විකාශන බලපත්‍රය අත්හිටුවා තිබෙන සී.එස්.එන් රූපවාහිනි නාලිකාව සතු විදුලි සංඛ්‍යාත ලබන නොවැම්බර් 16 වැනිදා තෙක් අන්සතු නොකර එම තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙස අභියාචනාධිකරණ අද (01) නියෝගයක් නිකුත් කළේය.
එම නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ලේකම්වරයා, විදුලි සංදේශ නියාමන කොමිසම එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු වගඋත්තරකරුවන් 4දෙනෙකුට ලබන 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසි නිකුත් කළේය.
එම නාලිකාවේ රෑපවාහිනි බලපත්‍රය අත්හිටුවීමට එරෙහිව කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් සමාගම විසින් ගොනු කළ රිට් පෙත්සමක් අද සලකා බලමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ වින්සුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහතවරුන් හමුවේ පෙත්සම කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු අහලා තීන්දුත් දීලා ඉවරයි (නි)
මේක තනිකරම දේශපාලන පළිගැනීම බව ඕනේ කෙනෙකුට තේරෙනවා. මේ දේවල් වලින් වෙන්නේ ඡන්ද තව තව කල් දදා ඉන්න. හැබැයි එතකොට හැලිය වතුර හොඳටම රත් වෙනවා කියන එක මේ කක්කුටන්ට තේරෙන්නේ නැහැ.(හේ)
එ්ක හොඳයි (නි)
මේවා කොහොමද දේසපාලන පලිගේනීම් වෙන්නේ සී.එස් . එන . නාලිකාව කියන්න්නෙම කළු සල්ලි ගුහවක්නේ. (අ)
කොහොමද, යහපාලනේ සැපද? (නි)
කාල්ටන් ක්‍රීඩා සමාජය, කාල්ටන් පෙර පාසල, කාල්ටන් කෞතුකාගාර, අනිකුත් කාල්ටන් නම් වලින් හැඳින්වෙන ආයතන මහින්දලාගේ නම් කාල්ටන් ස්පෝර්ට් චැනල් එක විතරක් ඒ අයගේ නොවේ වෙන්නේ කොහොමද? මහජන මුදල් ට්‍රිලියන ගණන් ඒ වගේම ජාතික රූපවාහිනියේ වාහන ඇතුළු අනිකුත් දේපල මේවට යොදාගත්තා ඒ කාලේ. මේවා හොයලා බලන එක දේශපාලන පළිගැනීමක් වෙන්නේ කොහොමද (නි)