නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් දණගැස්වූ නඩුවේ සිව් වැනි සාක්කිකරුගේ සිරුර අද එම විද්‍යාලය ඉදිරිපිට ඇති ළිඳකින් සොයා ගත් බව පොලිසිය කියයි.
නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් දණගැස්වූ නඩුවේ සිව් වැනි සාක්කිකරුගේ සිරුර අද එම විද්‍යාලය ඉදිරිපිට ඇති ළිඳකින් සොයා ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අනිත් සාක්ෂි කරුවනුත් බයවෙනවා, ඊට පස්සේ නඩුවත් ඉවරයි, සාක්ෂිත් ඉවරයි (නදී)
ඔන්න පේනවා නේද අපේ මිනිසුන්ගේ වැඩ? (නි)
රටේ ඉහළ ඉඳලා පහළට යනතුරු තත්ත්වය දැන් බොහොම කණගාටුදායකයි (නි)
කලකිරෙනවා (දී)
වැඩ පටන් අරගන වගේ! (නදී)
අපරාධ කරන අයට මරණ දණ්ඩනය දෙන්න ඕනේ කියල මිනිස්සු බෙරිහන් දෙනවා. අළු ගෝසුවෝ නැහැ කියල ලත වෙනවා. උසාවි වල නඩු ගොඩ ගැහිලා කියල මැසිවිලි කියනවා. ඔය යන්නේ වැඩේ ජයට. ඉස්සරහට අපිට මේ ජාතියේ නඩු තීන්ඳු ගැන තමයි අහන්න වෙන්නේ. (නදී)
වැඩ පටන් ගෙන වගේ (නදී)
අන්තිමට, ගුරුවරියගෙත්, සිරුරත් ළිදක, ගගක පාවෙයි ...? ඊට ප්‍රථම නිතිය ක්‍රියාත්මක කරමු . (නදී)
ගුරුවරිය නඩුව ගෙනිච්ච විදිහ අනුමත කරන්න බැහැ. පෞද්ගලිකව දේශපාලකයට පහර ගැහැව්ව එක වැරදියි. සදාරනයි කියනවා නෙවෙයි, මේක උනේ ඒ නිසා වෙන්නත් පුළුවන්. (නදී)
මේක වෙන හේතුවක් නිසා උන වෙන්නත් පුළුවන්. නමුත් සාධාරණ පරීක්ෂණයක් තියෙයි කියල මොකක්ද තියෙන විශ්වාසය? (නදී)
අදහස් කියන්න බයයි වගේ (නදී)
මේවාට වග කියන්නේ කවුද (දී)
අයියෝ කාට කියන්නද මේවා,වෛරයෙන් වෛරය නොසන්සිදේ (නදී)
අපි නිහඩව බලමු. මන්ද සිථිර වන්නේ අජිත් රෝහණ මහතා කියන දේ පමණක් නිසා (නදී)
මේ සිරුර මෙතනට ගෙනත් දාල මිසක් මෙතනට ඇවිත් සිය දිවි නසා ගැනීමක් වෙන්න බැහැ. මේක අනෙක් සාක්කි කරුවන් සහ පැමිණිල්ල බිය වැද්දීමේ චේතනාවෙන් කරපු දෙයක්. බලාපොරොත්තු වෙනවා පොලිසිය නිසි පරිදි කටයුතු කරවී කියල. (ස)
ඉ ලඟට 3 ද? (ස)
අපේ රටේ කෙළවරක් නැති පලිගැනීම් නිසා සුසිලා හේරත් ගුරු මහත්මිය සහ අනිකුත් සාක්කිකරුවන් පරිස්සම් වුනොත් හොඳයි, (ස)
කියන්න නම් තියෙන දේවල් බොහොමයි. නමුත් අපේ කටවල් බැදලා තියෙන්නේ. (නදී)
1,2,3 ටත් අබ සරණයි! ඔන්න ලංකාවේ දේශපාලනේ ආශ්චර්ය (නදී)
ඕක ඒ හැටි විශේෂ දෙයක් නෙවෙයි දැන් විරුද්ද වෙන හැමෝටම වෙන්නේ ඔය දේ තමයි. (නදී)
අනිකුත් සාක්ෂි කරුවන්ටත් පොලිස් ආරක්ෂාව හෝ කල්පනාකාරීව ජිවත් වීමට කාලය පැමිණ තියෙන්නේ . තංගල්ල නඩුවට සාක්කි දුන් අයටත් මෙයම සිදු වේය යනු මගේ හැගීමය (නදී)
දේශපාලකයින්ගේ නඩු වලට සාක්කි දෙන අනික් අයටත් මේක හොඳ පාඩමක් කරන්නට සිදු වුන දෙයක් වාගේ . නඩු අවනඩු කරන්නට මේවා නිසා පුළුවන් (දී)
ඔන්න ප්‍රතිපල , දැන් මේ ගුරුවරියගේත් ජිවිතේ අනතුරේද කියල හිතෙනවා (නදී)
ලංකාවත් දැන් ඉන්දියාව වගේ වෙලා (නදී)
කරුණාකර මේ නඩුවේ පැමිණිලිකාර ගුරුතුමිය සහ අයගේ පවුලට සහ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් සැමට ආරක්ෂාව සලසනමෙන් වග කියයුත්තන්ගෙන් ඉල්ලමි. එය සැමගේ යුතුකමකි.(දී)
අනේ ඔයිට මෙයිට මොකද අපි අද පාරේ බැහැල නිදහසේ යන්නේ යුද්දේ ඉවර වුන නිසා නේ ? ඔහොමවත් දෙයක් වුනේ නැති නම් ඇත්තටම ආශ්චර්යයක් වෙනවනේ (නදී)
කව්රුත් දන්නවා මේක මිනීමැරුමක් කියල.එකේ චුදිතයෝ ගැනත් හෝඩුවාවක් තියෙනව.එත් මේකට දේසපාලන හස්තයක් අවොත් කරලා හමාරයි.ලංකාදීප පත්තරේ මහා විසාල කාර්ය බාරයක් කරනවා.එකට අකුල් හෙලන්න එපා. ඒවගේම අර නැතිවුණා ළමය හොයාගන්න කරපු වීර ක්‍රියාව බැලුවහම මේ සිද්දියේ මිනීමරුවා හොයා ගන්න ඉතාමත් පහසුයි. (දී)
ප්‍රතිපල නිකුත්කරන්න පටන්ගත්තාවත්ද ? (නදී)
කාටද කියන්නේ මේ අවනඩු ? (නදී)
මිනිස් ජිවිතයක වටින කමක් නොදන්නා නොමිනිසුන්ට මොනවා කියන්නද? දරු පවුලක්ම අමාරුවේ වැටුණු පාපය ඔවුනුත් ස්වභාව ධර්මය විසින්ම විදවන දිනයක් උදාකරදේවි! (නදී)
ඔන්න ඕකයි රටේ තත්ත්වය (නදී)
මේකත් දේශපාලන කෙරුමක් නම් මට කියන්න තියෙන්නේ මේ රටේ කව්රු බලයේ සිටියත් මහා ජනතාවට සිදුවී තිබෙන්නේ බලය සිටින අයගේ සහ ඔවුන්ගේ ගැත්තන්ගේ පස්ස පැත්ත වුවද සේදීමට පිස දැමීමට සුදානම් විය යුතු බවයි (නදී)
අර මන්ත්‍රී කළා වෙන්න බැහැ නේද? (නදී)
සුසිලා මහත්මිය තාම ජීවතුන් අතර ඉන්න එක මීට වැඩිය පුදුමයක් (නදී)
ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නදී)
මේක තමයි ආශ්චර්යය. ඇත්ත කිව්වොත් අපේ ආරයේ උරුම පලිගැනීම් හා මරණයද? භයානකයි.(නදී)
අනේ මේක ඒ දනගස්සපු මහත්මයාගේ වැඩක් නම් නොවෙයි. එයා හතර පෝයටම සිල්ගන්න හොඳ බැතිමතෙක්නේ. (නදී)
දෙවියනි ඔබ කොහිද ?,,,බුදුනි ! ඔබවහන්සේගේ පා පහස ලද මෙරටේ අසරණ ජනයාට වේගන යන්නේ කුමක්ද (නදී)
මොන හේතුවක් උඩ මේ මරණය සිදු වුනත් මේ පුවතේ ව්‍යන්ගර්තය නඩුවට සාක්කි දුන් නිසා ඔහුව මරල ලිදට දැම්ම කියන එකයි..ඔන්න කට්ටියට හොද කට ගැස්මක්..බලමු දැන් කට්ටිය ඇහින් දැක්ක වගේ නඩුත් අහල තීන්දුවත් දීල වැඩේ අහවර කරන හැටි (නදී)
අනේ ලංකාවට ගිය කල. (දී)
ලොක්කා වැඩ පටන් අරගෙන වගේ. අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීම පොලිසියට බාරයි. (නදී)
නීතිය හරියට ක්‍රියාත්මක කළ යුතුයි (නදී)
අන්තර්ජාලයේ කියන විදිහට ඒ කියන්නේ "සාක්කි කරුවෙකුට ගහල දාල" කියන එකනේ. (නදී)
නීතිය දේශපලුවොන්ටත් යටයිද? (නදී)
ඉදිරියේදී දේශපාලකයන් රටේ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වංචා කලත්, ස්ත්‍රී දුෂණ කලත්, ළමා අපචාර කලත්, මිනීමැරුම් කලත්, රටේම ඉන්න ගුරුවරු දන ගැස්සුවත් පනට ආදරේ කරන කිසිම කෙනෙක් සාක්කිකරුවෙක් වෙන්නේ නැහැ. (නදී)
දැන් ඉතින් සාක්කි දීල ඉන්න දෙන්නෙත් නෑ වගේ. මම හිතුවේ මේ වගේ දේශපාලුවෝ ඉන්නේ ඉන්දියාවේ ෆිල්ම් වල පමණි කියලා (නදී)
හත් වාලාමයි, අර නඩුවේ සාක්කි දුන්නට දීපු දඬුවමක්වත්ද? (නදී)
රටට අබ සරණයි (නදී)
මෙයා සමහර විට මිනීමැරුමක්ක් විය හැකිය. (නදී)
අපේ රටට වෙලා තියෙන දෙයක් රටේ ඉන්න කිසිම කෙනෙක්ට මේ තත්වය තේරුම් ගන්න බැහැ. විවාදයකට ආපුවම ගහ ගන්නවා. තව ඇමතිවරු කියනවා මම ආවානම් මමයි ගහන්නේ කියනවා. ඔක්කොම චන්ඩි. අද රටේ නීතියක් නැහැ. උගත් ජනතාව රටෙන් පිටවී යනවා. එ්ක තමයි අද ආණ්ඩුවට ඕනේ. අද ජනතාවගේ බදු මුදල් වලින් දුෂණය නැවතත් භිෂණය. අද අපේ රට කොහොටද මේ ගමන් කරන්නේ? (නදී)
අන්තර්ජාලයේ සියලුම සත්‍ය තොරතුරු හෙළි කරනවා. ඇත්තටම අපේ රටට මොකක්ද සිද්ද වෙන්න යන්නේ? (නදී)
රටේ නිතිය හා සංවර්දනය මේකද ? (නදී)
සාක්කි පරිස්සම් කරගන්න (දී)
මමම පන්නා කියලා ලියුමක් තිබ්බාද (දී)
මම හිතන්නේ ලංකාවේ ඇයි මේවට විසදුම් නැත්තේ කියල (දී)
කරුමේ ....කරුමේ (දී)
පවුල් පිටින් රට අතහැරලා යන්න ඕන ..ජීවිත බේරාගන්න ඕන නම් ..? පැත්තකින් මරනවා ...අනික් පැත්තෙන් දහදුක් විදලා හදා ගත් දරු පැටවා පවා පැහැරගෙන යනවා ...?(දී)
සාක්කි කරු මැරුවහම සාක්කි දෙන්න කවුරුවත් නැහැ (දී)
අන්තිමට තමන්ම බීල ලිදට පැන්න කියල ලස්සනට කියාවි. (දී)
වැටුනද වට්ටුවද (දී)
සාක්ෂි වලලනව කියන්නේ මෙන්න මේවට තමයි (දී)
තව ටික කාලෙකින් මොකාක් හරි කියයි (දී)
දැන් ලංකාවේ නීතියක් නැහැ.මහ මින්ස්සුන්ගේ ඉදල හිගන්න දක්වා නීතිය අතට අරගෙන තියෙන්නේ.මේවට වග කියන්න ඕනේ මෝඩ අපිම තමයි. (දී)
සීලා, මේකත් සැගවුන මිනීමැරුමක් වේවි. (නදී)
මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් !(දී)
මේ සාක්කි කාරයට ජීවිතය එපාවෙලා ලිඳට පැනල , (දී)
මටත් හිතෙනවා මේක දේශපාලන පලිගැනීමක් කියලා. දැන් දැන් අපේ රටේ මංකොල්ල කෑම, දුෂණය, මිනී මැරුම් රජ වෙලා වගේ. හරිම දුකක් දෙනෙන්නේ මේවා ගැන කියවනකොට, දකිනකොට. (දී)
සාක්කියක් නැති කරනවා කියන්නේ අපරාධයක් සැඟවෙනවා කියන එකයි (දී)
සාක්කි දෙනවානම්, ජීවිතයට තියෙන ආසාව අත්හැරලා සාක්කි දෙන්න ඕනේ. (දී)
චන්දෙත් එනවා නේද (දී)
රටකට ගිය කල (දී)
ඔන්න අපි නම් නෙමෙයි. ඕක වෙනකොට මම හිටියේ කොළඹ. (දී)