නැහැ. (ස)
මෙන්න නියම දේශප්‍රේමී, නිර්භීත, සිංහල ලේ තියෙන කොල්ලෙක්. ජනක අලහප්පෙරුම, ඔබට අපේ ප්‍රණාමය. (නි)
අපිට ඔබ ගැන ආඩම්භරයි ජනක අලහප්පෙරුම මහත්මයා. (ස)
ඕක කොටියා තනිවම කළා නොවෙයි. (නි)
අලහකෝන් මහතාගේ ක්‍රියාව ඉතා ඉහලින් අපි අගය කල යුතු අතර, ස්කොට්ලන්ඩ්යාර්ඩ් සහ මෙට්‍රොපොලිටන් පොලිසිවල රටවල් වල ජාතික කොඩි ගැන කිසිම දැනුමක් නැති මෝඩයෝ ටිකක්ද ඉන්නෙ කියො අහන්නටත් වෙනවා. (ස)
නිශාන්, ඔයාට බකස් ගාලා හිනා ගියේ අලහකෝන් මහතා කළ ක්‍රියාවටද?අමිල කටුනායක මොන ජාතියේ කෙනෙක් ගැනද ඒ ඔයා කියන්නේ (නි)
අලහකෝන් මහතාණනි, ඔබට අපේ ප්‍රණාමය! (නි)
ජනක අලහපෙරුම මැතිතුමනි, ඔබට හිස නමා ආචාර කරමි (නි)
දැන් ඉදිරියට වෙන දේ බලාගෙන සිටිමු (නි)
සැබෑ සිංහල වීරයෙක් (නි)
අපේ රට වෙනුවෙන් ඔබගේ යුතුකම ඔබ කළා අලහාකෝන් මහතාණෙනි,ඔබ ලබපු ආත්ම තෘප්තිය මිල කළ නොහැකියි.සමහර අදහස් දාන අය ගැන කණගාටුයි.බටහිර රටවල අලුයට සිදුවෙන දේවල් නොදන්නාකම ගැන. (නි)
අපිට ඔබ ගැන ආඩම්භරයි ජනක අලහප්පෙරුම මහත්මයා. (ස)