අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහා නායක අපවත් වි වදාළ ගලගම ධම්මසිද්දී ශ්‍රි ධම්මානන්ද අත්ථදස්සි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණයේදී අද (13) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
මහනාහිමියන්ගේ දේහය බ්‍රහස්පතින්දා (10) උන් වහන්සේ මහනායක පදවියට පත්වන්නට පෙර වැඩසිටි උරුලැවත්තේ පන්සල වෙත වැඩම කරවනු ලැබූ අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමි ඇතුළු කාරක සංඝ සභික හිමිවරු එහිදී දේහයට අවසන් ගෞරව දැක්වුහ.
එදින පස්වරුවේ මහනාහිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරයේ උපාලි විශ්‍රාම ශාලාවට වැඩම කළ අතර අවසන් කටයුතු සිදුකෙරෙන අද දින දක්වා දේහය එහි තැන්පත් කර තිබිණි.
අවසන් කටයුතු සිදුකෙරෙන අද දින ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.
මේ අතර අද ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු ද අස්ගිරි මහ නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියේය.
ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඡායාරූප - ප්‍රදීප් පතිරණ
2025 දෙසැම්බර් මස 18
647
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝ සුසුම් මැද අස්ගිරි මහ නාහිමි සඳ නික්මෙයි
රුවන් රණසිංහ Monday, 14 March 2016 04:16 AM
අස්ගිරි මහනාහිමියන්ට නිවන්සුව ලැබේවා (බ)
සුමිත්‍රා බස්නායක Sunday, 13 March 2016 04:54 PM
ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා! (නි)
වර්ණන් Sunday, 13 March 2016 06:06 PM
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
සිල්වා Sunday, 13 March 2016 10:44 AM
ඔබ වහන්සේට නිවන්සුව (බ)
අමිත් Monday, 14 March 2016 12:27 AM
කර්මයට අනුවයි සියල්ල සිදුවන්නේ. ඔබ වහන්සේට නිවන් සුව! (නි)
ජගත් Monday, 14 March 2016 01:37 AM
අස්ගිරි මහනාහිමියන්ට නිවන් සුව ලැබේවා! (නි)
ගුණසිරි Sunday, 13 March 2016 01:57 PM
බුදුගුණ අනන්තයි , නාහිමියන්ට නිවන්සුව ! (බ)
රන්ජනී Monday, 14 March 2016 10:54 PM
මහා නාහිමිට නිවන් සුව අත්වේවා! (නි)
කොස්තා Monday, 14 March 2016 10:52 PM
ඔබවහන්සේට අජරාමර නිවන් සැප ලැබේවා! (නි)
චන්ද්‍රා Sunday, 13 March 2016 04:02 PM
ඔබ වහන්සේට නිවන්සුවය අත්වේවා !..... කඩිමුඩියේ ඇප ලබා ගත් උඩුවේ හාමුදුරුවෝ ගිහින් සියලු දේ ලස්සනට සංවිධානය කරලා නේද? (බ)