
(ගයාන් සූරියආරච්චි)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (1) දා සිට විශ්‍රාම යාමට නිමිතව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
2022 වසරේ ජූනි 1 වැනිදා සිට ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 8 වැනි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූ අතර 41 වසරක යුද හමුදාවට නොමැකෙන සේවයක් ඉටු කරනු ලැබීය.
ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා ඉතිහාසයේ 23 වැනි හමුදාපතිවරයා ලෙස ද කටයුතු අතර ජනරාල් නිලයෙන් යුද හමුදාපතිවරයා ලෙසත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙසත් කටයුතු කළ එකම නිලධාරියා ද විය.
දෙවන ලුතිතන්වරයකු ලෙස යුද හමුදා සේවයට එක්වන ශවේන්ද්‍ර සිල්වා මහතා මාණ්ඩලික, උපදේශන, අණදෙන සහ රාජ්‍ය තාන්ත්‍රික යන අංශවල කැපී පෙනෙන පත්වීම් ආවරණය කරමහින් ක්‍රමයෙන් උසස්වීම්වලට හිමිකම් කීය.
උතුරු නැගෙනහිර යුද සමයේ 58 වැනි සේනාංකය මෙහෙයවීම තුළින් ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය සාර්ථක ජයග්‍රහණයක් කරා රැගෙනයාමට හැකිවිය.
එමෙන්ම ඔහු ගජබා බළකාය, කමාන්ඩෝ බළකාය සහ විශේෂ බළකාය කර්නල් සේනාවිධායක ලෙසද, 58 වැනි බලකායේ සේනාංකාධිපතිවරයා ලෙස ද කටයුතු කරමින් වන්නි මානුෂීය මෙහෙයුම 2009 වසරේදී ජයග්‍රහණය කරා රැගෙන එමින් ලංකාවට සාමය ගෙනදීමට දායකවූ යුද හමුදා නායකයකු ලෙස හැදින්විය හැකිය.
උතුරු නැගෙනහිර යුද්ධයෙන් අනතුරුව යුද හමුදාවේ ජනරාල් නිලයට උසස්වීම ලැබූ ලාබාලතමයා වූ ශවේන්ද්‍ර සිල්වා මහතාය.
2010 වසරේදී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සක්‍රීය සේවයේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කළේය.
2019 වසරේ ඇති වූ කොරෝනා වසංගතය මර්දනය කිරීම සදහා ඇති කළ කොවිඩ් මර්දන ඒකකයේ ප්‍රධානියා ලෙසත් ,හරිත ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙසත්, යුද හමුදාවේ පදක්කම් 20 ක් ලබාගනිමින් දැනට වැඩිම පදක්කම් ලාභියා ලෙසත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ කීර්තියක් දිනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලක් දක්ෂ සෙන්පතියෙක්...! අවසාන කාලයේ පට්ට දූෂිතයෙක්!! අනාගතයේ හිරේ යෑමට නියමිතයි !!!
ලන්කාවේ බිහිවුණු විශිස්ඨ සෙන්පතියෙක් මෙන්ම යුද ජයග්‍රහණය වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ සෙන්පතියෙක්. සුබ විශ්‍රාම දිවියක් ඔබට...!
කට්ටිය හිටියා නම් ලෙඩ ඇඳට යනකම් ඔය පුටුවේ තමයි..
දැන් ඉතින් මයිනාගේ ගෙදර කුස්සියේ වැඩ කරගෙන ඉන්න පුළුවන්. හැබැයි මයිනායි,මයිනියි දෙන්නාම ලබන අවුරුද්දේ බලු කූඩුවට දැම්මාට පස්සේ හන්දියක් හන්දියක් ගානේ බයිසිකල් එකකින් තනි රෝදෙන් සර්කස් පෙන්නන්න පටන් ගනීවි...!
මම..., අගය කරන විශ්වාස කරන පුද දෙන චරිතයක්. ශවේන්ද්‍ර මැතිඳුගේ, චරිතය.. නිදුක් නිරෝගි චිර ජීවනයත් එතුමාගේ යහපත් පැතුමනුත් සඵල වේවා...! තෙරුවන් සරණයි...
මම ඔබව අමතක කරන්නේ නැහැ පුතා. නමුත් දැන් මට තිබුණු යෝධ බලය ඉවරයි. එහෙමයි කියලා ඔබව අත හරින්නේ නැහැ මම. හෙට ඉඳලා මගේ ගෙදර ඉන්න චිචියගේ බල්ලෝ ටික නාවලා, උන්ට කවලා පොවලා, ඇවිද්දවන එක ඔබට බාරදෙනවා. දවසකට රුපියල් 500ක් ගෙවන්නම්...
ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී කියන්නේ මේ කාලයේදී රටට අනවශ්‍ය තනතුරක්. දැන් ඔය තනතුරට කිසි බලයක් ඇත්තෙත් නැහැ. නමුත් නඩත්තුවට මසකට මිලියන ගණනක් වියදම් වෙනවා. එනිසා මේ රජය ගත්තු ඉතා කාලෝචිත තීරණයක් කියා කියන්න පුළුවනි. ඒ වගේම හමුදාවල සිදුවන තේරුමක් නැති මුදල් නාස්ති වළක්වන්නත් රජය කටයුතු කරාවි යයි මහජනතාව බලා සිටිනවා. මේ ආයතනවල වාහන අවභාවිතය තදින්ම සිදුවන බව ප්‍රසිද්ධ රහසක්නේ...
ලක්මෑ ණියන්ගේ අභීත විරු දරුවෙක්. රට වෙනුවෙන් කළ අනුපමේය සේවයට අප ඔබතුමාට ගෞරවය පුදකරමු.
බොහොම ස්තුතිය සර් ඔයාගේ සේවාවට
සුබ විශ්‍රාම දිවියක් සර්
අරගලයට විරුද්ධව අවියක් ඔසවන්නේ නැතුව ඉන්න තරම් ඔබ නිර්භීත විය. ඒ නිසාම රාජපක්ෂලා ඔබට වෛර බැන්දා….
ෆොන්සේකා වගේ දේශපාලනයට නම් එන්න එපා... ඔබ රට වෙනුවෙන් කළ සේවය උදාරයි... සදා නොමියෙන වීරෝධාර සටන්කාමියෙක්.. දීර්ඝායු ලැබේවා...!