(සුජිත් හේවාජුලිගේ)

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර අැත

ඇයගේ හෘදය සම්බන්ධ ප්‍රතිකාර කටයුතු සඳහා ඉදිරි තක්සේරු සිදු කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බව ජාතික රෝහලේ උසස් නිලධාරියෙක් පැවසුවේය,

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණ.

ඒ , රුපියල් මිලියන 10 ක රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.