බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතා ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි කියයි.
1987 උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු රත්නායක මහතා වැලිමඩ, කැබිතිගොල්ලෑව, කුරුණෑගල ආදි පොලිසි රැසක ස්ථානාධිපති ලෙස කටයුතු කර ඇත.
වසර එක හමාරක පමණ කාලයක් ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ චරිත ඒ බී ජයසුන්දර මහතා පොලිස් මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කර ඇත.
පසුගිය කාලයේ ගම්පහ මූලස්ථාන පොලිසිය සම්බන්ධ ගැටළු රැසක් මතුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් මහත්තයට කට්ටිය කැමතිද? (නි)
අපිට නම් ඔය කව්රු ආවත් එකයි. ඔය පොලිසියටනේ.(නදී)
සමන්, ඔය කරුණ පොලිස් පතිට ඊමේල් කරන්න. ලිපිනය පොලිසියේ වෙබ් පේජ් එකේ තියෙනවා.(නදී)
නීතිය පිහිටක් කර නොගෙන නීතියෙන් පිහිට වෙනවා නම්, ඔබේ පත්වීමට අපේ සුභ පැතුම් ! (නි)
පොලිස් කොමිසම දාලා ඔය පොලිසිය දේසපාලන බලපෑම් වලින් තොර කළ යුතුයි.(නදී)
මේ මහත්තයා ගම්පහ පොලිස් බල ප්‍රදේශය අන්තඃපුරයක් කරගත්තා. පොලිස් කැන්ටිම කරපු ඇන්ටි දාල ගියා අනියම බිරින්දෑවරුන්ට නොමිලේ කෑම් බීම දෙන්න බැරිව.(නදී)
පොලිස්පති තුමාට ඊ මේල් කරාට වැඩක් නැහැ. ඔය ගෑනු හුටපටයට සම්බන්ද කෙනා ඔහුගේ ඥාතියෙක්. (නදි)
පොලිස් පතිට පවා ස්වාදීනව කටයුතු කරගන්න බැරි එකේ මොහු පිළිබද කවර කතාද.?(නදී)
පරිප්පු නැති හොටලයකුත් නැ. බන්ඩාරෙක් නැති පොලිසියකුත් නැ. (ස)
ලංකාවට කොන්ද පන තියෙන පොලිසියක්. ඒකයි අපේ ප්‍රාර්ථනය. ඔබතුමා එම ප්‍රාර්ථනයට හවුල් වේවා! (නි)
දේසපාලන අත කොලුවක් වෙන්නේ නැතිව ජනතාවට සේවය කරන්න මතක තබා ගන්න. ඔබගේ පත්වීමට අපෙගේ සුබ පැතුම්.(නදී)
තලංගම ඉන්න පොලිසියේ මහත්තයෙක් අපිට හරි කරදරයක්. ඇමති ගෝලයෙක් කියලා එයාගෙන් අපිට හරි කරදරේ. සල්ලි ඉල්ලනවා එයාගේ ජාඇල හදන ගෙදරට සල්ලි ඉල්ලනවා නැත්නම් මොකක් හරි දෙන්න ඕනේ එයාගෙන් බේරෙන්න. ගෝඨාභය මහත්තයෝ අපිට පිහිට වෙන්න මෙයාව හලාවතට ට්‍රාන්සේර් කලත් මෙයා ඇමතිට කියලා හදා ගත්තා. මෙයා කියන්නේ ගොඨාභය මහත්තය හදල දුන්නා කියලා. අපි අසරනයි මෙයාගේ නෝනා මෙයාගේ යුනිෆොර්ම් ගිනි තිබ්බා. පොලිසියේ ඉස්සරහ ගෑනු හුටපටයකට ජරාව කන එක කියල වැඩක් නැහැ. අපිට හොද මහත්තයෙක් දෙන්න.(නදී)
සමන්, ඔයා හීනෙන් ගොක් කොළ එහෙම දැක්කද?(නදී)