යුද අපරාධ ගැන අමිහිරි චෝදනා මැද්දේ සිය සමගිය පෙන්වමින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයෝ අද (17) දුප්පත්කම හා සංවර්ධනය පිළිබද ගිවිසුම්වලට අත්සන් කළහ.
“සාර්ථක සාකච්ඡාවකින් ″ පසු කොළඹ ප්‍රකාශනයට අත්සන් කළ බව චෝගම් නව සභාපති මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රකාශ කළේය.
චෝගම් සමුළුවේ ප්‍රගතිය ගැන සතුටට පත් වන බව ඔහු කීවේය.
සමානාත්වයේ වියදමින් ආර්ථික සංවර්ධනය සිදු නොවිය යුතු යැයි ද සාධාරණත්වය මත සංවර්ධනය සිදු වීමට පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රමුඛත්වය හිමි විය යුතු යැයිද ජනපති කීවේය.
සංවර්ධනය, දේශපාලන සාරධර්ම ,ජාත්‍යන්තර තර්ජන ,අභියෝග හා පොදු රාජ්‍ය මණ්ඩල සහයෝගිතාව ගැන ඒකාබද්ධ ප්‍රකාශනයේ කරුණු ඇතුළත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පැහැදිලියි ද්‍රවිඩයන් විහිදිලා ඉන්න මහා ජාතියක් බවත් ලංකාවේ සිංහල ජාතිය සුළු ජන වර්ගයක් බවත්. ඉංග්‍රීසි උගත් ද්‍රවිඩයන් බි බි සි නලවන හැටිත්...රටවල දේශපාලන බලය රැක ගැනීමට කැමරන්ලා කරන අඳ බාල වැඩත් ලෝකෙටම හෙළිවී ඇත. ලාංකිකයන් එක්සත්ව නගන හඬ මානව අපේ මානව හිමිකම් රැක ගන්නට ප්‍රමාණවත් නොවේ. එසේ නොවුනහොත් වන්නේ සුද්දගේ පඩේට අපට නටන්නටයි. (නදී)
ඔය ප්‍රබල රටවල් කියන අය තමා ත්‍රස්තවාදීන්ව හැදුවෙත්, නඩත්තු කළෙත්, තවදුරටත් ඒවා පවත්වාගෙන යන්න උදව් දෙන්නෙත්, නැතිකරපු මිනිස්සුන්ගෙන් පළිගන්නෙත්. මේකෙන් පැහැදිලියි ත්‍රස්තවාදය ප්‍රබල රටවල වුවමනාවන් ඉටු කරන බළල් අතක් කියන එක. ඒ නිසා ප්‍රබල රටවල් කොහොමත් ත්‍රස්තවාදීන්ගේ ගොඩේ, එක පිගානේ කන අය. අපේ ජනාධිපතිතුමාට නිර්භීතව මේ අභියෝගවලට මුහුණ දෙන්න ශක්තිය තිබීම රටේ වාසනාවක්. මිලිබෑන්ඩ්ලා කුච්නර්ලා එලවා ගත්ත අපේ ජනපති අායෙත් කිසි කෙනෙකුට බය නැහැ. රටේ මිනිස්සු හැටියට අපි අපේ ජනපතිව ශක්තිමත් කළොත් අපේ රටත් ඔය ප්‍රබල කියන රටවල් අතරට එකතුවෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මට හිතෙන විදියට මේ චෝගම් එකෙන් ඒක පටන් ගත්තා කියලා. සියල්ලට පෙර රටේ ද්‍රෝහියෝ ටික එලවන්න ඕනෑ. (නි)
අපේ ජනපතිතුමාගේ එඩිතරබව සහ සියලු ජනකොටස් වලට සාධාරණත්වය ඉටුකරදීමට ඇති වුවමනාව ඉතා පැහැදිලිය. එහෙත් විපක්ෂය මෙහිදී දැක්වූ අදහස් පැහැදිලි නැත. ඔවුන්ට රට වෙනුවෙන් කළයුතු දේ දැන් අමතකවී ඇති බැව් පෙනේ. වෙනදා බහු ජාතික කුමන්ත්‍රණ ගැන උද්ගෝෂණ කරන අය අද නිහඩය. කැමරන්ගේ තර්ජන රටට විරුද්ධව මිස ආණ්ඩුවට විරුද්ධව නොවන බව ඔවුන් තේරුම් ගත යුතුය.උත්තරය ඇත්තේ මහජනයා අතය.ආණ්ඩුවට හෝ විපක්ෂයට තෝරාගත යුත්තේ රටට ආදරය ඇති අයවය.දේශපාලනය කිරීමට රටක් තිබිය යුතු බව සියලු දෙන වටහා ගත යුතුය. (නි)
මම රටවල් 56ක සංචාරය කර ඇත්තෙමි. නමුත් මෙවන් නායකයෙක් මෙතෙක් නොදුටුවෙමි (නි)
දැන් රටත් ජනතාවත් ගැන හිතන්න පුළුවන්.ඒ කරදරයත් ඉවරයිනෙ. (නි)
හැමකෙනා අතේම තුරුම්පු ඉවරයි. දැන් පරිස්සමින් සෙල්ලම් කළොත් ගොඩදාගන්න පුළුවන් වෙයි මගෙ හිතේ. (නි)
ජනාධිපතිතුමනි, මගේ දේශයට ඔබ තුමාගෙන් වෙන සේවය අසීමිතයි. එය අගය කරමි. ඔබතුමාට හැකි නම් නිතරම සාධාරණය කුමක්ද කියා හඳුනා ගෙන පාට පන්ති නොබලා වැරදි කරන අයට දඩුවම් දී ජනතාවගේ ආදරය තවත් දිනා ගන්න. (ස)
මෙය සාර්ථක වීම බොහෝ විරුද්ධ පාකිෂකියන්ට ඇහේ කටු අනිනවා වාගේ. මොනවා හෝ අසුබවාදී කියමන් කියනවා.දෙමල කොටියා ගහනවාට වඩා බරපතලයි සිංහල කොටි ගහනකොට (නි)
මීට අවුරුදු හතරකට පෙර ඔය වගේ සමුළුවක් පවත්වන්න මේ රටේ පරිසරයක් තිබුනද? (නි)
මෙතෙක් කාලයකට චෝගම් සභාපතිලා කළ වැඩක් ගැන අපි අහලා නැහැ. නමුත් චෝගම් නව සභාපති මෙතනත් වැඩ පෙන්නන එක ගැන මට විශ්වාසයි. (නි)
අපේ ජන නායකයාණන්ට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබෙන සුබ උපන් දිනයක් වේවා! රටේ සිටින මිනිසුන්ගේ සිත් සැනසේවා! මීයේ බඹරු මෙන් එක්සේසත් වේවා! බිහිසුණු අපවාද සැම විසි වී යේවා! අපේ ජනපති සමග අපේ රට බැබළේවා! (නි)
අතිගරු ලාංකීය ජනපති උතුමාණනි, ඔබට සුබ උපන් දිනයක් වේවා!ගරු උතුමාණනි, ඔබ අද සිට රටවල් 53ක නායකයන්ගෙත් නායකයෙකි.ඔබට ලෝක නායකයා වීමට වරම් ලැබේවා! ඔබතුමා වර්තමාන ජාතියේ පියාණන්ය. ඔබ ලෝකපාලන දෙවියන් රකිවා! (නි)
පැරදුන අය නාවට අපිට මොකද? අපි සාර්ථකව සමුළුව පැවැත්වුවා.පැරදුන අය හිතේ අමාරුවට මොනවා ලිවුවත් ගණන් ගන්න එපා.පුළුවන් ඔච්චරයි. (නි)
විදුරු ගේක ඉද කැමරන් සුද්දා, ශ්‍රි ලාංකික අපට ගල් විසිකළ නිසා ,අපිත් අහුවෙන හැමවෙලේම ගල් විසිකරන්න පටන්ගන්න ඕනෑ. ශ්‍රී ලංකන් අපි ඔවුන්ට පාඩමක් දෙන්න පටන් ගනිමු. අපි කළු නිසා බයද? ලෝකයට පෙන්නමු ශ්‍රී ලංකන් අපි බය නැති ජාතියක් කියලා. (නි)
කවුරු කොහොම කිවුවත් අපි අපේ හැකියාව ලොවටම පෙන්වා දුන්නා. බලවතුන්ගේ ගෙරවිලි හමුවේ දණින් නොවැටෙන ජාතියක් බව. බ්‍රිතාන්‍ය අගමැතිට විදුරු ගෙවල් වල ඉදලා ගල් ගහන්න එපා කියන්න තරම් අපේ ජනපතිතුමා නිර්භය වුණා. ඔබට දිගාසිරි ජනපතිතුමනි. (නි)
කැනඩාව වගේ රටවල් කොච්චර දඟලුවත් චෝගම් එක තිබුණා. කැමරන් තර්ජනයක් දාලා ගියත් මිනිහා දන්නවා ඒවා පුහු වචන බව, කවුන්සිලයේ චීනය, රුසියාව, කියුබාව ආදී රටවල් ඉන්නකල්. කමල් කියනවා වගේ ත්‍රස්තයින්ට උදවු කරන රටවල් කවදත් කොටින්ගේ පැත්තේ නිසා චෝගම් තිබුනා නොතිබුනා කියලා වෙනසක් නැහැ. බ්‍රිතාන්‍යය හැදුවෙත් මේ ජනාධිපතිතුමාගේත් 'අත අඹරවන්න' තමයි. නමුත් අපි කොන්දක් ඇති ජාතියක් බවත් අපේ ජනාධිපතිතුමා තර්ජන වලින් යටකරගන්න පුළුවන් කෙනෙක් නොවන බවත් ඉතාම තීරණාත්මක ස්වරූපයෙන් ලෝකයට පෙන්වා දුන්නා මේ සමුළුව. (නි)
දැන් ඉතින් චෝගම් නාඩගම අවසානය. බෙන්ස් කාර් නාඩගම මීළගට ...... (නි)
චෝගම් සාර්ථක හෝ අසාර්ථක කියා අර්ථයක් නොමැත. පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවතුනා, ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය සාකච්චා කරමින් එය අවසන් වුණා. නමුත් මෙම සමුළුව මුලික කරගෙන කොටි ත්‍රස්තයන් නම් තම ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රචාරක වැඩ කටයුතු කීපයක් කරගත්තා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උසස් ඝණයේ රාජ්‍ය නායකයෙක් ලෙස ලෝකයටත් තම ජනතාවටත් පෙන්නුම් කළා.. (නි)
චිරන් ජයතු ජනපතිතුමනි! ඔබ මගේ කාලයේ පැවති යුද්ධය අවසන් කළ එකම දකුණේ නායකයාය.මාගේ දරුවන්ට ලංකාවේ යුද්ධයක් අතීතයේ තිබුණා යැයි මා හට බිය නැතුව කීමට දැන් පුළුවන්. ඔබ චිරාත් කාලයක් වැජඹේවා! (නි)
ඔබේ නිර්භීතභාවය රටේ අනාගතයයි. සිංගප්පුරුවෙ සිට සුබ පැතුම් ! (නි)
ජනාධිපතිතුමනි, ඔබ ශ්‍රේෂ්ඨ, නිර්භීත දැක්මක් තිබෙන නායකයෙක් බව ලොවට පෙන්නුවා. ඔබට සුභ උපන් දිනයක්! කැනඩාවේ ජීවත්වන මම ඔබගෙන් ඉල්ලන්නේ කරුණාකර හොඳ හැකියාවක් තිබෙන කෙනෙක් මෙහෙ තානාපති කර එවන්න කියායි. කැනඩා රජය සමග කතා කරන්න පුළුවන්, ලියන්න පුළුවන් කෙනෙක් අවශ්‍යයි. අපේ රටට අවැඩක් කරන්න කිසිම කෙනෙකුට අපි ඉඩ දෙන්නේ නැහැ. එහෙත් ඒ සඳහා කටයුතු කරන්න පුළුවන් දක්ෂයෝ අපට අවශ්‍යයි. (නි)
ඇත්තටම සමුළුව සාර්ථකද? පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල් 53න් පැමිණියේ රාජ්‍ය නායකයන් 27ක් පමණයි. කැනඩාව නැතිවුනත් අපේ අසල්වැසි බලවතාගේ නොපැමිණීම බලපෑවේ නැතැයි කිව හැකිද? අපට මෙම සමුළුව සංවිධානය කිරීමේදී වැරදුන තැන් ඇත. ඉන් ප්‍රධානම දේ චැනල් 4 නාලිකාවට වීසා දීමයි. ඔවුන්ගේ පැමිණීමෙන් අප ලොවට දිය යුතු පණිවිඩය ආක්‍රමණය වී ඇති බවක් පෙනෙයි. (නි)
අද සමහරු මහින්දට මඩ ගැහුවත් එතුමා ලාංකික ඉතිහාසයේ මෑත කාලයේ සිටි විශිෂ්ටතම නායකයා වී ඇත. කවර හෝ දිනක අනාගතයේ මෙරටට බරපතල ගැටළුවක් ඇතිවන සෑම විටක නිසැකවම දුටුගැමුණු රජතුමා මෙන් මෙතුමා ජනතාවගේ සිහියට එනු ඇත (නි)
ලබන අයවැයෙන් පස්සේ සාර්ථක නෙමේ අතිසාර්ථක වෙනවා අපි පිටරටවල උපයන සල්ලි ලංකාවට එවන්නේ නැත්තේ ඒ සල්ලි වල වටිනාකම දන්නේ අප පමණක් බැවිනි . (නදී)
යොහාන්, ඔබ හරි (නි)
නව සභාපතිතුමාට සුභ උපන් දිනයක් වේවා! (නි)
චෝගම් ලංකාවේ තියල ඉල්ලන් පරිප්පු කෑවා වත්ද?(දිල්)
හැම දේම දිහා වපරෙන් බලන අයට හොඳ දෙයක් වුනත් පෙන්නේ නරක විදියට (දිල්)
අපේ රටට හොද කාලයක් ජය වේවා(දිල්)
කවුරු කොහොම කීවත් අපි අපේ හැකියාව ලොවටම පෙන්වා දුන්න. බලවතුන්ගේ ගෙරවිලි හමුවේ දනින් නොවෙටෙන ජාතියක් බව. බ්‍රිතාන්‍ය අගමැතිට විදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා කියන්න තරම් අපේ ජනපති තුමා නිර්භය වුන. ඔබට දිගාසිරි ජනපති තුමනි.(දිල්)
අපේ ජනාධිපති නිර්භීතයි.අපිටත් ආඩම්බරයක් මේ වගේ කොන්දක් ඇති නායකයෙක් පහළවීම. මිලිබෑන්ඩ් , හෙල්ගසන්, කැමරුන් දෙමළ ධන්ද ටික නිසි කෑහගන්නේ.මන්මෝහන් ගැනත්, සෝනියා ගැනත් කනගාටුයි. කොටි මරපු මිනිහත්, කොන්ග්‍රසයේ නායකයත් ඔවුන්ට අමතකයි.අවුරුදු 30 ක් මරුන මිනිසුන්ගේ දේ හොයන්ට කමරුන්ට බැරිද, ඉරාකේ ,ලිබියාවේ කරපු අපරාධ ඔවුන්ට සාපයක්ම වේවා.,අදටත් ඒ රට වල මිනිස්සු මැරෙනවා සත්තු වගේ. බටහිරයන්ගේ කපටිකම් නිසා. (ස)
ජගත් අසුබ විදිහට බලන්න එපා. අද අපේ රටේ යුද්දේ තිබුනා නම් ඔයා ඒකට යනවද.. කිසිම රටකට තනියෙන් දියුණු වෙන්න බැහැ. අසල්වාසීන්ගේ උපකාර ඕන .. (ස)
මට හිතෙන්නේ චෝගම් නොතිබ්බනම් හොඳයි කියල, දැන් බැලුවහම ප්‍රබල රටවල් කොටිගොඩට එකතු උනා(දිල්)
ඒ කියන්නේ ත්‍රස්තවාදී ප්‍රබල රටවල් ත්‍රස්තවාදීන්ගේ ගොඩේ කියන එකද?(දිල්)
සාර්ථක නොවී කොහොමද? සලකපු සැලකිල්ලට. (දී)
ඇති සාර්ථකයි (දී)
මේක තමා හෙළ ජාතියක අභිමානය (දී)
අපේ ජනාධිපති තුමා මහා කන්දක් වගෙයි. දේශීය සහ විදේශීය සුනඛයන්ගේ බිරුම් හඬට ඒ කන්ද පාත් වෙන්නේ නැත. ජනාධිපතිතුමාටත් රටට ආදරේ කරන සියලු නායකයින්ටත්, රටට ආදරේ කරන සියලු ජනතාවටත්, මගේ ආදර ලංකාවටත් සියලු දෙවි පිහිටයි. (ස)
මුලු ලොවටම සිංහල ජාතියේ නිර්බිත කම පෙන්වා දුන් ජාතියේ පියාණනි, අපි ඔබට සදා ණයගැතියි.ඔබට දීර්ගයුෂ පතමි. (දී)
රටේ බොහෝ අයගේ අදහස් අන්තවාදී වගේම ක්‍රියාකාරකම් අන්තවාදීයි. එක් එක් ජාතීන් අතර එක් එක් පුද්ගලයින් අතර තිබෙන මේ අන්තවාදී අදහස් පාලකයින් නොසිතිය යුතුයි.රටත් ජාතියත් නොව රටත් ජනතාවත් ලෙසින් සිතිය යුතුයි.යුද්ධය නිමාකාර උතුරේ ආරක්ෂාව තරකර ඇති අතර එම ප්‍රදේශවල පීඩා විඳි ජනතාවගේ විශ්වාශය පළමුව රජය කෙරේ ඇතිවන කටයුතු සිදුවිය යුතුයි.මෙසේ සාධාරණී කරණය වුවහොත් කිසිම ජාතියකට හෝ විදේශ රටවලට බලපෑම් ඇති කළ නොහැකියි.රටේ කැපී පෙනෙන දෙයට වඩා මිනිසාගේ මුලික අවශ්‍යතා සම්පුර්ණ විය යුතුය.ගැටුම් ඇති වන්නේ මිනිසාගෙන් හේතුව මුලික අවශ්‍යතා සම්පුර්ණ නොවීම.අපට මුළු රටම ඕන ඒත් අනෙකුත් ජාතීන් එපා යන මතයේ සිටින මෙම මෝඩ අන්තවාදීන්ට මෙය තේරුම් කරන්න අපහසුයි.කඩදාසි කොළ කල්ලටත් බයේ හැංගෙන අපේ සමහර අය විදේශ රට වලටත් යුද්ධ ප්‍රකාශ කරලා කතා කියන්නෙ. (ස)
අපි ලණුව ගිල්ල ද ? එහෙම නැත්නම් අපේ ලණුව චෝගම් ගිල්ලද? (නි)
ඇමෙරිකාව ඇතුළු සුද්දා ලෝකයට කරන විනාශය ස්වභාව ධර්මය විසින් හොඳට උත්තර දෙනවා. ආයෙත් ලඟදි ටෝපිඩෝ එකකින් ඇමෙරිකව බැට කෑවා. ළඟදීම කැමරන් ඇතුළු එංගලන්තයටත් ඔය ටිකම සිද්ධ වෙයි. ජනාධිපතිතුමනි, අද සිංහල දමිල බේදයක් නැතුව පාරේ බය නැතුව යන්නේ ඔබට පින්සිද්ධ වන්න. ඔබ සදාකල් දිනේවා. (ස)
මට නම් හිතෙන්නෙ ශ්‍රී ලාංකිකයන් වශයෙන් විශාල ජයග්‍රහනයක්. බෙදුම්වාදීන්ගේ බලාපොරොත්තු වුනේ ලෝකයම වර්ජනය කරයි කියලා. කොහොම වුණත් බොහෝ ලෝක නායකයෝ දෙගිඩියාවෙන් ඉන්න ඇත්තෙ. ලංකාව ඇතුලෙ විතරක් සිටින අපේ හුඟක් ජනතාවට ඒතරම් වැටහීමක් නැහැ, ජ්‍යාන්තර බලබෑම් ගැනැ. (නි)