(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩාය ෙමි පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.
මෙම පක්ෂ තුනේ නියෝජිතයන් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (27) සවස හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවැසේ.
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න යන හිටපු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ද සර්ව ජන බලය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත. පළාත් පාලන මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්වය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව දැනගන්නට ඇත.
මේ කාරණය සම්බන්ධයෙන් මෙම නියෝජිතයන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද සාකච්ඡා පවත්වා තිබිණ.
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රීලනිපයයි -සර්ව ජනයයි රනිල්ගේ පොහොට්ටුවයි පුංචි ජන්දයේදී එකම පිලක
Chathuri Wednesday, 29 January 2025 06:07 AM
එන්න එන්න දැන් තත්වය තරමක් උග්‍රයි. හොරාකාපුවා වමාරන්න දැන්. කාලය හරි වාගෙයි මේවා බලන් ඉන්න බැරිනිසා පක්ශ තුනම එකතුවෙලා එකට තරග කරලා. එන්නෙ ජනතාවට සහන දෙන්නද නැහැ. මේ. හොරුන්ව ආරාක්ශා කරන්න. මෙ ගොන් නඩේ කියන්නෙ මුන්ට මැරෙනකම් හොරා කන්න ඉඩ දෙන්න ඕන කිසිවෙකුට මේවට විරුද්ද නොවි ඉන්න ඕන කියලා. මුන්. එකෙක් ට ඔලුව උස්සන්න දෙන්න එපා. අසරන මිනිසුන්ට කදුලු ගෑස් ගහලා හමුදාවයි පොලිසියයි දමලා කට වහලා මුන් ටික හොරා කනවා. මිනිස්සු බදු ගෙවමින් නොකා නොබී මුන්ගෙ මදිරවල වාහනවල බිල් ගෙවන්න ඕන. දැන් මිනිස්සු මෝඩ නැහැ මේ ආන්ඩුවට පරදින්න දෙන්නෙත් නැහැ. නාකිනඩේ ගෙ. වයසයි අනුරගෙ වයස්‍යි. බැලුවම හොර නඩේ එකෙක්ට මොලයක් නැහැ. මහ ලොකුවට රෝයල් කෝලෙජ්. හොරා කන්න උගන්නලා තියෙන්නෙ. කොහොම්ද ගමේ. ඉස්කෝලෙට ගිය කට්ටිය අවන්කයි එඩිතරයි. හොරකම වන්චාව මෝඩ මන්ද්බුද්දික ගති ගෑවිලාවත් නැහැ.
Shantha Wednesday, 29 January 2025 06:16 AM
තෙලෙන් බැද්දත් කොබෙයියා... කිරෙන් බැද්දත් කොබෙයියා... තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා, බොලා කොබෙයියා...
GayanWednesday, 29 January 2025 12:33 PM
කෝබයියා ලෙස වෙනස් විය යුතුයි.
Kazi Shajahan Wednesday, 29 January 2025 08:04 AM
වෙන විදියට හිඟා කාපු එවුන් දැන් එක පේලියට එක්වෙලා හිඟා කන්න යන්නේ මේ වතාවේ. අපි කියන්නේ, මෙතෙක් හිඟා කාපු සල්ලි කට්ටිය එකතු වෙලා හොරකම් කරන්න එපා.
බකල ජයා Wednesday, 29 January 2025 08:22 AM
පගා පප්පන් සහ උගත් මෝඩයන් සහ තාත්තලගෙ පරම්පරා උරුමයක් කියල හිතාගෙන දේශපාලනේ කරන අයට ජයෙන් ජයම වේවා!
යෝගා Wednesday, 29 January 2025 09:23 AM
ඔය පක්‍ෂ තුනේ ප්‍රතිපත්ති සමානද? කැඳ හැලි නම් ආයේ මේ රටේ ඡන්ද දිනන්නේ නෑ
janabala asamagi Wednesday, 29 January 2025 11:24 AM
කොමිස් ගහන හොර ව්‍යාපාර, කුඩු වෙළඳාම කරන ඔක්කොම එකතු වෙනවා. හොරු නැතිව ජනතාව කුරුවල් වෙලා වගේ ඉන්නේ. මොනා කළත් අවුරුදු 5 ඉන්න වෙනවා.
පිටරටවැසියා Wednesday, 29 January 2025 10:45 AM
පළපුරුදු කට්ටිය කොහේ ගියත් අන්තිමට ඔක්කොම එක පිලකට නැවත රට කන්න...
janahitha Wednesday, 29 January 2025 11:22 AM
විජය සමග පැමිණි බොහොමයක් ( Ranil ) ඔක්කොම ඔතනට එකතු වෙනවා
Althaf Wednesday, 29 January 2025 11:24 AM
හොරු එකට.
කුකුල් චමින්ද Wednesday, 29 January 2025 11:40 AM
ඔව්, පක්ෂ තුනේම ප්‍රතිපත්ති හොඳටම සමානයි. රට කන එක තමයි එකම ප්‍රතිපත්තිය. ඔක්කොම ටික වරෙන් පෝලිමට මගෙන් බත්කටක් කාල යන්න.
Dewa Wednesday, 29 January 2025 11:50 AM
හොරු රට නැත්තටම නැති කරා
sunil Wednesday, 29 January 2025 12:28 PM
හොඳයි
sunil Wednesday, 29 January 2025 12:28 PM
චන්න ජයසුමනලා මන්ත්‍රී, ඇමති කම් දරනකොට මහාචාර්ය පදවි නමට ඉස්සරහින් දැම්ම. දැන් කවුරුහරි එවැනි දේ ගස්.
කයියෝ Wednesday, 29 January 2025 02:09 PM
කයියෝ බය වෙලා තියන තරම කමෙන්ට් වලින් පේනවා.. දැන් ඔවුන්ගේ බොරු, වංචා, දූෂණ එලි වේගෙන එනවා. ඒක වහගන්න හිටපු දේශපාලකයෝ රිමාන්ඩ් කර කර සංදර්ශන දානවා.. ඒ අතර තමන්ගේ බඩ වඩා ගන්නවා. රටේ ජනතාවගේ බදු මුදලින් කනවා, වාහන ගන්නවා, ජවාරම්කාරයෝ එක්ක එකතු වෙලා හම්බ කරනවා.. මෙතෙක් පැවැති රජයන්ගෙන් පරතෙරටම දූෂිතයින් මේ පාර දැක බලා ගන්න ලැබෙනවා. තාම හරියට හොරකම පටන් ගන්න බැරුව ඉන්නේ ජනතාවට සහන දෙන්න බැරුව, බොරු පොරොන්දු ඉටුකරන්න බැරුව, පිළිකුළට ලක්වෙලා ඉන්න නිසා...