IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්

(ගයාන් සූරියආරච්චි)

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17) දා සිට ක්‍රියාත්මක කළ බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවැසීය.

ජී.වී.එස්. ටෙක්නොලොජීස් සර්විස්, අයි.වී.එස්. ග්ලෝබල් සහ වී.එස්.එෆ් වර්ල්ඩ් වයිඩ් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් යන ආයතන තුන ඒකාබද්ධිත ජාත්‍යන්තර සමාගමක් සමග ගිවිසුම්ගතව ශ්‍රී ලංකාවේ සංචාරය සදහා වීසා ඉල්ලුම් කරන  සංචාරකයන් සහ ව්‍යාපාරිකයන් ප්‍රවර්ධනය කිරීම එම ආයතනය මගින් සිදුකරන බව ද ඉලුක්පිටිය මහතා කීය.

ආගමන විගමන පාලක ජනරාල්වරයා ඒ බව පැවැසූවේ අද (18) බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉලුක්පිටිය මහතා මෙසේ ද කීය.

‘එම ජාත්‍යන්තර ඒකාබද්ධිත ආයතනය සමග රටවල් 145 ක් එක්ව කටයුතු කරනවා. අපේ රටත් ඒ අතර ඉන්නවා. එම ආයතනය මගින් අපේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවිය නඩත්තු කිරීම හා විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ වීසා අයැදුම් කිරීම පිළිබදව දැනුවත් කරනවා පමණයි. වීසා අනුමත කිරීම, ගාස්තු තීරණය කිරීම හා ගාස්තු අයකිරීමේ කාර්යයන් සිදුකරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවයි.



අදහස් (3)

සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්

චන්දන Thursday, 18 April 2024 08:36 PM

සංචාරක කර්මාන්ත දියුණු වීම කෙසේ වෙතත් එයාලා ලංකාවේ දැනටමත් කරගෙන යන නීත්‍යනුකූල නොවන හොර මගඩි වැඩ තවත් හොඳටම කරගෙන යයි. ලංකාවේ සාරය හූරාගෙන තම රටවල් වලට යවන බව මේ මොලගෙඩි වලට පේන්නේ නැත්ද?

:       0       1

Lalla Friday, 19 April 2024 08:18 AM

කොහොමත් දැනටත් ආගමන විගමන පරිගණක පද්ධතිය පෞද්ගලික අංශය මගින් නේද ක්‍රියාත්මක කරන්නේ. දෙපාර්තමේන්තුව කරන්නේ දත්ත ඇතුළත් කිරීම පමණයි නේද. ඒ ක්‍රමය අනිත් දෙපාර්තමේන්තුවලටත් කරන්න බැරිද? දේශීය මෘදුකාංග ස්ථාපනය කරන්න හැකියාව තිබෙන ආයතන දැන් ලංකාවේ ඕනතරම්. ඒත් රාජ්‍ය ආයතන ලොක්කෝ ඒවට අකමැතියි. හේතුව ජරාව සහ විදේශ පුහුණුව නොදීම......

:       0       2

Chandima Saturday, 20 April 2024 05:16 AM

ගූගල් එකේ ශ්‍රී ලංකා ඊ වීසා කියලා ගැහුවාම ලංකාවට වීසා දෙන හොර වෙබ් අඩවි ගණනාවක් මතුවෙනවා. මෙව්වාට මොනවා හරි නොකළොත් සංචාරකයෝ මෙව්වාට අහුවෙනවා. ඒ නිසා මේකටත් මොකක්හරි කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපිට නැති උන්ට අැති කම්කරු දිනය
2024 මැයි මස 01 99 0

ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති.


කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පෙරැළෙයි
2024 මැයි මස 01 125 0

මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ


රට ශක්තිමත් කරන වගකීම අත්හරින්න බෑ
2024 මැයි මස 01 294 3

රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුත


අද වහින තැන්
2024 මැයි මස 01 196 0

බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා


ඕඅයිසීලා දාහක් ගමේම පොලිසියේ බින්න බැහැලා
2024 මැයි මස 01 818 2

දිවයින පුරා පොලිසිවල ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් 5308 දෙනාගෙන් 1106 දෙනකුම රාජකාරී කරන්නේ තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින පොලිස් බල ප්‍රදේශ


ක්‍රිකට් පිත්තක‍ට සිසුවකු මරලා
2024 අප්‍රේල් මස 30 2216 2

පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් එක් සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 413 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1822 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1635 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site