පකිස්තානයේ කරච්චි නුවර සිට කුරියර් සේවාවක් හරහා එවන ලද පාර්සලයක් අද සවස කටුනායක සීදූවේ පිහිටි රේගු නිෂ්කාෂණ මධ්‍යස්ථානයේදී පරීක්ෂා කරද්දී එම පාර්සලයේ ශල්‍ය උපකරණ තුළ සඟවා තිබූ රුපියල් හත් ලක්ෂයක හෙරොයින් ග්‍රෑම් 132ක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
පසුගිය 29 වෙනිදා මෙම ශල්‍ය උපකරණ අඩංගු පාර්සලය කූරියර් සේවවාක් හරහා කරච්චි නුවර සිට මෙරටට එවා ඇත්තේ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නමින් බව රේගුව කියයි.
ශල්‍ය උපකරණ බවට ලිය කියවිලි සකස් කොට ගෙන්වා තිබු මෙම පාර්සලය පිළිබඳ රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත එය රේගුවේ රඳවාගෙන තබා ගෙන ඇත. පසුව එය ගෙනයාමට නම සඳහන් තැනැත්තිය සම තවත් කාන්තාවක් පැමිණි අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
දන්ත වෛද්‍යවරුන් ප්‍රයෝජනයට ගන්නා ශල්‍ය උපකරණ 30 ක් පාර්සලයේ තිබු බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු ආධායම් අංශයේ අධ්‍යක්ෂක කේ.ඩී නිකොලොස්
මහතාගේ මෙයෙවීමෙන් රේගු ගුවන් ගමන් බඩු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.එල්.ඊ මොහොට්ටි මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරීවරුන් වන ශර්ලි වීරසේකර, පරාක්‍රම බස්නායක, ඩැනි අප්පුහාමි රේගු ගුවන් ගමන් බඩු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.එල්.ඊ මොහොට්ටි, සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන කමල් ප්‍රනාන්දු යන් නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම, ලෝකයම නොදන්නා දෙයක් ඔබතුමා හෙළි කළා වාගේය. කොහෙද යන්නේ මල්ලේ පොල් තමා. (ස)
අල්ලාගෙන හොඳ දඩුවමක් දෙන්න. නැත්නම් අපේ රට ඉවරයි (නි)
කාගේ හරි කඩාකප්පල්කාරී වැඩක් (නි)
පාකිස්ථානය, බලොචිස්ටාන් සහ ඇෆ්ගනිස්තානය යන රටවල පොපිමල් වගාව සරුවට කෙරෙනවා. ඒ මල් අනුසාරයෙන් නිපදවන හෙරොයින් පාකිස්ථානය හරහා ලොව පුරා බෙදා හරිනවා. අපේ රට තුලට මේ විදිහට එන්නෙත් අපේ රට හරහා වෙනත් රටවලට යවන්නෙත් පාකිස්ථානය හා සම්බන්ධ වූ මෙරට මාෆියාවයි. කුරියර් සේවාවක් හරහා මෙලෙස මින් පෙර කොතරම් හෙරොයින් එවන්නට ඇද්ද? මෙතැන් සිට පාකිස්ථානයේ සිට එවන සියලුම කුරියර් සේවා සහ අනෙකුත් පාර්සල් දැඩි පරීක්ෂාවකට පත් කළ යුතුය යන්න මගේ හැඟීමයි. එමෙන්ම ඒ පසුපස සිටින මෝරුන් නීතියට හසු කර ගත යුතුයි. (නි)
අල්විස් මහත්තයා, මෝරු අහුවෙන්න තරම් ශක්තිමත් දැල් අපි ළඟ නැහැ. ඒවා විදේශීය රටකින් ගෙන්වා ගන්න වෙනවා (නි)
නැහැ. සුවාරාස්, ඔබ සිතන දේ මට පැහැදිලියි. නමුත් අපි රටේ හෝ රජයේ තත්ත්වය අවඥාවට ලක් කළ යුතු නැහැ. අපි ඒ සඳහා රජය සහ රේගු අංශ පෙළඹවිය යුතුයි. (නි)
ඇත්තෙන්ම මේ කුඩු ඇල්ලුවට ස්තුති කරනවා. ඔය ඇල්ලුවා කියන කුඩු තව දවස් දෙකකින් කියයි ඇල්ලුවේ ග්‍රැම් 1 යි කියලා. (නදී)
මේ කුඩු ලංකාවට එන එක නවත්තන්න කිසිම වැඩ පිළිවෙලක් නැද්ද (දී)
රේගුවේ දත් ගලවන්න මුන්ට ලේබෙන්නේ නෑ (ස)
හෙරොයින් ජාවාරම් කරුවන් ගැන ඔය තරම් සරලව හිතන්න බැහැ අල්විස්. ඇෆ්ගන්වරු බුරුවා පිටේ යමින් අවුරුදු දහයක් තිස්සේ නොපසුබටව රුසියාව සමග සටන් කලේත් දැන් ඇමෙරිකාව සමග කරට කර සටන් කරන්නෙත් ඔය කියන පොපි වගාවේ පිහිටෙන් තමයි. (ස)
උපරීම දඩුවම දෙන්ඩ ඕන. (ස)