IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි

(අංජුල මහික වීරරත්න)

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.

ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි.

මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රුපියල් 3,622,506,725 ක අගයක් සහිතව බිලියන තුනක ඉලක්කය ඉක්මවා තිබේ. 

ඒ සමඟම රජයට පිරිනැමෙන දායකත්වය 6%කින් ඉහළ දමමින් රුපියල්  5,193,833,721 ක් ජනාධිපති අරමුදලට පිරිනමා ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරංගල මහතා  සඳහන් කළේ  අභියෝගාත්මක කාලවකවානුවේදී  රටේ ආර්ථිකයේ ඇති වූ අයහපත් බලපෑම් අවම කිරීමට  සංවර්ධන ලොතරැයි මණ්ඩලය උපයෝගී කරගත් ක්‍රමෝපායන් නිසා ඉතා කෙටි කාලයකදී ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකිවූ බවයි. 

මේ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුවිශේෂී මඟපෙන්වීමක් ලබා දුන් බවද සභාපතිවරයා පැවසීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය ලොතරැයි ටිකට්පත් මෙන්ම අලුතින් හඳුන්වා දෙන ලද විශේෂ ටිකට්පත් සඳහා පිරිනැමෙන තෑගි මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත්, මෙරට පාරිභෝගික ජනතාවට නව අත්දැකීමක් ලබා දෙමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලොතරැයි ටිකට්පත් හඳුන්වාදීම ද ආරම්භ කර ඇති බවත් පැවසූ සභාපතිවරයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායමෙන් 50%ක්ම වෙන් කරනු ලබන්නේ මෙරට අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් වීම ද විශේෂත්වයක් බව  පැවසීය.



අදහස් (15)

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි

රට වැසියා Thursday, 28 March 2024 04:27 PM

පුදුම විය යුතු කාරණයක් නෙවෙයි, දිනුම් ඇදෙන්නැති ලොතරැයි විකුණන එක ලාභයක්ම තමයි.. ආණ්ඩුව විසින් පවත්වාගෙන රටේ තියෙන ලොකුම වංචාව සහ සූදුව...!

:       1       54

sam Thursday, 28 March 2024 04:43 PM

මේ ගොල්ලෝ මං මුලා වෙලා ඉන්න කොට රනිල් සුවිශේෂී මග පෙන්වීමක් ලබා දීලා නේද?

:       5       15

චන්දන Thursday, 28 March 2024 05:42 PM

ඒ කියන්නේ වංචා සහගතව මිනිසුන්ගේ සල්ලි හූරගෙන කාලා...තෑගි නොදෙන ටිකට් විකුණලා...

:       2       42

උපාලි Thursday, 28 March 2024 09:01 PM

ටිකට් මිල 20/- දෙගුණ කළා. තෑගි නැති ගානයි. ඉතින් නිකන්ම ලාබනේ බං.

:       0       9

Upali Thursday, 28 March 2024 09:25 PM

තෑගි කොහොම වෙතත් මිල දෙගුණ කළා. ඉතින් ලාභ ලබන එක අහන්න දෙයක් ද බං.

:       0       5

kotiya Thursday, 28 March 2024 11:35 PM

ඒකනේ බන්. හැමදාම කැසිනෝ ගහන එකා තමයි පරාද. කැසිනෝ අයිතිකාරයා හැමදාම ලාභ ලබනවා.

:       0       4

ගමගේ Friday, 29 March 2024 09:04 AM

අපේ දුප්පත්කම නිසා දිනාවිය කියල ගත්තට මේව කවදාවත් ඇදෙන්නෙ නෑනේ. මහම මහ වංචාවක් කරන්නෙ. පව් අහිංසක ජනතාව මුලාකර ලාභ පෙන්නන එක. ඕනම ආයතනයකට ලාභ ලබන්න පුලුවන් මේ විදිහට. හැම තැනම දුප්පතුන් රැවටීම උන්ව හූරගන කෑම තමයි තියෙන්නෙ. දැන් ලාභ පෙන්නුවනෙ. දැන්වත් මිනිසුන්ට කීයක් හරි දෙන්න බලන්න.

:       1       12

sunil Friday, 29 March 2024 10:27 AM

ලොතරැයියක් මිලදී ගන්නේ ගොඩක් දුප්පත් මිනිස්සු. මොකද මිනිස්සු හිතනවා උඩ ඉන්න දෙයියෝ හරි පිහිට වෙයි කියලා. ලොතරැයි මණ්ඩලයේ ලාභ ලබනවා කියන්නේ දුප්පත් මිනිස්සුන්ගේ බලාපොරොත්තුව උඹලා අරන් තියෙන්නේ. දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කෑම තමයි මහ ලොකුවට ලාභයක් කියලා පෙන්නන්නේ. මේ විදිහට නම් රට සංවර්ධනය කරන්නට යන්නේ අනාගතයේ අයට දෙවියන්ගේ පිහිටයි...

:       1       7

MR Rajapakshe Friday, 29 March 2024 11:05 AM

තෑගි නැති ගානයි. ඉතින් නිකන්ම ලාභනේ, මහාම මහා වංචාවක් කරන්නේ...!

:       0       3

Welgama Friday, 29 March 2024 11:31 AM

ලොතරැයි ගන්නේ මොට්ටයින්...!

:       0       3

Chamara Friday, 29 March 2024 11:58 AM

අහිංසක මිනිස්සුන්ව රවටල.. අඩියටම වැටිල ඉන්න මිනිස්සුන්ව හුරගෙන කාල ලාභත් පෙන්නනව...

:       1       4

Rohana Friday, 29 March 2024 01:26 PM

සංවර්ධන ලොතරැයියේ මූලික පරමාර්ථය රජයට මුදල් රැස්කරදීම මිස ලොතරැයි ටිකට්පත් මිලදීගන්න අයට තෑගි ලබාදීම නොවෙයි කියල හොදින්ම තේරුම්කරදීම ගැන සතුටුයි. එහෙනම් මින්පසු තෑගිනොදෙන මෙවැනි ලොතරැයි මිලදීගැනීමෙන් වැලකෙමු.

:       3       8

Dinith Friday, 29 March 2024 03:22 PM

දිනුම් නැත්තේ ඒක තමයි.

:       0       3

සමන් Friday, 29 March 2024 04:15 PM

ලංකාවේ ලොතරැයි මිලදී ගන්නන්ගේ ලොකුම අලාභය වාර්තා කරයි...

:       0       5

Lalith Sujeewa Tuesday, 02 April 2024 05:20 PM

දිනුම් ඇදෙන්නේ නැත්තේ මොනයම් හෝ වංචාවක් නිසා නම් ඒ සඳහා සම්බන්ධ වන සියලු දෙනාටම ස්වභාවධර්මයාට අනුව පාලිසන් දෙනවා නොඅනුමානයි .ඒකාන්තයි ස්ථිරයි වැහි නැති හෙන ගහන්න ඕන .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 86 0

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 100 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 845 0

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 1481 8

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 1622 0

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


බෝමිරියෙන් හමු වූ කුඩු ගැන තවත් තොරතුරු
2024 අප්‍රේල් මස 27 120 0

කඩුවෙලා බෝමිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තිහක් සමගින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1738 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site