IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශේෂාද්‍රි යුග දිවියට


 

 

සම්පත් ඔබ ගැන විස්තර ටිකක් කිවුවොත්?
පවුලේ වැඩිමලා මම. තව මල්ලී කෙනෙක් ඉන්නවා. ඉගෙනගත්තේ බීවර් සහ ලයිසියම් ජාත්‍යන්තර පාසැල් වලින්.  ඕස්ටේ‍්‍රලියානු ආයතනයක සේවය කරන මගේ වයස අවුරුදු 25යි.

 

 
 


සම්පත් ඔබට ජීවිතය දැනෙන්නේ කොහොමද?
සරලව ජීවත්වීම හොඳ බව මගේ හැඟීමයි.

 

 


ඔබ කලා පවුලකින් එන කෙනෙක්. ඇයි රඟපෑමට එක් නොවුණේ?
කලා කටයුතුවල අභාෂය තිබුණාට, රඟපෑමට කැමති නැහැ.

 

 


ශේෂාද්‍රිගේ හමුව කොහොමද සිදුවුණේ?
අපේ පවුල් දෙක කලා පවුල් දෙකක්. විශේෂයෙන්ම ශේෂාද්‍රිගේ තාත්තා දිනේෂ් ප‍්‍රියසාද් සහ මගේ තාත්තා රන්ජන් ද සිල්වා ටෙලි හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරුන් ලෙස ජනපි‍්‍රයයි. මේ තාත්තලාගේ කලාවේ මිත‍්‍රත්වය වසර තිහක් පුරා තිබෙන දෙයක්. නමුත් ශේෂාද්‍රි දැන හැඳින ගෙන මම වසර  එකහමාරක් විතර ඇති. මුලින්ම මම ශේෂාද්‍රිව දැක්කේ සුදර්ශියේදීයි. පසුව පද්මසිරි කොඩිකාර අංකල් මාර්ගයෙන් මේ යෝජනාව යොමුකළා.

 

 


ඇයි ඔබට ශේෂාද්‍රිට හිත ගියේ?
රූපයට වඩා එයාගේ ගතිගුණවලට මම ආසයි. රූපය ඇත්තටම බෝනස් එකක්. එත් ඊට වඩා ඇය වටින්නේ සරලව හිතන රැුල්ලට නොයන කෙනෙක් නිසයි.

 

 


රඟපෑමට අකමැති වුණාට ඔබ මියුසික් වීඩියෝ කලාවට සම්බන්ධයි නේද?
ඔව්. මියුසික් වීඩියෝ කරලා තියෙනවා. මගේම නිෂ්පාදන යටතේ ‘‘භාතිය - සන්තුෂ්’’ට කළ ‘‘පායා එන සඳේ’’ ගොඩක් ජනප‍්‍රිය වුණා. ඊට අමතරව ෂනුක පෙරේරාටත් මියුසික් වීඩියෝ එකක් කළා. ‘‘පායා එන සඳ’’ ලංකාවේ ප‍්‍රථම වතාවට කළ කළුxසුදු මියුසික් වීඩියෝ එකයි.

 

 


ශේෂාදි දිගටම රඟපානවට කැමතිද?
එයා රැුල්ලට යන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අකමැත්තක් නැහැ.

 

 


ශේෂාද්‍රි මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබ කැමතිම චරිතය මොකක්ද?
තිරගත වීමට නියමිත ‘‘සූම්’’ චිත‍්‍රපටයේ චරිතයට කැමතියි.

 

 


ඇත්තම කියන්න ශේෂාද්‍රි ඔබ දකින හොඳම ගුණාංගය මොකක්ද?
අවංකකම, විශ්වාසය, ඇත්ත කීම, මට තරහා යන දේ වුණත් එයා නොසඟවා ඇත්ත කියනවා. ඒකට මම ගොඩක් ආසයි.

 

 


සම්පත් ඔබ ශේෂාද්‍රිට කියන්නේ සුදු නෝනා කියලලූ නේද?
ඒක අපේ තාත්තා දාපු නම. ඉතිං දැන් මම විතරක් නොවෙයි, අපේ පවුලේ ඔක්කොම එයාට කියන්නේ සුදුනෝනා කියලයි.

 

 


ශේෂාද්‍රි ඔබ සම්පත්ට කතාකරන්නේ කොහොමද?
සම්පත් කියලා.

 


ඔබට ලැබුණු මේ ‘‘සම්පත’’ ගැන හිතෙන්නේ කොහොමද?
 ඕනෑම ගැහැණු ළමයකුට වගේ මාත් කවදාහරි කසාද බඳින කෙනා ගැන මේ වගේ දේවල් තිබිය යුතුය කියන අදහස් හිතේ තිබුණා. සම්පත් එක්ක කතා කරද්දී ඒ සියල්ල තිබෙන බව වැටහුණා. හොඳ පවුල් පසුබිමක් තියෙන, ගතිගුණ හොඳ චරිතයක්.

 

 


විවාහයෙන් පසු රඟපෑම ගැන හිතන්නේ කොහොමද?
දැන් වුණත් මම තෝරා බේරාගෙන රඟපාන්නේ. ඉතින් ඉදිරියටත් එහෙමම වේවි.

 

 


මෙතැන් සිට ඔබ බිරිඳක්. මෙතැන් සිට ඔබ කොහොම විය යුතුයි කියලද හිතෙන්නේ?
ඒක ටිකක් ලොකු බරක් වගේ තමයි. වගකීම් වැඩියි තමයි. ඒ වගකීම්  ගත යුතු බවත් ඇත්ත. ඒත් ජීවිතය සරලව x නිදහස්ව ගෙවිය යුතුයි.

 

 


ඉක්මන් විවාහයක් ගැන හිතුවේ ඇයි?
මෙය පවුල් දෙකේ යෝජිත විවාහයක්නේ. කොහොමටත් වයස 24 ට පෙර විවාහ විය යුතුයි කියලා මම හිතනවා. දැන් මගේ වයස අවුරුදු 22යි.

 

 

 


සම්පත්ගෙ ඔබ දකින හොඳම ගුණාංගය මොකක්ද?
ආරක්‍ෂාව, මා ගැන සොයා බැලීම, යුතුකම් සියල්ල වගේම නිතරම මාව සතුටින් තබන්න උත්සාහ ගන්න එක. ජීවිතේ නිතරම සතුටින් ගත කිරීමට මම ආසයි. සම්පත් හොඳ සැමියෙක්.

 


 



අදහස් (0)

ශේෂාද්‍රි යුග දිවියට

ශිරෝමි- පිළියන්දල Monday, 30 December 2013 12:39 PM

මෙයාලගේ වැඩි විච්චුරන නැති මගුල් ගෙදරට මම හරි කැමතියි. දෙන්නටම සුබ යුග දිවියක්.(නදී)

:       0       0

ඉෂාර Monday, 30 December 2013 01:01 PM

අනේ මට දුකයි. (නදී)

:       0       0

සංජීව Wednesday, 01 January 2014 06:42 PM

ලස්සන විවිද මාදිලියේ තරුණ නළු නිලියෝ ගොඩක් දැන් ලංකාවේ සිනමාවේ ඉන්න එක ගැන බොහොම සතුටුයි. ඉස්සර හිටපු එකම මොඩල් එකේ නිලියෝ කීප දෙනාව දැකල දැකල තිත්ත වෙලා හිටියේ. ඔබ දෙපලට සුබ පැතුම්!(නදී)

:       0       0

වසන්ත Thursday, 30 January 2014 01:37 PM

දෙන්නාට සුබ පතනවා (දිල්)

:       0       0

ලහිරු උදයශාන් Friday, 07 February 2014 05:06 PM

හරි සන්තොසි.හොදට කැපෙන ජෝඩුව..ඇස් වහ වැඩිද මන්දා (දී)

:       0       0

ශාලික Tuesday, 07 January 2014 11:24 AM

සුභ යුග දිවියකට ආසිරි පැතුම් (දී)

:       0       0

අනෝමා Wednesday, 05 February 2014 10:17 AM

සුභපැතුම් ඔබලාට (දී)

:       0       0

අසංක Wednesday, 05 February 2014 10:17 AM

ඔයා ගොඩක් ලස්සනයි මට ජෙලස්, එත් සුබ පතනවා (දී)

:       0       0

මීෂා Monday, 30 December 2013 07:04 PM

ඔයාල දෙන්නටම සුභ අනාගතයක්.(නදී)

:       0       0

සන්ජය Thursday, 30 January 2014 01:15 AM

ඔයාල දෙන්නට වාසනාවන්ත අනාගතයකට සුබපතනවා .(දිල්)

:       0       0

ප්‍රියා Monday, 30 December 2013 02:40 AM

දුවෙක් උනොත් මේ වගේ ලස්සනට බදින්න බඳින්න ඕනේ. දෙන්නම ලස්සනයි. හොඳට ගැලපනවා. දිගු කලක් සතුටින් ජීවත් වෙන්න ලැබේවා! (නදී)

:       0       0

රමණි Monday, 30 December 2013 03:02 AM

2013 වසරේ මම දැකපු ලස්සනම මනාලිය. ඒ වගේම ලස්සනම මගුල් ගේ. ඔයාල දෙන්නටම සුබ අනාගතයක්.(නදී)

:       0       0

සන්ද්‍යා Wednesday, 08 January 2014 02:50 PM

ඔයාල දෙදෙනාට සුබපතනවා (දී)

:       0       0

මධුෂාන් Thursday, 02 January 2014 12:08 PM

සුභ යුග දිවියකට ආසිරි පැතුම් ! (නදී)

:       0       0

දිල්ශාන් Thursday, 09 January 2014 02:00 PM

දෙන්නා හොදට ගැලපෙනවා සුබ පැතුම් (දී)

:       0       0

චාමර Tuesday, 31 December 2013 12:56 AM

කොල්ලා හරියට චාමර කපු ගෙදර වගේ.(නදී)

:       0       0

අශාන් දර්ශණ Monday, 30 December 2013 11:43 AM

ලස්සන ජෝඩුව. මට ඉරිසියයි.(නදී)

:       0       0

චානක. Tuesday, 31 December 2013 02:52 AM

මුලදී නම් ඔහොම කියාවි. (නදී)

:       0       0

සංජීව Thursday, 09 January 2014 02:55 PM

ඔයාල දෙදෙනාට සුබපතනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site