IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සංචාරකයෝ ගොඩක් අපේ ප්ලේන් වලත් ඇවිත්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

මේ අවුරුද්දේ ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 24 ක් පාවිච්චි කර  තියෙන්නේ ශ්‍රී ලංකන්  ගුවන් සේවය බව  ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"2018 වසරේදී සංචාරකයන් ලක්ෂ 23 ක් විතර රටට එනවා.සාමාන්‍යයෙන් සංචාරකයන් දවසකට ඩොලර්  172 ක් විතර වියදම් කරනවා.අපේ මුදල් ප්‍රමාණය වැඩි කර ගත යුතුයි.ඊයේ වනවිට  දාසය ලක්ෂ හැත්තෑදාහකට වඩා සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තිබෙනවා.මෙය සියයට විස්සක පමණ වැඩිවීමක්.මේ වන විට ඩොලර් බිලියන 2.3ක සංචාරක ආදායමක් ලැබී තිබෙනවා.සංචාරකයන් සියයට 24 ක් පාවිච්චි කරලා තියෙන්නේ ශ්‍රී ලංකන් එයාර් ලයින්.සුරාබදු ආදායමෙන් ඉලක්ක ගත ආදායමට වඩා රුපියල් බිලියන 12ක් පමණ වැඩිපුර ලැබී තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

 

 



අදහස් (1)

සංචාරකයෝ ගොඩක් අපේ ප්ලේන් වලත් ඇවිත්

පිටිගල මිලානෝ Thursday, 25 September 2025 04:56 PM

ඒදවස්වල රෝමයෙනුත් පසුව මිලානෝ ගුවන්තොටුපොලෙනුත්, ෆ්‍රැන්ක්ෆර්ට්, ඩස්ල්ඩෝර්ෆ්, පැරිස්, ඇම්ස්ටර්ඩෑම්, සූරිච් සහ ලංඩන් හීතෲ ගුවන්තෙටුපොලවලිනුත් මා අනේක වාරයක් එයාර් ලංකා සහ ශ්‍රීලංකන් යානයේ නැගී ලංකාවට පියඹා ඇත. හැමවිටම එය මනරම් සුන්දර ගමනක්ම විය. සොදුරු සුහද අපේ ගුවන් උපස්ථාදායක ළදුන්ගේ සේවාව ඉතාමත්ම අනර්ඝය, ආකර්ශනීයය. අපේ ගුවන්යානයකට නැගුනු විගසම අප අපේ රටට පාතැබුවා සේ අපට දැනෙන්නට ඉඩ හැරීමම ඔවුන්ගේ දක්ෂතාවයය.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32252 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14731 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 76 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 352 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1273 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site