
(ඉන්දිකා රාමනායක)
වැලිකඩ ප්‍රදේශයේ දී අයිස් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබු ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් හා රුපියල් 25,300 ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටුව හා කෙසෙල්වත්ත යන පොලිස් ස්ථානවලට අනුයුක්ත රාජකාරි කරමින් සිටි දෙදෙනකු බව පොලිසිය පවසයි.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා ඉකුත් ජුලි මස 23 දින රාජගිරිය කොටුවේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට දී ඉහත සැකකරු පරික්ෂා කිරීමේ ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 තිබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථක නංවාගෙන ගොස් අතර මගදි ඉහත භාණ්ඩ බලහත්කාරයෙන් ලබාගෙන ඔහු මුදා හැර ඇත.
මේ සම්බන්ධයෙන් සැකකරු වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලට අනුව දීර්ඝ විමර්ශනයක් සිදුකර සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැකකරුවකුට සුද්දයක් දුන් පී.සී ඩබලට මාංචු