ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු පහත දමා ශිෂ්‍යත්ව ප්‍රමාණය හා දීමනාව වැඩිකරන ලෙස බලකරන උද්ඝෝෂණයක් අද (18) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැතිවිණි.
ලංකා ගුරු සේවා සංගමය සංවිධානය කර තිබූ උද්ඝෝෂණයේදී අඩු ආදායම් ලාබී සිසුන්ට ලබාදෙන රුපියල් 500 දීමනාව රුපියල් 1500 ක් දක්වා වැඩිකරන ලෙසත්, කප්පාදු කළ ශිෂ්‍යත්ව සංඛ්‍යාව නැවත ලබාදෙන ලෙසත් දෙමාපියෝ හා ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිතයෝ ඉල්ලා සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිතයින් ගුරුවරුන්ට සිසුන්ගේ දැනුම වැඩිවෙන ආකාරයට උගන්වන ලෙස බලකළා නම් හොඳයි නේද? පාසලේ පමණක් ශිෂ්‍යත්ව පන්ති පැවත්විය යුතුයි (නි)
විභාග පහසු කරන එකේ සීමාවක් තිබෙනවා. 1990 මැද දශකයේ සිට ලංකාවේ විෂය නිර්දේශ වෙනස්කළා. (නි)
ළමයින් ප්‍රමාණය අඩු කෙරීම මගින් පැහැදිලිවම කප්පාදුවක් සිදුවී තිබේ. කරුණාකර දුප්පත් දුවා දරුවන්ට ඉගෙනගන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා. (ර)
ලකුණු පහත දමනවාය කියන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක බව අඩු කිරීමක්. ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩිකලාට කමක් නැහැ නමුත් ලකුණු ප්‍රමාණය අඩු කරන්න එපා. (ර)
මේ ක්‍රමය අනුව එක විෂයකට ලකුණු 80 ගෙන අනෙකට 79 ක් ගත හොත් ඒ සිසුවා අසමත් (සමත් ලකුණ 160). (ර)
පුළුවන් නම් ශිෂ්‍යත්ව විභාගය කරලා ලකුණු 160 අරගෙන පෙන්නන්න කියලා මම මේකේ අදහස් දැමූ සමහර වැඩිහිටියන්ගෙන් ඉල්ලා හිටිනවා (නි)
ඉල්ලන ඕනෑම කෙනෙකුට ශිෂ්‍යත්වේ දුන්නනම් ඔය උද්ඝෝෂණ මුකුත් නැහැ!!(රේ)
මට හිතෙන විදියට මේ විජිත්ගේ හැටි වෙන්න ඇති. පෙරේරලත් වැස්සකටවත් පාසල් ගියද? පුංචි හිත මේ වගේ ලොකු අසාධාරණකම් වලදී කඩා වැටෙනවා. රටේ උගත් අය මේ ගැන සිතාබලා දරුවන්ට සාධාරණයක් කරන එක රටේ අනාගතේට වැඩක් කළා වගේම මේ පුංචි දරුවන් දිරිගැන්වීමක් විදියටයි මම දකින්නේ. (නි)
අපේ රටේ මේ දරුවන් සමත් කරලා දරුවන්ගේ මනස හදන එක තමා රටේ උගතුන්ගේ වගකීම (නි)
හොඳ සහ කළහැකි ඉල්ලීමක් (රේ)