මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරිම, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාවය ලබා දීම හා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල රුපියල් පන් දහස දක්වා වැඩිකිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවූ උද්ඝෝෂණය අවසානයේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ඇතුළු නිලධාරින් සමග පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පැවසීය.
මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසූයේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය සම්බන්ධයෙන් තමන්ට තනිව තිරණයක් පැවසිය නොහැකි බවයි. ඒ ගැන රාජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව ද ඔහු කීවේය. එසේම මහපොල ශිෂ්‍යාධාර රුපියල් පන්දහසක් දක්වා වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ශිෂ්‍ය දීමනා රුපියල් හාරදහසක් කිරිමට තිරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව සියයට දහයකින් වැඩි කිරීමට තීරණයක් ගෙන ඇතැයි ද, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාව ලබා දීමට කටයුතු කරගෙන යන බව ද ග්‍රේරු මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලඹේ කැම්පස් එක ගැනනම් මේ ගොල්ලන්ට තියෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාවක් ඉසෙඩ් ස්කෝර් එක පොඩ්ඩක් අඩුවුණු ළමයෙකුට පිටරට නොගිහින් මෙහෙදීම වෛද්‍ය උපාධිය ගන්න පුලුවන්නම් මොකද්ද වරද.?හොදයි ඔය මහලොකුවට බෙරිහන්දෙන අන්තරේ අනාගත දොස්තරලා ප්‍රයිවට් චැනල් එපා කියනවද නැහැනේ.ඔතන තියෙන්නේ තනිකරම කුහකකම. (බ)
දියුණු රටවල් දිහා බැලුවොත් ඒවා නොමිලේ අධ්‍යාපනය නොදෙන බව තේරෙනවානේ. රජයේ බැංකුවක් ගත්තත් පුද්ගලික බැංකුවක් ගත්තත් පාරිභෝගික සේවාවේ ගුණාත්මකබව වැඩි මොකේද? හැම දෙයක්ම රජයට සම්බන්ධ වුණා කියලා ඒවායේ ගුණාත්මකබව කොහොමද තීරණය කරන්නේ? (නි)
මට තිබෙන ප්‍රශ්නය මාලබේ වැහුවහම හැම ප්‍රශ්නයම විසඳෙනවද? එතකොට අනිත් පුද්ගලික උපාධි ආයතන තිබුණාට කමක් නැද්ද? ඒ වගේම ලංකාවේ ජාත්‍යන්තර පාසල් වල ඉගෙනගන්න ළමයි කොහෙද යන්න ඕනෑ? (නි)
මහපොළ රුපියල් 4000/= කරනවානම්, විශ්වවිද්‍යාල වල බඳවාගැනීම 10% වැඩිකරනවානම්, එච්එන්ඩීඒ එකට උපාධි සුදුසුකම දෙනවනම් තව මොනවද එකඟතාවයකින් තොරව අවසන් කියන්නේ. තවත් උසස්පෙළ සමත් තවත් ළමයි කට්ටියකගේ උසස් අධ්‍යාපනයට කෙලවන්න එකඟ නොවුන එකද? (බ)
තව ටික දවසකින් මේ ළමයි ඉල්ලන්නේ ලංකාවේ අනෙකුත් අන්තර් ජාතිකව පිළිගත් වෘත්තීය පාඨමාලාත් තහනම් කරන්න කියලා.මොකද උපාධියේ පොතේ දැනුම රැකියාවකට ගියාම ප්‍රායෝගිකව සම්බන්ධ කර ගන්න තමන්ගේ බැරිකම දන්නා නිසා.(ම)
මගේ මතයනම් වෛද්‍ය විද්‍යාල රජයේ විය යුතුයි. ඊර්ෂියාව නෙවෙයි . වෙනත් උපාධි වගේ නෙවේ. රෝගී ජිවිත සමගනේ මේ වගකීම (ම)
ග්‍රේරු කියන්නෙත් සල්ලි වලට උගන්නපු හොඳ දක්ෂ ගුරු මහත්මයෙක් (බ)
අපි ළමයින්ට ගහනවට විරුද්ධයි. ඒත් ඉල්ලන සියළු අසාධාරන දේවල් දෙන්න එපා. (නි)
ජාත්‍යන්තර පාසල් පුද්ගලික පාසල් වහන්න කියලා මේගොල්ලන් කියන්නේ නැහැ විජිත. ඒ මොකද මෙතනින් පිට වෙලා සල්ලි හම්බ කරගෙන තමන්ගේ ළමයින් යවන්නේ ඒවාට නේ. එතකොට පෙළපාලි ගියාද වත් මතක නැහැ. (ස)
ඔහොම යමු ..ඔහොම යමු.. හැමදේකටම විසඳුම් මානව හිමිකම් කොමිසම,පොලිස් කොමිසම තුළ තිබෙනවා නම් එයාලටම මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න දීලා අමාරුවේ නොවැටී පොලිසියට තියෙන්නේ පැත්තකට වෙන්න. මිනිස්සු මහමඟ හිරවෙලා පැයක් දෙකක් ඉන්නකොට එයාලාම මේ ප්‍රශ්න විසඳාවි (නි)
පුද්ගලික විශ්ව විද්‍යාල හැම විෂයකටම අවශ්‍යයි. මෙය කාලීන අවශතාවයක්. අපි පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවනවාට කැමතියි. (නි)
පද්මිණි, එතකොට අනෙක් දියුණු රටවල දක්ෂ වෛද්‍යවරු ඔක්කොම ඉගෙනගත්තේ රජයේ වෛද්‍ය විද්‍යාල වලද? (නි)
ලංකාවේ බහුතරයක් වූ වරප්‍රසාද නොලත් සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ඔවුන් කරන අරගලයට ලාංකීය ජනයා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයට ප්‍රණාමය සහ සහයෝගීතාව දැක්විය යුතුයි.රජය මේ සම්බන්ධයෙන් තවමත් සමහර කරුණු සදහා පොරොන්දු මට්ටමේ උත්තර දී ඇතත් ඒවා ඉටුකරන ආකාරය ගැනත් සළකා බැලිය යුතුයි (නි)
ලෙයින්, කඳුලෙන්, සුසුමෙන් හා ජීවිතයෙන් අතීතයේ ඔබ කළ ඒ කැපකිරීම් ඒ ඉතිහාස කතාවල සදාකාලිකවම නොනැසෙන ලෙස ලියැවී තිබෙනවා. ඔබ සැමට ජයම වේවා!!! (නි)
අපි පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවනවාට කැමතියි. මේ උපාධිධාරින් බහුතරය කුහකයන්.(ම)
අමිත්, දොස්තරලා ප්‍රයිවට් චැනල් කරන එක නැවත්තුවොත් ඔය ඔක්කොම ලෙඩුන්ට හෙම්බිරිස්සාවටත් ආණ්ඩුවේ රෝහලටයි යන්නේ වෙන්නේ. ඔයාටත් එහෙමයි. ඔයා ඒකට කැමතිද? දැනටත් ආණ්ඩුවේ රෝහල් වල පැය ගණන් පෝළිමේ ඉන්න ඕනෑ. ඒ තරමට ලෙඩ්ඩු. ඔයා කී දවසක් ආණ්ඩුවේ රෝහලකට ගිහිල්ලා තියනවද? (නි)
ඉගෙනගන්න ආසාව තිබෙන හැම කෙනෙකුටම, ඒක ඉෂ්ට කරගන්න ක්‍රමයක් තියෙන්නම ඕනෑ. ඒක වළක්වන එක ලොකු අපරාධයක්. අධ්‍යාපන ආයතන ආණ්ඩුවේද, පුද්ගලිකද නෙමෙයි බලන්න ඕනෑ. ඒකෙන් දෙන අධ්‍යාපනය නියමිත ප්‍රමිතියට තිබෙනවද කියන එකයි. (නි)
අන්තරය ගෙනයන නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සහ වැඩිපුර සිසුන් බඳවා ගන්න ලෙස කරන ඉල්ලීම මඟින් ලකුණක් දෙකක් අඩුවන ළමයින්ට විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්ථාව ලැබෙනවා. (නි)
මම නම් කියන්නේ මේ යන විදිය හොඳයි. ඉල්ලන ඉල්ලන සියළු ඉල්ලීම් දෙන්න අවශ්‍ය නැහැ (නි)
දැන් ඊළඟට මොනවා වෙයිද? (නි)
නොමිලේ අධ්‍යාපනයත් ලබාගෙන, එ්ක මදිවෙලා රජයෙන් ලැබෙන පිං පඩියත් වැඩිකර ගන්න තමයි මේ අය විප්ලව කරන්නේ? අනේ මෙහෙමත් විප්ලව වාදියෝ? (බ)
මේගොල්ලන්ගේ න්‍යායේ හැටියට ලංකාවේ වෙන කිසිම කෙනෙකුට මොකුත් ඉගෙනගන්න අයිතියක් නැහැ. මේ කුහකකම නිසා ඉදිරියට මේ අයගේ ළමයෙක් එක්ක ආශ්‍රයටවත් අපේ ළමයෙකු යවන්න නරකයි. (නි)
දැන් මෙයාලා නැවතත් උද්ඝෝෂණ කරන්න පටන්ගනීද දන්නෙ නැහැ (නි)
මේ විරෝධතා වල එක් පැත්තක් නම් ද්වේශය,වෛයිරය සහ ඊර්ෂ්‍යාවයි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගන්නා සමහරු පැදුරටත් නොකියා පිටරටවල සේවයට යයි. සමහරු රැකියා ලද පසු තමාට ඉගෙනගන්න වියදම් කළ මිනිසුන් සූරාකයි. ඔය සිසු සිසුවියන් අනාදිමත් කාලයක් තිස්සේ කරන උද්ඝෝෂණ එළියට ආපසු ක්‍රියාවට නැඟුවේ නම් අද ශ්‍රී ලංකාව තිබිය යුත්තේ කොතනද? (නි)
ඇයි මේ දරුවන් මෙතරම් ආත්මාර්ථකාමී වෙන්නේ? (නි)
මෙහෙම උපාධිධාරී පරම්පරාවක් ඉතිහාසයේ නම් බිහිවෙලා නැතුව ඇති. මේ විදියට මේ කට්ටිය රටේ මිනිස්සු නෙමෙයි, තමන්ගේ පවුලේ කෙනෙක් යමක් ඉගෙනගන්නවාටවත් කැමති නැතුව ඇති (නි)
පෞද්ගලික වෛද්‍ය පීඨය ගැටළුවක් නැහැ. ප්‍රශ්නය ඒකෙන් පිටවෙන දොස්තරලාගෙන් බෙහෙත් ගන්න රෝගීන්ට වෙන අකරතැබ්බ වලට කවුද වගකියන්නේ කියන එකයි. දැනටමත් පෞද්ගලික රෝහල් වල තත්ත්වය පේනවනේ. (නි)
ග්‍රේරු මහතාගේ විදුල ප්‍රශ්න පත්‍ර පොත අපිට තවමත් සුන්දර මතකයක්. ඉතිරිව ඇති දෙදහසකට වඩා අඩු වෛද්‍ය පුරප්පාඩු සඳහා බඳවා ගන්නේ ඉදිරි වසරවල උසස්පෙළ ලියා ඉහළ ලකුණු ගෙන රජයේ වෛද්‍ය විද්‍යාලකින් නියමිත පුහුණුව ලැබූ අයද, නැත්නම් මාලබේ අයද කියන එක තීරණය කරන්න රජයට බාරයි. (නි)
ඊළඟට ඉල්ලයිද දන්නේ නැහැ රජයේ සරසවි සිසුන් ඇරෙන්න රටේ වෙන කාටවත් මළපොතේ අකුරක්වත් කොහෙන්වත් ඉගෙනගැනීම සහ රැකියාවක් සොයාගැනීම තහනම් කරන්න කියලා. (නි)
මේ උපාධිධාරින්ට උපන්ගෙයි ඊර්ෂ්‍යාව වගෙයි. තමන්ට වැඩිය රටේ වෙනත් මිනිස්සු ඉහළ යයි කියලා බයයි. හොඳයි දැන් මේ අයගේ දරුවෙකුට ලකුණු මදිවෙලා සරසවියට යන්න බැරි වුණොත් කොහොමහරි වියදම් කරලා පුද්ගලික අධ්‍යාපන ආයතනයකින් හරි වැඩිදුර ඉගෙනගන්න තල්ලු නොකරාවිද? (නි)
මෙහෙම වෙයි කියලා දැනගෙන හිටියා නම් කන්නන්ගර මහත්තයා කීයටවත් නිදහස් අධ්‍යාපන පනත ගේන එකක් නැහැ. (නි)
දැන් මේ අය කියන හැටියට රටේ මිනිසුන්ට සල්ලි දීලා හරි යමක් කමක් ඉගෙනගන්න නරකයි. හැබැයි ලැජ්ජාවක් නැතුව අනෙක් උදවියගේ බදු සල්ලි වලින් දෙන මහපොළ වැඩි කරන්න කියනවා. මම නම් දෙවියන්ට කියන්නේ මේ ප්‍රතිලාභ එක්ක හරියට නියමිත විදියට ඉගෙනගැනීම නොකළොත් ඔක්කොම වරප්‍රසාද අහෝසි කරන්න ලොක්කන්ට සිතේවා කියලයි. (නි)
ඇත්තමයි. මේ කට්ටිය තමන්ගේ සහෝදරයෙක්වත් යමක් ඉගෙනගන්නවාට, ඔවුනට යහපතක් වෙනවාට කැමති නැතුව ඇති කියලා හිතෙනවා මෙහෙම බලද්දී (නි)
ඉල්ලන ඉල්ලන හැමදේම දෙන්න බැහැනේ (නි)
හරියට බැලුවොත් මාලබේ ඉගෙනගන්න අයට මේ අයට වඩා, බුද්ධිමත්කම් ඉහළින් තිබෙනවා. මේ අය මොකක්හරි පක්ෂයක් බදාගෙන පෙළපාලි යයි. (නි)
අනාගත දරුවොත් මේ වගේම වෙයි. පන්තියේ අනෙක් ළමයාට ටියුෂන් ගන්න සල්ලි තියනවා නම් ඒකටත් ඊර්ෂ්‍යා කරාවි. (නි)
මේ කුහකකම නිසා තමයි මේගොල්ලන්ට පුද්ගලික අංශයේ රැකියාවක් කරන්න බැරි. මොකද පුද්ගලික අංශයේ එකිනෙකා අතර සුහදව ප්‍රශ්න විසඳන්න බැරි උදවියට අත්‍යවශ්‍ය කුසලතාවක් අඩුයි කියලයි සැළකෙන්නේ. (නි)
මේ කට්ටියට මහපොළ ඇතුළු රජයේ සරසවි පහසුකම් ලැබෙන්නේ මාලබේ ළමයින්ගේ මව්පියන් ඇතුළු රටේ අනෙක් මිනිසුන්ගේ බදු මුදල් වලින් නේද? ඒ කරුණ මතක නැහැ (නි)
මම ඒගොල්ලන්ගෙන් අහන්නේ තමන්ගේ බාල සහෝදරියකට රජයේ සරසවියට ලකුණු මදිවුණොත් අඩුගානේ උපාධියකට සුදුසුකම් ලැබෙන පාඨමාලාවකටවත් යවන්නේ නැද්ද? (නි)
අනුන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම වළක්වන එක බොහොම වැරදි වැඩක් (නි)
අනේ විමල්, අපෙන් මොකුත් අහගන්න එපා. පුද්ගලික අංශයේ වැඩ කරමින් ලැබෙන සොච්චමෙනුත් බදුගෙවන අපි තමයි කිසිම වරප්‍රසාදයක් නැති අය. (නි)
කුහකකමට ඊර්ෂ්‍යාවට තිත තැබියයුතු කාලය එළඹිලා. නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථය නැති හැකි සියල්ලන්ට අධ්‍යාපන වරප්‍රසාද සමව ලබාදීම මිස තව කෙනෙකුගේ ඉගෙනීමේ අයිතිය අහිමිකිරීම නෙමෙයි. නිදහස් අධ්‍යාපනය කියන්නේ කාගේවත් බුදලයක් අයිතියක් නෙමෙයි. මානව හිමිකම් තියෙන්නේ මෙයාලට විතරද? (නි)
කෙනෙක් මහන්සිවෙලා හරිහම්බ කරන එක වැරදිද විමල්? වරප්‍රසාද ලැබෙන්නේ තමන්ගේ මහන්සියෙන් වැඩකළවිටයි. දැන් ඔයාලා සරසවියෙන් පිටවුණාම සල්ලි හම්බකරන්නේ නැද්ද? අනුන්ගේ යසඉසුරු වලට ඊර්ෂ්‍යා කරලා මොනවද ලැබෙන්නේ? (නි)
විමල්, ඔය උපාධිධාරීන් එතකොට පසු කාලයක සල්ලි හම්බ කරලා වරප්‍රසාද සහිත පන්තියට යන්නේ නැද්ද? සරසවියෙන් පිටවුණ ගමන් පොහොසත් කෙනෙකුගේ දුවක් කරකාර බඳිනවා. ඊටපස්සේ උද්ඝෝෂණ වර්ජන මොකුත් මතක නැහැ. (නි)
අනේ විමල්, ඔයා වගේ කට්ටිය තමයි දැන් ධනපති පන්තියේ මුතුන්මිත්තන් සාදරයෙන් මතක් කරලා , රැකියාවට ගිහින් සල්ලි අතේ ගෑවෙනකොට පීඩිත පන්තිය කියන්නේ මොකද්ද කියලා ළඟ ඉන්න කෙනෙක්ගෙන් අහන්නේ! (නි)
මට නම් මේ ඉල්ලීම් වල අසාධාරණභාවයක් පෙනෙන්නේ නැහැ (නි)
අපි ගෙවන බදු සල්ලි වලින් එයාලා මහපොළ ඉල්ලන්නේ හරියට ඒක එයාලගේ බුදලය වගේ හිතාගෙනනේ. මාලබේ එක වගේ තව දෙක තුනක් හැදෙන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ (නි)
මාලබේ එක වගේ කීපයක් අරින්න ඕනෑ. ඒක වහන එක කුහකකමක් හා මෝඩකමක්. කොහොමටත් වෛද්‍යවරු කෙනෙක් ඉගෙනගන්නවට කැමති නැහැ. (නි)
බලාගෙන ඉන්න කවදාහරි තමන්ගේ දරුවෙකුගෙන් තමයි වපුරපු දේවල් වල අස්වැන්න නෙළාගන්න ලැබෙන්නේ. (නි)
මෙයාලා කොච්චර නැටුවත් එයාලට රස්සා දෙන්න ආයතන කැමති නැහැ. (නි)
දොස්තරලා ප්‍රයිවට් කළාට රජයේ හොඳ විශ්වවිද්‍යාලයකින් හරියට ඉගනගෙන තියෙන්නේ. මේ ප්‍රයිවට් ඒවගේ කරන්නේ බිස්නස් මිසක් හරියට අධ්‍යාපනයට මුලිකත්වය දෙන්නේ නෑ. අන්තිමට ලෙඩ්ඩුන්ට බුදු සරණයි. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නය. ඉරිසියාව නෙවෙයි. (බ)
පිටරට වල ප්‍රාථමික අධ්‍යාපනය හදාරලා උසස් අධ්‍යාපනය සඳහා ලංකාවට එන දරුවන් ගොඩක් ඉන්නවා. ඒ වගේ අයට මාලබේ එක වගේ තව ගොඩක් ආයතන අවශ්‍යයි. (ම)
විශ්ව විද්‍යාලයට ගිය පසුව තමන්ට වඩා ලකුණක් දෙකක් අඩු වූ තම මිතුරන් හතුරන් කරන ඊනියා /කුහක /අවස්ථාවාදී මිනිසුන් බිහිකිරීමද ශිෂ්‍ය සටන් මෙහෙය වන්නන්ගේ අරමුණ. ඇයි ඒ දරුවන්ටත් උසස් අධ්‍යාපනයක් ලබන්න අවස්ථාව දුන්නම මොකද වෙන්නේ අඩුම වශයෙන් පළාතකට එක බැගින් වත් නව අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාල පිහිටුවා දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදී ඇති හැකි අයගෙන් මුදල් අයකර හෝ සිප් සතර දිය යුතුමයි.එයයි මගේ පරම පැතුම (ම)
මේ කුහකකම් දැක්කම මටනම් පෙනෙන්නේ අපේ බහුතරය කුහකයන් මිස බෞද්ධයන් නොවන බවය. (ම)
කුරුටුගාමියෝ දෙකක් දැගලුව අවශ්‍ය කරන දේ ලැබුනේ නැහැ. මොකක්ද බිල්ල. (බ)
අමිත්,මම ඔබ සමඟ එකඟයි. (නි)
මට නම් තේරෙන්නේ නැහැ මාලබේ ඇති වැරැද්ද මොකක්ද කියලා (නි)
මේක කුහකකමවත් ඊර්ෂ්‍යාවවත් නෙමෙයි. දැන් සියලුම දේ පෞද්ගලිකරණය වෙනකොට අධ්‍යාපනයත් පෞද්ගලිකරණය වෙලා, රජයේ රෝහල් තත්වයට කවදාහරි පත්වේවි. රජයේ රෝහල් වල හැමදාම බෙහෙත් නැහැ වගේ අධ්‍යාපනයේත් තිබෙන ගුණාත්මකභාවය නැති වේවි. නිදහස් අධ්‍යාපනය රැකගෙන එය වැඩිදියුණු කිරීම මහ ජනතාවගේ වගකීම. (නි)
පන්තියේදී තමන්ගේ සටහනක්වත් අනෙක් අයට නොදුන් අපේ පාසලේ කෙනෙක් දැන් දොස්තර කෙනෙක්. ලකුණු 2 ක් මදිවුණ අපේ තවත් මිතුරෙක් ගෙදරට බරක් වෙන්න බැහැ කියලා පුද්ගලික බැංකුවක රැකියාවකට ගියා. අර දොස්තර ළඟදි හමුවුණ වෙලාවක මට කියනවා "අපි ඩොක්ටර්ස්ලා වෙලත් තවම ගෙයක් ගත්තේ නැහැ. අර කැම්පස් යන්න බැරිවුණ මැට්ටා තට්ටු දෙකේ ගෙයක් එක්ක වාහනයකුත් අරන්" කියලා. පේනවානේ කුහකකමේ මහත! (නි)