පාඨමාලා මුදලට විකිණීම නවතා විශ්ව විද්‍යාල සිසුන්ගේ සුබසාධන ගැටළු විසඳන ලෙස ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාල සිසුහු අද උද්ඝෝෂණයක් කළහ.
පාඨමාලා මුදලට විකිණීම නවතා විශ්ව විද්‍යාල සිසුන්ගේ සුබසාධන ගැටළු විසඳන ලෙස ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාල සිසුහු අද උද්ඝෝෂණයක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් රටවල මෙහෙම පහසුකම් නැහැ. ළමයි අර්ධකාලින කම්කරු රැකියා කරමින් දුක්විඳ ඉගෙනගන්නේ. ඉපදුන දවසේ සිට ආණ්ඩුව සහ රටේ බදු ගෙවන මිනිස්සු ඔක්කොම කරලා දෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. රටේ තවත් වැදගත් ප්‍රශ්න තිබෙනවා. (නි)
ෆර්හාන් මේ ඉල්ලීම් වල සාධාරණ අසාධෘරණකම ඔයාට තේරෙනවා ඔයා කැම්පස් එකක් එතුලේ හිටියනං.එදා ඉදල තිබුණ ශිෂ්‍ය අරගල නොවෙන්න අද ඔයාගේ ළමයෙකුටවත් නොමිලේ ඉස්කෝලෙක ඉගෙන ගන්න වෙන් නෑ. (ම)
මේ අයියලා හිතන්නෙ රජය කියන්නෙ ඇමතිලා ටිකකුයි ජනාධිපතිකෙනෙකුයි අගමැතිකෙනෙකුයි නිකං ඉන්න කියලා..එයාල ජනතාවගෙ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕන. පොදු සේවා වල බර ජනතාවට පටවන එක නවත්තලා රජය එහි වගකීම බාර ගත යුතුයි. (ස)
ගයාන් හිතන්න එපා මේ රටේ ඉන්න එකම බුද්ධිමත් පිරිස විශ්ව විද්‍යාල සිසුන් විතරයි කියලා. රස්සාවක් කරන්න පටන් ගත්තම තේරේවි රටේමිනිස්සු ජිවත් වෙන්න දඟලන හැටි. පුද්ගලික අංශයේ උදවිය ආදායම් බදු ගෙවනවා. වෙනත් රටවල සරසවි සිසුන් ස්වේච්ඡා සේවය සහ සමාජ සේවයේ යෙදෙනවා. ඒ ඉගෙන ගන්න අතින් පයින් ගෙවන ගමන්. ආණ්ඩුවට බනිමින් සිටින කාලයේ ඒ ළමයි කම්කරු රැකියා කරනවා වයස 22 වෙනකොට උපාධි සම්පුර්ණයි. ඒමොකද පන්ති වර්ජන නිසා පාඩම් අතපසුවීම් නැහැ. (බ)
මේ ශිෂ්‍යයින්ට තිබෙන පහසුකම් වැඩියි. ඒකයි මේ කට්ටිය මෙච්චර දඟලන්නේ. මේගොල්ලන්ටත් ගාස්තුවක් අයකරලා රැකියාවක් කරලා සල්ලි හොයාගන්න කියන්න ඕනෑ (නි)
ගයාන් වෙනත් රටවල සරසවි සිසුන් නම් එහෙම තමයි. අපේ කට්ටිය තව ඉල්ලමින් ආණ්ඩුවේ සහ බදු ගෙවන මිනිසුන්ගේ කර උඩට නැගලා. කොහෙද ඔය කියන වටිනාකම. අඩු ගානේ ඔයගොල්ලන්ගෙන් නොමිලේ දෙන අධ්‍යාපනය වෙනුවෙන් රටට යම් සමාජ සේවාවක් සිද්ධ වෙනවාද? (බ)
සිරිමෙවන්,ෆර්හාන් විශ්වවිද්‍යාල වල පහසුකම් දැකලා තියේද.මතක තියාගන්න ඕනෑම රටක වටිනාකම පිළිබද ඉහළම දර්ශකයක් තමා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන පිරිස.(ම)
මගේ ළමයාත් සරසවියේ. හැබැයි මම එයාට රට හදන්න කලින් , ඉල්ලීම් ඉල්ලා පෙළපාලි යන්න කලින් තමන්ගේ ඉගෙනීම කර ගන්න කියලා තියෙන්නේ. අනෙක එයාව පාට් ටයිම් පොඩි රැකියාවකටත් යොදවලා තියෙන්නේ . හැම දෙයක්ම නිකන් ලැබෙන කොට ඔය ළමයි අන්තිමේ කෑම කාපු පිඟානත් අනෙක් කට්ටිය සෝදලා දෙන්න ඕන කියන මට්ටමට වැටෙනවා. (බ)
1.අපේ රටේ උපාධි සම්පුර්ණ කරන්න වැඩි වයසක් යන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අඩු පාඩු නිසා.උසස් පෙළ කරලා අවුරුදු 1 1/2 විතර ගෙදර. සාමාන්‍ය පෙළ කරලා මස 6ක් ගෙදර.වෙන රටවල එහෙම නෑ.තවත් හේතුවක් තමා අපේ රටේ ඉංග්‍රීසි දැනුම අඩුකම නිසා වෙන රටවලට වඩා පාඨමලා කාලය දීර්ඝ වැඩි. 2.ඉගෙන ගන්න ආණ්ඩුවෙන් සල්ලි දුන්නත් නැතත්, හිතන්න එපා මිනිස්සුන්ගේ බදු අඩු වෙයි කියල.3.රටට සේවයක් කරන්න නෙමෙයි නං මොකටද මේ ඉගෙන ගන්නේ.ඔයාලට උගන්නපු ගුරුවරුත් එන්නේ මේ තැන් වල ඉදල තමා 4.අපේ රටේත් සරසවි ශිෂ්‍යයෝ ඕන තරං ජොබ් කරලා තමන්ගේ වියදම හොයාගන්නවා (ම)
ගයාන්, නමුත් ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ ඉල්ලීම් නෙමෙයිනම් ඇයි රජය එම ඉල්ලීම් ඉටු කරන්න ඕනේ?(රේ)
අනික මේ ශිෂ්‍යයෝ අධ්‍යාපනයට වැඩ තැන දෙන්නේ දේශපාලනයට. ආවනම් ඉගෙනගෙන තමන්ගේ අනාගත හදා ගෙන අනිත් සිසුන්ට ඉගෙන ගන්න දෙන්න ඕනේ. නමුත් මේ අන්තරයේ ඉන්න කීදෙනෙක් ෆෛල් වේවි රටේ සල්ලි නාස්ති කරනවද. මේ සල්ලි ගෙවන්නෙත් රටේ රැකියා කරන ජනතාව. ඉතින් ඒ සල්ලි නාස්ති නොකර හිටියොත් හොඳ නැද්ද?(රේ)
පාඨමාලා මුදලට විකිණීම නවතා දැම්මොත් ලැබෙන සල්ලි ටිකත් නැතිවෙන නේද? (ම)