මොහොමඩ් සිද්ධික් හා ඔහුගේ බිරියගේ ආදායම් බදු වාර්තා ලබා ගැනිමට රහස් පොලිසිය කළ ඉල්ලිම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් පාකිස්තානයේ අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ආවේ කුඩු නඩුවකින් පෝරකයන් නියම වු සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා උසාවියට කළ පාපොච්චාරයක් අනුවය. එතැන් සිට ඔහු මාස අටක් රිමාන්ඩ් බාරයේ සිටියි.
සිද්ධික් හා ඔහුගේ බිරියගේ සමාගමක ආදායම් බදු වාර්තා ලබා දෙන්නැයි සිඅයිඩී ඉල්ලා සිටියේය.
අපරාධ මගින් උපයා ගත් මුදල් වෙනත් ව්‍යාපාර වල ආයෝජනය කිරිමෙන් මුදල් විශුද්ධිකරණය යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇතත් මෙතෙක් චෝදනා ඉදිරිපත් කර නැත.
ඔහුගේ ආදායම් බදු වාර්තා රහස් පොලිසියට දිමෙන් ආදායම් බදු පනත උල්ලංඝණය වන බවට මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය. නඩුව ලබන 5 වැනි දා ට කල් තැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණයින්ට, ඔවුන්ගේ දෙමාපියන්ට ගින්දර දීලා හොයන සල්ලි මොකටද? (නි)
මටත් හිතාගන්න බැහැ මේ සිද්ධවෙන දේවල් ගැන කිසිම දෙයක් (නි)
පනතට සංශෝධන වගන්තියක් ගෙනෙමුද මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න? (නි)
අපි ඉතින් මොනවා කියන්නද? කරන්නද? (නි)
මුදල් විශුද්ධිකරණය යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇතත් මෙතෙක් චෝදනා ඉදිරිපත් කර නැත. එසේනම් චෝදනාවක් නැතුව මෙසේ අත් අඩංගුවට ගතහැකිද? චෝදනාවක් නැති මිනිසෙකුගේ බැංකු වාර්තා පරික්ෂා කරන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්න නීතිය හා ගැටෙන නිසා වෙන්න පුළුවන් ගරු අධිකරණය මේ තීරණය ගත්තේ.මේ වගේම දෙයක් තමයි අර දේශපාලුවෙක් ඩුබායි බැංකුවේ සඟවා ඇතැයි කියන මුදල් වලටත් සිදුවුයේ. ලැජ්ජයි...ඇත්තටම ලැජ්ජයි.. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
කුඩු ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකිවන පරිදි අනාගතයේදී නීතිය සංශෝධනය කෙරුනත් පුදුමවෙන්න හේතුවක් නැහැ. (නි)
එතකොට මත්ද්‍රව්‍ය ගෙනෙන එකෙන් වන අයහපතට මොකද වෙන්නේ? (නි)
ඔන්න අපේ රටේ නීතිය! (නි)
ඒක පස්සේ බලමු, තව අපරාධ හොයන්න එපායැ (නි)
සල්ලි වලට මැරිච්ච මිනිහත් දිව දික්කරනවා කියලා කතාවක් අපි අසා තිබෙනවා (නි)
මිනිසෙකුට කිවිසුමක් ගියද හිරේ දමන අපේ උසාවිය! (නි)