අයවැයෙහි හෝ ඕනෑම දෙයක ඇති ගැටළු සහගත කරුණු රටේ ප‍්‍රධානීන් සමග සාකච්ඡා කර වෙනස් කිරීමට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පසුබිම මේ වන විට රට තුළ ඇතිවී ඇතැයි සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (29) පැවසීය.
පසුගිය කාලයේ එවන් පසුබිමක් නොතිබූ බව කී ඇමැතිවරයා 18 වැනි සංශෝධනය ආදී දේට ඇතැම් මැති ඇමතිවරුන් විරුද්ධ වුවත් ඒ සම්බන්ධයෙන් හඬක් නැගීම පළක් නොවන බව දැන සිටි නිසා ඔවුන් කිසිත් නොකී බවද ඇමැතිවරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිම බෙදීමක් නැතැයි ද කී ඇමැතිවරයා ආණ්ඩු පක්‍ෂය සමග සිටින කණ්ඩායමත් විපක්‍ෂයේ සිටින කණ්ඩායමත් අතර සමීප සම්බන්ධයක් පවතින බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු නම් පළාත් පාලන ඡන්දෙදි ලැබෙන පරාජය ගැන ඉවවැටිලා අලුත් ගැටයක් ගහනවා වගේ කියලා හිතෙනවා (නි)
බහුතර කැමැත්තෙන් ගෙදර යවපු සමහර අය ආයෙත් පාර්ලිමේන්තුවට ගත්තා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? (නි)
ඡන්දෙන් පැරදුනහම මොන වෙට්ටුව දාල හරි නැවත පාර්ලිමේන්තුවට පැමිණීමත් ප්‍රජාතන්ත්‍රවාදයද? (බ)
දේශපාලුවක් වෙන්න තිබෙන පළමුවෙනි සුදුසුකම තමයි බොරු කියන්නට තිබෙන හැකියාව. දෙවැනි එක තමයි ලජ්ජා නැතිකම. තුන්වෙනි සුදුසුකම තමයි හොරකම් කිරීමට දක්ෂයෙක් වීම. මේ සුදුසුකම් ඉහළින්ම සපුරා ඇති නිසාම, මෙවර ගමේ ඡන්දදයකයෝ සමහරු ප්‍රතික්ෂේප කළා. නමුත් ඔවුන් අතරින් සමහරෙක් කොහොමහරි නැවත දියවන්නාවට පැනගත්තා. දැන් කියනවා ඒ කාලේ එයාලට සිදුවුණා කියන අසාධාරණකම්. (නි)
එතාකාට මේ දක්වා ප්‍රජාතන්ත්‍රවාදය වල්බිහිවෙලාද තිබුනේ? එතකොට මීටකලින් හිටපු ආණ්ඩු වල හිටියේ අඟහරු ලෝකේ කට්ටියද? (නි)
මට නම් මුහුණු ටික බලන්නත් දුකයි! (නි)
ඔබ ගැන කීමට හෝඩියේ අකුරු මට මදි... එනිසා කිසිවක් නොකියමි. (නි)
නමුත් කිසිවෙකුට ස්ථිර ප්‍රතිපත්තියක් තිබෙන වගක් පෙනෙන්න නැහැ (නි)
ප්රජාතන්ත්රවාදය රටේ තිබුණා. හැබැයි ඒ සමහරු දේශපාලනයට එන්නට පෙර..... (නි)
සමහරු කතා කරන්නේ කටින්ද කියලා හිතෙනවා (නි)
වැල යන අතට මැස්ස ගහන්න මෙයාලා තරමට දක්ෂ අය මේ තුන් ලෝකෙම නැතුව ඇති. (නි)
සමාජය සවිබලගැන්වීමේ සහ සුබසාධන අමාත්‍යවරයාද මේ ප්‍රකාශය කළේ? (නි)
අපි නම් මේ මුහුණුවත් දකින්න කැමති නැහැ (නි)
කටින්ද ඔවා කියන්නේ ඇමතිතුමා. පහුගිය රජය කාලේ ඔබතුමන්ලා කරපු සමහර බාල වැඩ නිසා තමයි අනෙක් අයටත් අකුලගන යන්න වුණේ (බ)
බැරි වෙලාවත් ප්‍රභාකරන් මේ රටේ පාලකය වුණා නම් මේ කට්ටිය ඒ ආණ්ඩුවෙත් ඇමතිකම් අරගෙන මේ වගේ කතා කියයි. (බ)
දැන් ඉතින් සිද්ද වුනු ලැජ්ජාව වහගන්න පිස්සු කියවනවා.අනික මෙයාව ජනතාව පාර්ලිමේන්තු යැව්වේ නැහැ.(කෞ)
කියන්න කටට එන දේවල් මෙතන ප්‍රසිද්ධියේ කියන්න බැහැ. (නි)
රබ් පිට රං...රං ...රං .....පෙරලුන පිට හොදයි කියනවා ..... යහ පාලන රට හොදයි කියනවා....... (කෞ)
මේගොල්ලෝ හැරෙන හැරෙන පැත්තට. දැන් ජනතාව තමයි වැරදි. (නි)
මේ අය මේ දේවල් නොකියා වෙන මොනවා කියන්නද? (නි)