විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (24) නියෝග කළේය.
අවශ්‍ය ප්‍රතිකාර බන්ධනාගාර රෝහලේදී ලබාදෙන ලෙසද නියෝග කෙරිණි. ශෂී වීරවංශ කොළඹ ජාතික රෝහලට යවැන්නැයි ඇගේ නීතිඥයන් කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ප්‍රතික්ෂේප කළේය.
රිමාන්ඩ් සිරකරුවකුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තීරණයක් ගත හැක්කේ බන්ධනාගාර වෛද්‍යවරයාට බවත් කළ යුත්තේ ඔහුගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම බවත් මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය. ඒ අනුව ඇය බන්ධනාගාර රෝහලට ගෙනයනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුල්මි, මේ ගොල්ලන්ගේ කෑම හොඳයි නේ .(අ)
හොඳ බෙහෙත් දෙන්න (නි)
කියන්න බැරි ලෙඩක් වෙන්න ඇති. මේ ලෙඩයි කියාගෙන ඉන්නේ ඊළඟ මැතිවරණය වෙනකන් කියල අපිට ආරංචියි. ඊට පසුව මහින්ද මහතාගේ පිහිටෙන් ගොඩ යන්න හිතා ගෙන ඇති. (නදී)
අනේ පව්. අර රටට ආදරේ කරන දේශප්‍රේමිගේ බිරිඳ නේද. (නදී)
අවුරුදු 48 දී කාන්තාවකට දරු සම්පත් ලැබෙනවා කියන්නේ ඉතින් ආසියාවේ තවත් ආශ්චර්යයක් තමයි.(නදී)
කිල්ලෝට වල හුණු ටික ටික එළියට එනවා නේද? (නි)
බලය සහ ධනය ලැබුනාම සමහරු උඩඟු වෙනවා. ඒකට නුගත්කමත් එකතු උනාම ලොකු විනාශයක් වීම වලක්වන්න බැහැ(නදී)
විමල්ට රජ මගුල් වගේ ඇති දැන් නෝනා හිරේනේ (නදී)
නීතිය නීතියක්ම විදියට අද ඉටුවීම ගැන සතුටුයි.(හේ)
මානසික රෝග වලට බෙහෙත් හිටපු අයගේ ඉදලා සේරටම දෙන්න වෙනවා.(නදී)
දුප්පතාට කුඩුව, පොහොසතාට රෝහල , මෙම විහිළුව අධිකරණයට අපහාසයක් නොවේද? (නදී)
නඩුව අහන්න කලින් වැරදි කරු කිරීම යහ පාලනය නම් වේ. (නදී)
සමාජ සාධාරණ, නීතිමය තීන්දුව පිළිබද විනිසුරුට ප්‍රණාමය. (නදී)
අනේ මන්දා මේ මෙනවා වෙනවද කියලා (දිල්)
සුනෙත්ගේ ඇස් දෙකම අන්ද වෙලා වගෙයි . (නදී)