
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වී ඇත්දැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) පරීක්ෂණයක් ආරම්භ කළේය.
මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් අනුවය.
මේ අතර ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය
පොලිස් මූලස්ථානයට ඊයේ(24) පැමිණිල්ලක් කළේය.
මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනෙකුට ජනාධිපති අරමුදලින් 2005 - 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් 17 වැනිදා පැවසීය.
සමහහර මන්ත්‍රීවරුන් ජනාධිපති අරමුදලින් කෝටි දෙක තුන වශයෙන් ලබා ගෙන තිබීණ.
මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ කේ බී මනතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා වී ඇත්දැයි සෙවීමට පරීක්ෂණයක් කරන්නැයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සී.අයි.ඩීය ජනපති අරමුදලට රිංගයි
Rohana Wednesday, 25 December 2024 10:34 AM
අරමුදල අනිසි ලෙස පරිහරණය කළ පුද්ගලයින්ට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි...!