
( ටී.කේ.ජී.කපිල )
වසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමඟ යළිත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ශ්‍රී ලන්කන් ගුවන් යානය අද(11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
නේපාලයේ පැවති අරගලකාරී තත්වය මත එරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමත් සමග ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ඊයේ(10 ) අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පියවර ගෙන තිබුණි .
ඒ අනුව ඊයේ දින උදෑසන නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතිරික්ත ගුවන් මගීන් 35 දෙනෙකුට නවාතැන් සහ හෝටල් පහසුකම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලබා දී තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මෙසේ නේපාලය වෙත අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරන ගුවන් යානය අද(11) උදෑසන 08.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියේය .
එම ගුවන් යානය අද දහවල් 11.41 ට නේපාලයේ කත්මණ්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිත අතර එම ගුවන් යානය යළිත් එරට සිටින ගුවන් මගීන් රැගෙන පස්වරු 04.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .
නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන අතර එම ගුවන් ගමන් සෑම සතියකම දින 04 ක් , එනම් ඉරිදා , සදුදා , බදාදා සහ බ්‍රහස්පතින්දා යන දින වල ක්‍රියාත්මක වන බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .
2025 අගෝස්තු මස 30
719
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17964
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
772
0
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාව-නේපාලය අතර ගුවන් ගමන් අරඹයි