තමන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට ගෙන ඇති තීරණය බල ශූන්‍ය කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්න මහත්වරුන් අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ගොනු කර ඇත.

මෙම පෙත්සම් දෙකෙහි වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු 94 දෙනකු නම් කරනු ලැබ සිටිති.