කොස්ගොඩ වෙලංගොඩ පාලු ගෙයකින් අධි බලැති පුපුරන ද්‍රව්‍ය යෙදූ බෝම්බ ඇඳුමක් වැනි දෙයක් සොයා ගත් බව පොලිසිය කියයි.
කොටි සංවිධානය මෙවැනි උපකරණ වලින් මහා විනාශයක් කල බවත් මෙම උපකරණයෙන් ගෙයක් හෝ වාහනයක් මුළුමනින්ම විනාශ කළ හැකි බවත් පොලිසිය පවසයි.
හමුදාවෙන් පැනගිය සෙබලෙකු හෝ දකුණේ පාතාල සාමාජිකයෙකු මෙම උපකරණ එම පාලු නිවසේ තබන්නට ඇතැයි සැක කරන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් බොහෝ අයට නොතේරුනාට ඔබට මේ "විහිලුව" තේරිලා. බෝම්බය අහුවුනා විතරයි . මේ පිටුපස ඉන්නේ කවුද කියලා හොයාගන්නත් ඉස්සර "කොටිපුතාලයි" "තොප්පි මල්ලිලයි" නම් නොවෙයි කියල චරිත සහතිකයක් ලියලත් ඉවරයි . මෙන්න දේශපාලන පොලිසිය.(අ)
අපිනම් දන්නවා විසෙන් විස නසන්න හදන්නේ කවුද කියල , දේසපාලන බලය වෙනුවෙන් ඕනෑම කුජීතු වැඩක් කරයි කට්ටිය කිසි විලි ලැජාවක් නැතුවම (අ)
මාලක කියන හොරුරැල කවුද කියල පැහැදිලි මදි.කොහොමහරි රටේ ප්‍රශ්න ටික යටගහන්න එක එක කතන්දර ගේන ගමන් මිනිස්සුන්ට මරුවත් පෙන්නල බයකරන්න හදන්නේ. (අ)
මරාගෙන මැරෙන බෝම්බ පාවිච්චි කරන පාතාලය..... (නි)
දැන් නම් පේන විදියට හිටපු හොරු රැල අලුත් ක්‍රමයක් හොයනවා වගෙයි.(හේ)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
පාතාල සාමාජිකයෝ, හමුදාවෙන් පැන ගිය සෙබලෙක් ? මිනිස්සු හිනස්සන කතානේ මේවා. කවද්ද මේ වගේ කට්ටිය මරාගෙන මැරෙන බෝම්බ ඇදුම් ඇදගෙන මිනිස්සු මැරුවේ? (හේ)
මිනිස්සු කලබල වෙන නිසා එහෙම කියුවත් කලත් අන්තිමේදී මොනවයින් මොනා වෙලා නවතීවිද දන්නේ නැහැ.(හේ)
ඊයේ පෙරේදා උතුරේත් තිබුනේ දකුණේ පත්ලෙන් ගිහිල්ලා දලා කියලද කියන්නේ. (හේ)
ලොකු ප්‍රශ්නයක් තමයි.(හේ)
හිටපු අය නම් ඔහොම දේවල් දකුණේ නොවෙයි උතුරෙනුත් අයින් කරලා තිබුණු බව ඇතැමුන්ට අමතකවෙලා වගේ. (නි)
මෙහෙම යද්දි කියයිද දන්නෙ නැහැ 2009ට කලිනුත් මරාගෙන මැරෙන ඇඳුම් භාවිතා කරලා තියෙන්නෙ හමුදාව සහ පාතාලය කියලා (නි)