(රෝෂන් තුෂාර)

සිරිලිය සවිය" අරමුදල ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත  කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ  බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (16) නියෝග කළේය.

 සැකකාරියට රුපියල් ලක්ෂයක  මුදල් ඇපයක්  ලක්ෂ 100  බැගින් වු ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කරීමට ද නියෝග කළේය.

ජාතික රෝහලෙ ප්‍රතිකාර ලබන සැකකාරිය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් ඉදිරිපත් කරලා තිබූ  වෛද්‍ය වර්තාවේ සදහන්   සුවිශේෂි කරුණු සලකා බලා මෙලෙස නියම කළේය.