
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වී ඇත්දැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) පරීක්ෂණයක් ආරම්භ කළේය.
මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් අනුවය.
මේ අතර ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය
පොලිස් මූලස්ථානයට ඊයේ(24) පැමිණිල්ලක් කළේය.
මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනෙකුට ජනාධිපති අරමුදලින් 2005 - 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් 17 වැනිදා පැවසීය.
සමහහර මන්ත්‍රීවරුන් ජනාධිපති අරමුදලින් කෝටි දෙක තුන වශයෙන් ලබා ගෙන තිබීණ.
මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ කේ බී මනතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා වී ඇත්දැයි සෙවීමට පරීක්ෂණයක් කරන්නැයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරමුදල අනිසි ලෙස පරිහරණය කළ පුද්ගලයින්ට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි...!