ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 60 වැනි සංවත්සරය අද අරලියගහ මන්දිරයට එකතු වූ පක්ෂ හිතවතුන්, මැති ඇමැතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
හැමදාම අප පක්ෂය මහජනතාව සමග බවත් 1972 දී රට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් ජනරජයක් බවට පත් කළේත් 2009 දී තිස් වසරක ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර එක්සේසත් කළේත් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් කීවේය.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිරං ජයතු ජනාධිපතිතුමනි, පක්ෂයක් විදිහට ගත්තොත් අද බිම් මට්ටමේ පාර්ශිකයෝ වගේම සමහර නිලතල දරන පුද්ගලයොත් කළ කිරීමෙන් කටයුතු කරනවා කියන එක අමතක කරන්න එපා. ඔබතුමාට බලය තියෙනකමි මේ ගොඩක් දෙනෙක් ඔබතුමා ළඟට වෙලා ඉදීවි. හැබැයි, පක්ෂය පිරිහෙන්න දෙන්නේ නැතිව රැක ගන්න ගොඩක් දේවල් තව ඔබතුමාට කරන්න තියෙන බව අමතක කරන්න එපා. පක්ෂයක් රැකෙන්නේ බිම් මට්ටමේ පාර්ශිකයන් නිසා කියලා සමහර නිලතල දරන අයට මතක් කරගන්න මේක හොඳ වෙලාවක්. කොහොම වුණත් අපි තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගරු කරනවා. වැටුණු වෙලාවේ නැගිටින්න කැපවීම් කරපු අය අමතක කරන්න එපා.
60 පැන්නත් ගුණමකු කම අඩුවෙලා තියනවාද කියලා දන්නවද ජනධිපති තුමනි
අත ලකුණට ඡන්දය දෙන්න අපි ආසයි
සංවස්තර පැවැත්වුවාට වැඩක් නෑ. රටේ ප්‍රධාන පක්ෂ දෙකම පිරිහිලා කිව්වොත් වැරදි නැහැ.1969ට පස්සෙ වැඩිහරියක් දේශපාලනේ කියලා කරන්නේ තමන්ගේ ගොඩ වැඩිකරගන්න එක, රටට කරන දෙයක් නැහැ.කටින් බතල කොල හිටවනවා. දැන් පාතාලයෝ, කුඩු කාරයෝ, රස්තියාදුකරයෝ තමා දේශපාලකයෝ.අපි හැමදාම බලෙන්ම (අපි විහින්ම ) රැවටෙනවා.මිනිස්සුත් අර උනු හැලියේ ඉන්න කකුළුවෝ වගේ නටනවා එදා දවස ගෙවාගෙන, කරකියා ගන්න දෙයක් නැතුව.මේක දේශ පාලකයෝ විග්‍රහකරන්නේ "සන්වර්ධනේ" කියලා.