ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ගැටළුවට සම්බන්ධ වූ ශිෂ්‍ය භට ඛණ්ඩයේ සාමාජිකයෝ අද (10) විදුහල්පති ලාල් දිසානායක මහතාට හා ගුරුවරුන්ට වැඳ සමාව ගත්හ.
ගුරුවරුන් දෙතුන් දෙනකු විදුහල්පති සම්බන්ධයෙන් තමන් අතර මැවූ චිත්‍රය වැරදි බව විදුහල්පති සමග කතා බහ කරද්දී තේරුම් ගත් බව ඔවුහු කීහ.
තමන්ට විදුහල්පති සමග කිසිදු ගැටුමක් නැති බවත්, විදුහලේ අභිමානය හා කීර්තිය නැංවීමට හැකි අයුරින් විදුහල්පතිට සහාය දෙන බවත් ශිෂ්‍ය භටයෝ පැවසූහ.
ආදි ශිෂ්‍ය භට සංගමයේ සාමාජිකයෝ ද ඊයේ (10) පාසලට පැමිණ සිටියහ.
විවිධ පිරිස් විසින් පාසලේ ඇතැම් සිසුන් අතර විදුහල්පති ගැන මවා ඇති වැරදි ප්‍රතිරූපය ගැන ඔවුන් දැනුම්වත් කර ඉදිරියේ දී මෙවැනි ගැටළුවක් ඇති නොවීමට වග බලා ගන්නා බවත් ඔවුහු පැවසූහ.
ආදි ශිෂ්‍ය භට සංගමයේ සභාපති ක්‍රිෂාන්ත රංගජීව මහතා පැවසුයේ විදුහල්පති පාසලේ සංවර්ධනය වෙනුවෙන් කළ බොහෝ දෑ ශිෂ්‍ය භටයන් නොදැන සිට ඇති බවයි.
රංගජීව මහතා මෙසේ ද පැවසීය.
‘මේ සිද්ධිය වෙලා තියෙන්නේ විදුහල්පති ගැන වැරදි තොරතුරු ළමයින්ට ගිහින් තියන නිසයි. නමුත් දැන් ශිෂ්‍ය භටයන් හරි දේ දන්නවා. විදුහල්පති පාසල වෙනුවෙන් කළ දෑ මේ ළමයින් දැනගෙන සිට නෑ. දැන් ඒ දේවල් ගැනත් දන්නවා.
සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන ගුරුවරුන් දෙදෙනා ස්ථානමරු කර තිබෙනවා. අපි දන්නේ නෑ ඔවුන් සමග තවත් සම්බන්ධකම් තියෙන පිරිස් ඇතුළේ ඉන්නවාද කියා.
විද්‍යාලයයේ නැවත මෙවැනි ගැටළු ඇති නොවෙන්න ශිෂ්‍ය භටයන් විදුහල්පතිට උපරිම සහයෝගය ලබා දෙයි.
විටින් විට විද්‍යාලයයට කීර්තියක් අත් කර දුන් ශිෂ්‍ය භටයන් නැවතත් විද්‍යාලයයට කීර්තියක් අත්වෙන විදියට වැඩ කටයුතු කරයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදලා සමව ගත්ත කියල මේ සිදුවිම සමතයකට පත් කරන්න බැහැ මේ ප්‍රශ්නය විදුහල් පති සහ ශිෂ්‍ය භටයන් අතර පමණක් තිබෙන ප්‍රශ්නයක් නොවේ , මොවුන් විසින් පොදුදෙපල විනාශ කිරීම් , අනිත් ශිශ්‍යන්ට සහ දෙමවුපියන්ට පහරදීම , මාධ්‍යවේදීන්ට පහරදීම ඔවුන්ගේ ලක්ෂ ගණනක් වටිනා කැමරා උපාංග විනාශ කිරීම , රටේ අනිත් පිස්සන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක මොවුන්ට විරුධව නඩු පවර දඩුවම් දිය යුතුය , මාධ්‍ය නිදහසට භාද කිරීමට මම තදින්ම විරුද්ධ වෙමි , හේතුව රටේ සිදුවන අකටයුතුකම් ජනතාවට පෙන්වාදෙන්නේ මාධ්‍ය මගිනි , මෙසේ මාධ්‍යවේදීන්ට පහර දෙනවිට ඔවුන් වර්තකිරිම නතර කලොත් අපේ රට සොමලියාවක් වීමට ගතවන්නේ මස කීපයකි . (අ)
පාසලට කරපු ලක්ෂ ගානක අලාභයට වන්දි ගෙවන්නේ කවුද?මීඩියා වලට ගහපු අය නිදහස්ද?? (දී)
ගුරු සිත නොරිදවා අකුරු උගැනීමට මේ ළමයින් පුරුදු විය යුතුයි.විදුහල්පති කෙනෙකුගේ වැරදි තිබුණත්, ඒවා හදන්නට ළමයින් ඉදිරිපත් විය යුතු නැහැ. වැඩිහිටි සමාජයට එය පුළුවන්.මින්පසු ගම්පහ පළාතටත්, ඔබේ පාසලටත් නින්දා ගෙනදෙන මෝඩ වැඩ නොකරන්න. (අ)
මෑත කාලීනව සිදුවූ පාසැල් අධ්‍යාපනයට සම්බන්ධ මෙවැනි සිදුවීම් අපට පෙන්වා දෙන්නේ සිසු - ගුරු සම්බන්ධතාවය වෙන කවරදාටත් වඩා වේගයෙන් දුරස්ව දියෙවලා තියෙන බව නේද? (නදී)
කණ අතගාලම සමාව දුන්නනම් තමයි වඩාත් හොද.! ඔය වයසේදී ඔහොමනම් අව්රුදු 20න් පස්සේ හිතාගන්නවත් බැරිවෙයි. විශ්වවිද්‍යාලවල සමහර ගොන් වැඩ පාසල් කරා කාන්දු වීම වැලක්වීමට දැඩි විනය නීති ගෙනා යුතුයි.(අ)
මේ මොන්ටිසෝරි ළමයි පිරිසක්ද? (අ)
දැන් කාලේ ඉස්කෝලේ කොල්ලෝ ගැන කිසිම විස්වාශයක් තියන්න බැහැ . අපි බලාගෙන හිටියේ කොහොම හරි ඡන්දෙට කලින් මලමිනියකුත් අරගෙන පෙලපාලියක් යන්න.(නදී)
කනගාටුයි ළමයිනේ නුඹලා පාසැල ගැන රන් අකුරින් ලියැවී තිබු දේ කඩා බිද දැම්මේය.(නදී)
වැරදී කිරීම මිනිස් ගතියකි . වරදට සමාව දීම දේව ගතියකි . එහෙත් දැන දැන පිට පිට වැරදී කරනා අයට මෙය බල පාන්නේ නැහැ.(නදී)