දැරණියගල නූරිවත්ත වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනයේ වගකීම බාර ගන්නා ලෙස අමිල නම් සැකකරු ක්‍රිෂ්ණවේල් රාජේන්දුන් නම් සැකකරුට පවසා ඇතැයි ද එසේ වගකීම බාර ගන්නේ නම් ඔහුට රුපියල් ලක්ෂ 15ක් දී ඔහුගේ පවුල ද බලා ගන්නා බව කියා ඇතැයි ද රහස් පොලිසිය අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.එච්. අනුෂ්ක සෙනෙවිරත්න මහතාට අද දැන්වීය.
ක්‍රීෂ්ණවේල්ගේ කටඋත්තර ලියාගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහු වෙනම රඳවා තබන්නැයි ද බන්ධනාගාරයට නියෝග කෙළේය.
බුලත්කොහුපිටියෙන් අත්අංගුවට ගත් සැකකරු සිද්ධියට සම්බන්ධ නොවන බව රහස් පොලිසිය දැන්විය. ඔහු නිදහස් කරන ලෙස මහේස්ත්‍රතිවරයා නියෝග කළේය.
කැබ් රථය අඩංගු නඩු භාණ්ඩ ගැන වාර්තා ඉදිරිපත් කරන ලෙස ද දැන්වීය.
අනිල් චම්පික විජේසිංහ (අතකොටා) ඇතුළු සැකකරුවෝ දැඩි ආරක්ෂාව මැද්දේ රැගෙනවිත් සිටියහ. ලබන 19 වැනි ද තෙක් සැකකරුවෝ නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම සල්ලි වලට ගන්න කාලේ ඕකත් මොකක්ද? (නි)
මේ අපරාද කරුවන්ට ඇප නොදී නඩුව අවසන් වනතුරු සිර කල යුතුයි දැඩි දඬුවම් දිය යුතුයි
මේ අයටද මේ මහා චණ්ඩි කියන්නේ අනේ රටකට ගිය කල. (නි)
එල්ලුම් ගහ එපා. මට වෑන් එකක් හොයලා දෙන්නකෝ සුදු පාට. (නි)
මේ හැම එකක් පිටුපසම පිරිත්නූල් යහමින් බැඳගත් දේශපාලුවෙක් ඇත. (නි)
වාස් හිරේට ගිය නිසා දැන් මෙයාලට රජ මගුල් වගේ ඇති. ඇත්තටම අපේ රටේ එල්ලුම් ගහ නැතුවා මෙන් නීතියේ සිදුරු වලින් අපරාධකරුවන් දින දෙකෙන් එළියේ. මේකට නියම බෙහෙත තමා වාස් දීලා තිබුනේ. ඇත්තටම අහිංසකයෝ හැර ඔය වගේ මැරයෝ රටෙන් ඉවත් කරන්න වාස් ගත්තු තීරණය හරි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා. (නි)
කෝ තවම හංගපු ආයුධ පෙන්නන්න රැගෙන ගියේ නැහැනෙ? (නි)
අයියෝ ලක්ෂ 15ක් මොනවා කරන්නද ? බැරිද ගාන ටිකක් වැඩිකරන්න. (නි)
සල්ලි වලට ඔක්කොම යටයි
මේ අයව එල්ලුම් ගස් යවනවා නම් මුලින්ම දේශපාලකයන්ව එල්ලන්න වෙනවා. අන්න එදාට තමා මේ ප්‍රශ්නය අවසන් වෙන්නේ (නි)
අපේ සීයා මට වතාවක් කිවුවා..දිග කලිසම් අදින්න,ඉංග්‍රීසි හා සාමාන්‍ය තරමෙවත් උගත් කමක් තියෙන්න ඕනෑ කියලා. මම නම් තාම අදින්නේ සරම. (නි)
ඇයි මේගොල්ලන්ව අයුධ පෙන්වන්න රැගෙන යන්න බැරි? (නි)
අත කොටාලව රකින 'අත දිගා' ලා ඉන්න බව පේනවා. කෙලෙහිගුණ සළකන්න ඉදිරිපත් වෙන්න ඇති, අත දිග හැරලා. (නි)
කෝ අත්කොටා කව්ද ?
තවත් නුරිවත්තක් කොස්ගම පැත්තේ තියෙනවලු. දැන් මුළු රටම නුරිවත්තක් බවට පත්වෙන ලකුණු තියෙනවා.රත්නපුර ත්‍රස්තවාදය මර්දනය කල යුතුය්. හැබය් එකට පන තියෙන නිලධාරියෙක් ඉන්න ඕන.
එල්ලුම් ගහ ක්‍රියාත්මක කළොත් ඊලග ඡන්දය කරන්න කට්ටිය කෝ? (නි)
මොවුන්ද මේ කියන චන්ඩි? (නි)
ඉතින් ඒකේ වරද්දකුත් නැහැනේ බලනකොට.කවුරු හරි හිරේට යනවා නේ.. (නි)
තවත් මොකට නඩු අහන්න ගේනවද? (නි)
අතකොටා මේවා කළේ කාගේ බලයකින්ද? ලංකා වටම නිවන් සැප ලැබේවි මෙහෙම ගියොත්. (නි)
බලනකොට මේ දැරනියගල ඉන්නේ මුළු ලෝකෙම නැති අපරාධකාරයෝ කට්ටියක්නේ (නි)
වෙනම රදවා ගන්නා ලෙස නියෝග කළාට වැඩිය හොද නැද්ද බන්ධනාගාරයෙන් පිට රදවන්න කියලා නියෝග කළා නම්. (නි)
කෑගල්ලේ මහඇමතිවරයා මේ සිද්ධි දාමය පිළිබදව වසර 15 ක් පුරාවටම දුටුවේ නැද්ද?නැත්නම් පාතාලයට රැකවරණ දුන්නාද?ඇයි මේ ගැන හොයන්නේ නැත්තේ. (නි)
මේ අයට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න. මේ අය නිදහස් කළොත් තව කී දෙනෙක්ගේ ජීවිත නැති කරයිද දන්නේ නැහැ. ස්වාමිනි, මේ අයට මරණ දඩුවම දෙන්න. (නි)
ඔන්න ඕකයි රටේ තත්වය. (නි)
ඔය වගේ අය අපේ සල්ලි වලින් දවසක් හෝ කන්න දීලා තියාගන්න එක අපරාදේ (නි)
කුලියට මිනි මරණ රටේ කුලියට හිරේ යන එකත් වරදක්ම නැහැ වගේ. (නි)
ඔය අතින් අල්ලන් යන්නේ, එයා තමයි අත්කොට, මෙයාට වැඩක් දෙන්න ඕනි,
මෙයාගේ අත කොටයි.එයාව දේශපාලනය හරහා ඉහළට අරන් තමන්ගේ වැඩ කරගන්න උදවු ගන්න ගමන් එයාගේ නරක වැඩ කරගන්න ඉඩ දීලා අවශ්‍ය තැනදී රැකවරණය සලසන දේශපාලුවන්ට ඉහ මොළ නැහැ. ජාතියක් ජම්මයක් නැහැ. (නි)
පත්තරේ දැන්වීමක් දාන්නනේ තිබුණේ (නි)
මෙයාගේ අනිත් අතයි කකුල් දෙකයිත් කොටකරලා දාන්නයි තියෙන්නේ (නි)
මේ ආකාරයෙන් තමයි මෝරු පැනයන්නේ. අතකොටාට කවුරුත් උදවු කරන්නේ නැහැ වගේ ,අධිකරණයට බොරු කළත් , ජනතාවට සහ හදවතට බොරුකරන්න බැහැ (නි)
අත කොට වුණාට වැඩ නම් කොට නැහැ (නි)
එල්ලුම් ගස ඉක්මනින් ගෙනෙන්න. තව ප්‍රමාද කිරීමෙන් අපරාධ වැඩිවේවි. (නි)
මුළු ලෝකෙම එක හඬින් කිව්වත් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න කවදාවත් ඒ වැඩේ නම් කරන්නේ නැහැ. අත්දුටුයි සත්‍යයයි (නි)
අපරාධකාරයන්ට නිදහස දෙන්න එපා (නි)
මේවට කෑ ගහන්න, වටලන්න කව්රුත් නැද්ද ? ඇයි අපට කුඩම්මාගේ සැළකිලි ? (නි)