විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී ජාතික හැඳුනුම්පත් දෙකක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ලියවිලි ඇතුළත් ලිපි ගොනු දෙකම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අනුරාධපුරයේදී ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට මේ දෙපාර්තමේන්තුවත් හෙට වෙන කොට අතුරුදහන් වෙලා තියේවි. (හේ)
සමහරුන්ගේ ඉපදීමත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව දැන් දැන් පේනවා. (හේ)
මේකෙන් පෙනෙනවා රජයේ සේවකයන්ගේ තරම ?.(හේ)
වැඩේ ගැස්සෙන බව දැනිලා ෆයිලුත් නිකම්ම ගැස්සිලා යන්න ඇති (නි)
එහෙම නම් සුමනදාස උන්නැහේගෙන් පේනයක් බලලා වෙන්න ඇති මේ හැඳුනුම්පත් නිකුත් කරන්න ඇත්තේ. නැතිනම් ඉතින් අදාල ලිය කියවිලි තියෙන්න එපාය. (හේ)
හැමෝගෙම ෆයිල් තියෙන්නේ නම් අරය ගාව! (නදී)
ඉතින් මොකදැයි දැන් වලදින්නේ ? (නදී)
සනත් දැන් අපි හැමෝටම පැහැදිලි නේද මේක බංකොලොත් වෙනවා වගේ (අ)
අදාල හැම නිලධාරියකුගෙන්ම ප්‍රශ්න කරන්න (දිල්)
ෆයිල් නැතිනම් රිමාන්ඩ් කරන්න.එතකොට ඉබේම ඔක්කොම ෆයිල් ඒවි (දිල්)
මට තියෙන ප්‍රශ්නේ විමල් වීරවංසගේ වැරද්දක් හැටියට හොයා ගන්න පුළුවන් උනේ මේ කාටවත් වැඩක් නැති කෙහෙල්මල් 'වයස' ද? කියන එකයි. ඇත්තටම වෙන වැරද්දක් නැත්නම් ඔහු ඉතා හොඳ දේශපාලනඥයෙක්. පහුගිය මැතිවරණ කාලේ අපිට මෛත්‍රී පිලෙන් කියලා තියෙන්නේ බොරු. (බ)
ඇයි ඒකටත් වැරදි විමල්ද? අහෝ! (නි)
මේවා විහිලු නෙමෙයි. මෙහෙම රටක ජීවත්වෙලා මොකටද කියලා හිතෙනවා (නි)
එහෙමනම් කොහොමද කියන්නේ ඇයට ගමන් බලපත්‍ර 2ක් තිබෙනවා කියලා. (නි)
ඇයි ෆයිල් තියෙන්නේ අහවලා ළඟනේ. පොඩ්ඩක් එයාගෙන් අහලා බැලුවොත් නරකද? (නි)
දැන්වත් පටන්ගන්න ෆයිල් වල තිබෙන ලිපිගොනු ස්කෑන් කරලා පරිගණක මගින් ගබඩා කරන්න. එතකොට හාඩ් කොපි එක නැතිවුණත් සොෆ්ට් කොපි එක තියෙනවා. (නි)
මේක නීතිපතිට කිවුවාද? ශෂී හිරේ යයිද? හැබැයි දැන් ජනතාව රැවටුන කාලය නම් ඉවරයි! (නි)
දෙවියෝ සාක්කි! (නි)
පේනවා නේද හොර වැඩ? (නි)
මීයෝ කෑවාද දන්නෙ නැහැ (නි)
අතුරුදන්වී අැති ෆයිල් වල වගකීම කාගෙද? එ් අයටත් දඬුවම් කරන්න. (නි)
කොහොමද ෆයිල් නැතිවෙන්නේ? අදාළ වගකිවයුතු නිලධාරියෙක් නැද්ද? එහෙම අරක නැහැ මේක නැහැ කියලා මේ වගේ සමාජ විරෝධී වැරදි වලින් මිනිස්සු නිදහස් කරන්න පුලුවන්ද? (නි)
ෆයිල් එක කොහෙද දන්නේ නැහැ නේද? අනේ මගේ කට! (නි)
අනේ පව්. මෙයා මොකුත්ම දන්නේ නැතුව ඇති.ප්‍රමාණවත් සාක්ෂි නැතුව නිදහස් වෙයිද දන්නෙ නැහැ. (නි)
ඔය ගමන්ම හොයලා බලන්න අර වෙනත් නමකින් ඉන්න අහවල් ලොක්කගේ ෆයිල් එකත් තියනවද කියලා. (නි)
ඇත්තට මේ දෙකට මොනවා වුණාද? (නි)
හොරකමේ සාක්ෂි ඉතිරිකරලා යන්නෙ නැහැනේ කවුරුවත් (නි)
ඊයේ දුමින්ද,අද ශෂී,හෙට.......? .දින 100 මාධ්‍ය සැණකෙළියක් විතරක් වුණොත් අපේ ඡන්ද වතුරේ (නි)
මතක නැද්ද, අර කෙනෙක් කිව්වේ හැමෝගෙම ෆයිල් එයා ළඟ කියලා. (නි)
ඉතින් ආයුබෝවන්,ඒක අපිට කියලා වැඩක් තියෙනවද?අදාළ නිලධාරින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
එහෙම වෙන්න පුළුවන්. මොකද ඔය දෙකම හොරෙන් හැදූ ඒවා නිසා. දෙකම හොර කච්චේරි වලින් හදාගෙන වගේ. දැන් තමයි නියම චෝදනාව ෆයිල් කරන්න පුළුවන්. හොර හැඳුනුම්පත් 2ක් හැදුවට (නි)
එහෙනම් මේ ෆයිල් දෙක ගත්තේ කවුද? (නි)
අනේ මන්දා! රටේ දියුණුවත් හිටි තැන නැවතිලා. අලුත් ආණ්ඩුව ඇවිල්ලා ඉන්නේ මොකටද මන්දා? (නි)
බලාගෙන යනකොට මුළු රටේම ෆයිල් එක එක පළාත් වලට උස්සලා වගෙයි (නි)
පාස්පෝර්ට් දෙකත් අස්ථාන ගත වුණොත් (අ)
වේයො කෑවද දන්නෙ නැහැ. (අ)
ඕවා කියව කියවා ඉන්නේ නැතුව අදාළ අයගේ වැඩ තහනම් කරලා දඬුවම් දෙන්න. අපිට දැන් මේවා ඇතිවෙලා තියෙන්නේ. (නි)
අධිරාජ්‍යවිරෝධී කුමණ්ත්‍රණයක්. ෆයිල් අස්ථානගත කරන්න අඟහරු ලෝකයෙන්ද දන්නෙ නැහැ ආවේ? (නි)
මට නම් මේ චෝදනා විශ්වාස කරන්න අමාරුයි (නි)
ඕකට තමා මේ අය ඉබි ගමනෙන් මේක කළේ. දැන් ඉතින් උද බලාගෙන්ඉන්න වෙයි (අ)
මේක පාලනයේ වැරැද්ද ? (නදී)
හැමතැනම ෆයිල් නැතිවෙනවා කියනවා . මේවට වග කියන්න නිලධාරීන් නැද්ද? මෙහෙම ගියොත් රටක පාලන තන්ත්‍රයට මොකද වෙන්නේ? මේවගේ වංචනික ක්‍රියාවලට අනුග්‍රහය දක්වපු නිලධාරීන් මේවා විනාශ කරලා ඇති. එම හොරුන්වත් සොයා බලා දඬුවම්දිය යුතුමයි. (අ)
මේ ආණ්ඩුව පටන්ගත් දවසේ සිට කුනුමයි අදින්නේ , (අ)
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි (අ)
රට තියෙන්නේ කොතනද කියලා පැහැදිලියිනෙ. තව ටික කාලයක් ගියානම් ඡන්දයකින් වත් දේසපාලන වෙනසක් කරන්න බැරි යුගයක් උදාවන්න තිබුනා. රටේ නායකා සිට පහලම නිළධාරියා දක්වාම දූසිත්වයි තිබුණේ.(අ)
අනේ මේ මහත්වරුනේ, අපි උගුර ලේ හිඳෙනතුරු කෑගහලා මේ ආණ්ඩුව බලයට ගෙනාවේ හැඳුනුම්පත්වල අඩුපාඩු හොයන්න නෙමෙයි. කුඩුකාරයෝ එතනෝල්කාරයෝ දඟගෙට දක්කන්නයි. ට්‍රිලියන ගණන් ගහපුවා අල්ලන්නයි. කුඩු රජා ගැන හැමෝම දන්නවා. මාධ්‍ය සංදර්ශන ඇති. මේ කුඩු විකුණන අයට දඬුවම් දෙන්න (නි)
මේ ෆයිල් එකත් එයා ළඟද දන්නේ නැහැ නේද ? (දිල්)
සමන් හරි. අල්ලනවා අල්ලනවා කිය කියා මාස ගානක් ඉන්නකොට වැරදිකාරයෝ බේරෙනවා. ඊටපස්සේ ආයෙත් කියවනවා. (නි)
සුමුදුත්,සනතුත් කියන්නේ ඇත්ත. රජයේ ප්‍රමාදය තමයි මේවාට හේතුව. (නි)
කවුරු ළඟද දන්නේ නැහැ (නි)
බලන්නකෝ, ඔය පුද්ගලික රෝහල් වලට හොඳ කරන්න බැරිවුණ ලෙඩේ , බන්ධනාගාර රෝහලෙන් දවසෙන් හොඳ කළාලු නේද? (නි)
ෆයිල් තියෙන්නේ කවුරු ළඟද කියලා හිතාගන්න පුළුවන් (නි)
මිනිස්සුන්ට ඕව කියන්න කලින් සාක්කි හොයාගෙන පියවර ගන්න (අ)
"උඩ බලාගෙන කෙල ගහපුවම වැටෙන්නේ තමන්ගේම මුහුණට" කියලා කියමනක් තියනවා.මේවා ලෝකෙටම පෙනෙන්න ප්‍රසිද්ධ කරන්නේ එක්කෙනෙකුට මඩ ගහන්න හිතාගෙන වෙන්න ඇති.නමුත් ප්‍රතිපලය අපේ රටෙන් පිටරට යන අය පැය ගණන් පිටරටවල ගුවන්තොටුපළ වල රදවා ප්‍රශ්න කර මුළු රටම ලජ්ජා වෙන වැඩ.ලංකාවේ ජනාධිපති පැය ගණනක් අහවල් රටේ ගුවන්තොටේ රදවාගෙන ප්‍රශ්න කළා කියලා අහන්න ලැබෙන දිනයකුත් එයි (දිල්)
සනත් , ඔයා කියන විදිහට කුඩු කාරයෝ අල්ලන්න බැහැ. ඔවුනුත් දැන් යහ පාලනයේම කොටසක්. අපිට මොනවා වුණත් අපේ දරුවන් ගැන තමා දුක.(දිල්)
ඒවා නැත්තන් කොහොමද හැදුනුම් පත් දෙකක් තියන බව දන්නේ?(දිල්)
මෙතුමා එදා ඉදන් කියන දේ කරන හොද කීකරු නිලධාරියෙක්.(දිල්)
මොන විකාරද මේ.මේවා මෙහෙම වෙන්න පුළුවන්ද (දිල්)
එතනෝල්, කුඩු චෝදනා ලැබූවන් එළියේ ඉඳිද්දී, ත්‍රස්තවාදී කියූ කොටස් ඒ ලෙසම සිටියදී, සංවර්ධන කටයුතු අඩපණවෙමින් පවතිද්දී, හාල් මිල දෙගුණයක මට්ටමට ක්‍රමයෙන් ළඟාවෙද්දී,ඔය හැඳුනුම්පත් වල ප්‍රශ්න අපිට කාලය වියදම් කරන්න ඕනෑතරම් ජාතික ප්‍රශ්න නෙමෙයි (නි)
වන්දිත් අරන්දෙන විදිහට වැඩේ කළා එහෙනම් කොහොමහරි. (නි)