IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ශිෂ්‍යත්වයේ තත්ත්වය නංවන්න උද්ඝෝෂණයක්

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු පහත දමා ශිෂ්‍යත්ව ප්‍රමාණය හා දීමනාව වැඩිකරන ලෙස බලකරන උද්ඝෝෂණයක් අද (18) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැතිවිණි.

ලංකා ගුරු සේවා සංගමය සංවිධානය කර තිබූ උද්ඝෝෂණයේදී අඩු ආදායම් ලාබී සිසුන්ට ලබාදෙන රුපියල් 500 දීමනාව රුපියල් 1500 ක් දක්වා වැඩිකරන ලෙසත්, කප්පාදු කළ ශිෂ්‍යත්ව සංඛ්‍යාව නැවත ලබාදෙන ලෙසත් දෙමාපියෝ හා ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිතයෝ ඉල්ලා සිටියහ.

guru-sangam_20151118SC032 guru-sangam_20151118SC0323 guru-sangam_20151118SC0325 guru-sangam_20151118SC0326 guru-sangam_20151118SC0327



අදහස් (0)

ශිෂ්‍යත්වයේ තත්ත්වය නංවන්න උද්ඝෝෂණයක්

රාධා Wednesday, 18 November 2015 10:01 PM

ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිතයින් ගුරුවරුන්ට සිසුන්ගේ දැනුම වැඩිවෙන ආකාරයට උගන්වන ලෙස බලකළා නම් හොඳයි නේද? පාසලේ පමණක් ශිෂ්‍යත්ව පන්ති පැවත්විය යුතුයි (නි)

:       0       0

බුද්ධි Thursday, 19 November 2015 05:46 AM

විභාග පහසු කරන එකේ සීමාවක් තිබෙනවා. 1990 මැද දශකයේ සිට ලංකාවේ විෂය නිර්දේශ වෙනස්කළා. (නි)

:       0       0

ඩයස් Wednesday, 18 November 2015 01:38 PM

ළමයින් ප්‍රමාණය අඩු කෙරීම මගින් පැහැදිලිවම කප්පාදුවක් සිදුවී තිබේ. කරුණාකර දුප්පත් දුවා දරුවන්ට ඉගෙනගන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා. (ර)

:       0       0

විජිත් Wednesday, 18 November 2015 01:46 PM

ලකුණු පහත දමනවාය කියන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක බව අඩු කිරීමක්. ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩිකලාට කමක් නැහැ නමුත් ලකුණු ප්‍රමාණය අඩු කරන්න එපා. (ර)

:       0       0

දිලූ Wednesday, 18 November 2015 03:44 PM

මේ ක්‍රමය අනුව එක විෂයකට ලකුණු 80 ගෙන අනෙකට 79 ක් ගත හොත් ඒ සිසුවා අසමත් (සමත් ලකුණ 160). (ර)

:       0       0

අමිල Thursday, 19 November 2015 12:03 PM

පුළුවන් නම් ශිෂ්‍යත්ව විභාගය කරලා ලකුණු 160 අරගෙන පෙන්නන්න කියලා මම මේකේ අදහස් දැමූ සමහර වැඩිහිටියන්ගෙන් ඉල්ලා හිටිනවා (නි)

:       0       0

පෙරේරා Wednesday, 18 November 2015 05:34 PM

ඉල්ලන ඕනෑම කෙනෙකුට ශිෂ්‍යත්වේ දුන්නනම් ඔය උද්ඝෝෂණ මුකුත් නැහැ!!(රේ)

:       0       0

බුද්ධික Thursday, 19 November 2015 01:22 PM

මට හිතෙන විදියට මේ විජිත්ගේ හැටි වෙන්න ඇති. පෙරේරලත් වැස්සකටවත් පාසල් ගියද? පුංචි හිත මේ වගේ ලොකු අසාධාරණකම් වලදී කඩා වැටෙනවා. රටේ උගත් අය මේ ගැන සිතාබලා දරුවන්ට සාධාරණයක් කරන එක රටේ අනාගතේට වැඩක් කළා වගේම මේ පුංචි දරුවන් දිරිගැන්වීමක් විදියටයි මම දකින්නේ. (නි)

:       0       0

බුද්ධික Thursday, 19 November 2015 01:47 PM

අපේ රටේ මේ දරුවන් සමත් කරලා දරුවන්ගේ මනස හදන එක තමා රටේ උගතුන්ගේ වගකීම (නි)

:       0       0

නාමා Thursday, 19 November 2015 05:13 AM

හොඳ සහ කළහැකි ඉල්ලීමක් (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site