කැලණි සරසවි සිසුහු දහසකට වැඩි පිරිසක් මහ වැස්සේ තෙමෙමින් කැළණියේ සිට පැය හතරක පා ගමනකින් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණ පාරේ වාඩි වී සිටියහ.
ඔවුන්ගෙන් නියෝජිතයින් හය දෙනෙක් ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනී මහාචාරීනී ක්ෂාණිකා හිරිමුරේගම සමඟ පැයක පමණ සාකච්ඡාවක් පැවැත්වුහ.
කන්නන්ගර නේවාසිකාගාරයට එල්ල වු මැර ප්‍රහාරය,ශිෂ්‍ය මර්දනය ,නව අභ්‍යන්තර පිරිමි නේවාසිකාගාර ලබා දීම ,කාන්තා නේවාසිකාගාරවල රැස්වීම පැවැත්වීමේ නිදහස තහවුරු කිරීම හා සරසවිය තුළ නිදහස තහවුරු කරන්නැයි ඔවුන්ගේ ඉල්ලීම් විය.
සාකච්ඡාව අසාර්ථක වී යැයි කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කිංස්ලි ගුණරත්න සිසුවා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන තැනකට ආපු අයම තමයි ඒ නිදහස් අධ්‍යාපනයට වල කපන්නේ.මේ දාලා තියෙන අදහස් බලපුවහම ඒ අය ගැන අනේ අපොයි කියලා හිතෙනවා. (නි)
අනේ මන්දා මේ ගොල්ලෝ යන්නේ ඉගෙන ගන්නද නැත්නම් කැම්පස් එකේ රැස්වීම් පවත්වන්නද (දී)
අපේ රටේ අනාගත පරපුරේ සුරක්ෂිත බව මේවායින් හොඳට පැහැදිලි වෙනවා. ඉතින් දේශපාලකයෝ යහතින් වැජඹෙනවා. (නි)
දැන් අන්තරේ පොස්ටර් ගහන්නේ ඉංග්‍රීසි වලින්..මේක කාටද පෙන්නන්න ඕනෑ කියන එක ඒකෙන්ම පේනවා.. (නි)
කැම්පස් යන කාලේ ගන්න සතුටුදායක අත්දැකීම් වලින් එකක් තමා මේකත්.. (නි)
අසරණ දෙමව්පියන්ගේ අසරණ දරුවෝ, මරුවෝ රැලකට මැදිවෙලා විදින දුකක් (නි)
මේකට නාවොත් වෙන දේ කියන්න ඕනෑ නැහැනේ.. (නි)
උද්ඝෝෂණයක්වත් නොකළා නම් නියමෙටම තිබේවි (නි)
බන්දුල පෙරේරා කියන්නේ දුප්පත් අසරණ මිනිසුන් සමඟ බද්ධ වෛරයෙන් පසු වෙන මානසික ලෙඩෙක්.උපතින්ම මොලේ අමාරුවක් තියෙන මානසික ලෙඩෙක්.මේ මනුස්සයා ඇත්ත බොරුව කරලා, අසාධාරණය සාධාරණය කරනවට සහ සපත්තු ලෙව කනවට මාසේ අන්තිමට හොද වැටුපක් ලැබෙනවා.ඒ විතරක් නෙමෙයි සති අන්තයේ ඩවුන් සවුත්වල හොඳ හොටෙල් එකකින් කන්න බොන්නත් ලැබෙනවා.ඔය ඔක්කොම ලැබෙන්නේ මහජන මුලින්ම නිසා ප්‍රශ්නයක් නැහැ.ඔයිට වඩා හොඳ නැද්ද කොලයක් එළලා මහා පාරේ හිඟා කෑවා නම්.ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තේම නැද්ද. (ස)
මේ රජයෙන් අධ්‍යාපනය විනාශ කරනවා වගේ (දී)
අඩු ගණනේ යුජීසී සභාපති එක්ක සාකච්චා කරන්න ලැබීම ගැන හිතලා සතුටුවන්න. අපට නම් ඒ කාලේ ඔච්චර දුරක් පයින් එන්න දුන්නේ නැහැ.මගදීම කදුළු ගෑස්, බැටන් පොලු පාරවල් තමයි ලැබුනේ. (නි)
මේවට යන කාටවත් උපාධිය දෙන්න හොද නැහැ(නි)
මොවුන් රටේ අධ්‍යාපනය විනාශ කරලා තියෙන්නේ දැනටම.මොවුන් පාර්ලිමේන්තුවට යැවුවේ අපේ මිනිස්සුම තමා. (ස)
අපේ රටේ තමයි මේ හැම විකාරයක්ම.නිදහස් අධ්‍යාපනය නිසානේ මේ තරමක් නටන්නේ.කෝ මේ වගේ දේවල් පෞද්ගලික විශ්ව විද්‍යාල වල තිබේද? (නි)
දුප්පත් අහිංසක සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරලා නැති නිසා මැරයන් නේවාසිකාගාර වලට කඩා වැදී පහර දෙනවා.ඔවුන්ට නේවාසිකාගාර පහසුකම් ද නැත.මේ සිසුන්ට පාලකයෝ දක්වන්නේ කුඩම්මාගේ සැළකිල්ලය.පාලකයන් ඔවුන්ගේ ඉල්ලීම් වලට කන් දෙන්නේ ද නැත.දැන් ඉතින් ඔබලාටත් තියෙන්නේ ජාත්‍යන්තරයේ පිහිට පැතීම පමණි.අපිට ඔබලාට අනුකම්පා කිරීම හැර කළ හැකි අන් දෙයක් නොමැත. (නි)
සුනෙත් හරි. කැම්පස් එකේ රැග් එකේදී පටන් ඉංග්‍රීසිය අරහං කරන්න හදන අය මොකද මේ ඇත්තටම ඉංග්‍රීසියෙන් පෝස්ටර් ගහන්නේ. මෙතන වාඩි වෙලා හිටියට හැමෝම හැම දෙයකටම එකග නැහැ. බයට තමයි එන්නේ. මෙතන ලියන කැම්පස් ගිය මා ඇතුළු අනිත් අයත් ඉදගෙන ඉන්න අයත් ඒක දන්නවා. මොවුන් වැරදියි හෝ වෙනත් පාර්ශවයක් වැරදිය කියනවා නොවෙයි. රටම වැරදියට තමයි යන්නේ හැමෝම වගකියාගන්න අවශ්‍යයි. යහ පාලනය, නීතිය හරියටම ක්‍රියාත්මක වන්නේ නම් මැනවි. (නි)
ඇවිද්ද පය දෙදහසක් වටී කියලා කියනවානේ. අනේ අසරණ දෙමව්පියෝ! (නි)
බන්දුල අයියේ, මේ රට දියුණු කරන්න පුළුවන් ඔයාලා වගේ කට්ටියට පමණයි (නි)
නුඹලාගේ ගෙලට තොන්ඩුව වැටුන දාට නුඹලා කියයි ඔවුන් හරි යැයි කියා. නමුත් එවිට ප්‍රමාද වැඩි යි. (නි)
මොවුන් හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්නේ කොන්ඩේ බැදපු චීන්නු කියලා (නි)
මේ හැමදුරුවරුන්ගේ කොන්ඩ මොකද මෙච්චර...සාසනේ ඉවර වෙන්නේ මේ ගිහි සිසුවෝ අස්සේ හැමදුරුවරුන්ව දාල කරන මේ අනුවන වැඩෙන් තමය්..උපාදිය අරන් එලියට එන්නේ සිවුරත් ගලවල කසාදෙත් කරගෙන.(අ).
වසන්ත,සල්ලි දීලා ඉගෙන ගන්න කිවුවා නම් මේ කතා මොකුත් නැහැනේ.ඒ ගැන මොකද ඔබතුමා කියන්නේ? (නි)
ගැහුවද ගහගත්තද කියලා හරියටම කාටද කියන පුළුවන්? (නි)