ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාවතට ගෙන ඒම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත්, එම තීරණ ගන්නේ පුද්ගලයන් මත බදනම් වී නොව පක්ෂය මත පදනම් වී බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.
එම තීරණ ගැනීමේදී කිසිදු අබියෝගයක් නැති බව ද, හරි ආකාරව පක්ෂය වෙනුවෙන් වගකීම් ඉටු නොකරණ ආසන සංවිධායකවරුන් වෙනුවෙත් තීරණයක් ගන්නා බව ද, පක්ෂයේ අනාගතය ගැන සලකා ඉදිරි තීන්දු තීරණ ගන්නා බව ද දිසානායක මහතා කීවේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියේ සාර්ථකත්වය ගැන දැනුම් දීමට එම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.
ප්‍රශ්නය - පක්ෂයේ නියමය නොතකා කිරුලපන මැයි රැලියට ගිය පිරිසට මොකද කරන්නේ?
දුමින්ද දිසානායක මහතා - ඉදිරියේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන්න වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු කරන්න කටයුතු කරන බව ජනාධිපතිවරයා සිය මැයි දින කතාවෙදි ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාවතට ගෙනෙනවා. ඒ සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැඳී සිටිනවා. කිසිම අබියෝගයක් අපට නෑ. අපි මෙවර තීරණ ගන්නේ පුද්ගලයන් මත පද පදනම් වෙලා නොවෙයි . තීරණ ගන්නේ පක්ෂය මත පදනම් වෙලයි. ආසන සංවිධායකවරුන්ගේ සමූඛ පරීක්ෂණයක් පැවැත්වුවා. ඒ පැවැත්තුවේ දැනට පුරප්පාඩු වෙලා තිබෙන ආසනවලට සංවිධායකවරුන් පත් කරන්නත් වගකීම් හරි ආකාරව ඉටු නොකර අය වෙනුවෙන් තීන්දුවක් ගන්නයි. අපි එම තීන්දුව මැයි දිනයට කළින්ම අරගත්තා. ආසන සංවිධායකවරුන් දෙදෙනකු ඉවත් කළා. දක්ෂතාවය තිබෙන සංවිධායකවරුන් පත් කළා. පක්ෂයේ අනාගතය වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. මැයි දිනය පිළිබඳ වාර්තාවක් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී මධ්‍යම කාරක සභාවේදී කතා කරන්න නියමිතයි. ඒ ඒ පුද්ගලයන් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න තීරණය කිරීම ඉන් පසු විනය කමිටුවට පැවරෙනවා. විනය කමිටුව ඒ අයගේ වාර්තාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ පසු මධ්‍යම කාරක සභාව ගන්නා තීරණ අනුවයි ලේකම්වරයා ලෙස ඔවුන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග දැනුම් දෙන්න පුළුවන් වෙන්නේ.
ප්‍රශ්නය - ගාල්ල සහ කිරුළපන යන මැයි රැලි දෙකටම ගිය පිරිසට මොනවගේ ක්‍රියාමාර්ගයක්ද ගන්නේ?
දුමින්ද දිසානායක මහතා - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළින් නම් ලේකම්තුමා, සභාපතිතුමා එහෙම තීන්දු ගත්තා. නමුත් දැන් එහෙම නෑ. සභාපතිවරයාට ඕනෑ කියන තීන්දුවවත් ලේකම්ට ඕනෑ කියන තීන්දුවවත් දැන් ගන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට විනය මණ්ඩලයේ ඒ ගැන කතා කරනවා.
ප්‍රශ්නය - මධ්‍යම කාරක සභාව පැවැත්වෙන්නේ කවදාද?
දුමින්ද දිසානායක - අපි ආවේගයට පෞද්ගලික තීන්දු තීරණ ගන්නේ නෑ. නිවැරදි තීන්දු තීරණ ගන්න ඕනෑ. අපට අවශ්‍ය කාලය ලබා දෙන්න. මැයි දිනය ගැන වාර්තාව සකස් කරන්න කාලයක් ගත වෙනවා. අපි තවම මධ්‍ය කාරක සභාව පවත්වන දිනයක් යොදාගෙන නෑ.
ප්‍රශ්නය - දුමින්ද දිසානායක, මහින්ද අමරවිර ඇමැතිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමග මැයි රැලිය ගැන සාකච්ඡා කළ බව වාර්තා වුණා?
දුමින්ද දිසානායක - කිසිම සාකච්ඡාවක් පවත්වා නෑ.
මහින්ද අමරවීර මහතා - එය පට්ටපල් බොරුවක්. කිසිම සාකච්ඡාවක් තිබුණේ නෑ. මම හිටියේ මගේ අමාත්‍යංශයේ.
ප්‍රශ්නය - හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කර තිබෙනවා.?
පිළිතුර - එය ආරක්ෂක මණ්ඩලය ගත් තීරණයක්. වැරදි විදියට එය ප්‍රචාරය කරන්න එපා. වර්තමාන ජනාධිපතිටත්, අගමැතිටත් හමුදාවේ ආරක්ෂාව ලබා දී නෑ. ත්‍රිවිධ හමුදාවට තිබෙන්නේ වෙනත් රාජකාරි. පොලිසියටයි තිබෙන්නේ දේශපාලකයන් ආරක්ෂා කරන්න. ජනාධිපති ආරක්ෂා කරන්න ජනාධිපති ආරක්ෂක ඒකකය තිබෙනවා. ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආරක්ෂා කරන්න ඇමැති ආරක්ෂක ඒකකය තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ලෙස සිටියදීත් අද ඉන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතා එතුමා ගාව හිටියා. ඔහු ගාව හිටියේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්. මෙය කපා දැමීමක් නොවෙයි. අපි ආවේ මේ රට නිවැරදි මගට ගෙනියන්න. යම් ක්‍රමවේදයක් තුළ වරදක් තිබෙනවා නම් එය නිවැරදි කළ යුතුයි.
ප්‍රශ්නය - කිරුපොන රැස්වීමේදී කියැවුණා පලාත් පලාන හා පළාත් සභා නියෝජිතයන් වැඩි පිරිසක් ඊට සහභාගී වුණු බව?
දුමින්ද දිසානායක - ඉලක්කම් කියන්න අපටත් පුළුවන්. සමාජ වෙබ් අඩවිවල තියන ගණන් කොළඹට එන්න පුළුවන්ද? මේවා බුද්ධිමත්ව කල්පනා කළ යුතුයි. මේවා ඇසිය යුතු ප්‍රශ්න නොවෙයි. ශ්‍රීලනිපයේ සියයට 90ක් ඔවුන් ළඟ සිටින බව කිව්වා. අපට ලක්ෂයක් ආවා නම් ඔවුන් කියන හැටියට ලක්ෂ නවයක් ඔවුන්ට යා යුතුයි. 5000ක් පමණ ඉන්න පුළුවන් පිට්ටනියක එතරම් පිරිසක් දැමිය හැකිද? උදාහරණයක් ලෙස එවැනි සමීකරණයකට දමා බලන්න. ඒ කණ්ඩායම හැමදාමත් කළේ බොරු ඉලක්කම් ප්‍රකාශ කිරීම තමයි. හෙට අනිද්දා අපි පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සමූඛ පරීක්ෂණයක් පවත්වනවා. එවිට බලා ගත හැකි කී දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක කම ලබා ගනීද කියන එක. හැබෑවට බලා ගන්න පුළුවන් පක්ෂයෙන් ඉල්ලන්න කීදෙනෙක් කැමතිද කියා. එදාට අපිට හරියටම කියන්න පුළුවන්.
ප්‍රශ්නය - කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බන්ධයෙන් දැන් තත්ත්වය කුමක්ද?
දුමින්ද දිසානායක මහතා - ගිවිසුම් අත්සන් කර අවසානයි. පහසුකම් හැදුවාම අපේ ගොඩනැගිල්ලෙන් අපි නව ගොඩනැගිල්ලට යන්න නියමිතයි. මං පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම ගැන ජයන්ත සමරවීර මහතාට මා ස්තුතිවන්ත වෙනවා. ඔහු ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයකු නොවුණත් මේ අපවාදයෙන් මා ගලවා ගන්න අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම ගැන මා ස්තුතිවන්ත වෙනවා. මේ සම්බන්ධයෙන් අප අමාත්‍යංශයෙන් ගත් සියලු තින්දු තීරණ සහ මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු මට කැඳවීම ලැබෙන්නත් කලින් මා අල්ලස් කොමිසමට ගොස් භාර දෙන්න නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය නියම මාවතට ගන්න කලින් නියම ආරම්භක ස්ථානයට ගන්න එපායැ. 2015 ඔබතුමාලට ආසන 96ක් සහ එජාපට ආසන 105ක් රටේ මහජනතාව ලබා දීම තුළ දුන් පණිවුඩය තේරුම් අරගෙන ඔබ සියලු දෙනාම මුලින්ම පාර්ලිමේන්තුවේ නියම තැන අසුන් ගන්න. දැන් ඒ ආරම්භය පසුකර කෝච්චිය වැරදි පීල්ලේ ගොඩක් දුර ඇවිල්ලා. කෝච්ච්චියක් පීලි මාරුකරන්න නම් නැවත මාරුවෙන තැනටම ආපසු ගතයුතුයි. (නි)
බොහෝ දෙනාට අවශ්‍යවන්නේ පක්ෂය දිනවීමට පමණය. අපිරිසිදු පක්ෂයක් බලයට ගෙන එම රටකට සුබදායක වෙන්නේ කෙසේද? කියපු හොරුත් එක්ක ජනතාව ඉදිරියට යාමට පුළුවන්ද? පක්ෂ නායකත්වයට පක්ෂය ඉදිරියට ගෙන යාමට ඉඩ නොදීම ශ්‍රීලංකා නි.පක්ෂයේ එකම ගැටළුව වී ඇත. එය හොරු වෙනුවෙන්ද? එක්සත් ජා.පක්ෂය වෙනුවෙන්ද?(හේ)
විපුලගේ හා වීරසේනලගේ ඔලුව හොඳ නෑ, සමහරු හිතාගෙන ඉන්නවා තමා නැත්නම් ඔක්කොම නවතිනවා කියා, එහෙම වෙන්නනේ නෑ තිබුනට වඩා හොඳට යනවා, ඉතිහාසය දිහා බලන්න, මෙය ඔයාලගේ ගෙදරටත් පොදුයි (බ)
අන්තිමට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ ටික දෙනෙකුත් පක්ෂය ඉදිරියට ගෙනියනවලු. (නි)
කවුරු මොනවා කිවුවත් රාජපක්ෂ මහතා කවදාවත් පක්ෂය බාල්දු කළේ නැහැ. (නි)
මට නම් දැන් මේ දේශපාලන ගැටළු අහලා අහලා එපාවෙලා (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
නියම කට්ටියක්නේ පක්ෂය නිවැරදි මාවතට ගෙන එන්න තෝරගෙන තිබෙන්නේ. (නි)
ඔය ප්‍රශ්න වලින් ඉවත්වෙලා යන්න. එතකොට ගොඩක් ප්‍රශ්න ඉබේම විසඳෙයි (නි)
දැන් මේක රටේ ලොකුම ජාතික ගැටලුවද? (නි)
මහින්ද මහත්තයාට පක්ෂ සභාපතිකම භාර දීලා එජාපයෙන් පත්වුණු හැමෝම එජාපයට ගියොත් ප්‍රශ්නය නිකම්ම විසඳෙයි (නි)
ඔව් අපිටත් පේනවා. 2011.01.08 ඉඳලා ශ්‍රීලනිපය ගියේ වැරදි මාවතක (නි)
වීරසේන,ඔයා හරියට හරි (නි)
පක්ෂයක් රැකගැනීමට රටක් ජාතියක් පාවා දියයුතු නැහැ. පසුගිය මහ මැතිවරණයේදී මහින්ද මහතා ප්‍රමුඛ කණ්ඩායම වෙනම ඡන්දය නොඉල්ලූ වරදින් අද රටට විපක්ෂයක් අහිමිව තිබෙනවා. නැවතත් ඒ වරද කළොත් මහින්ද මැතිතුමාටවත් ඡන්දය නොදිය යුතුයි. (නි)
හොඳ වැඩක් මහත්තයෝ (නි)
මහින්ද මහත්තයා පක්ෂයේ සභාපති නොකර කිසිම දෙයක් ඔයගොල්ලන්ට කරන්න බැහැ. ඡන්ද පදනමක් තියෙන අය නෙමෙයි පක්ෂයේ අනාගතය ගැන කතාකරන්න තෝරාගෙන තියෙන්නේ. දිගටම ඡන්ද පදනම අඩු වෙන එක නවත්වගන්න අමාරුයි. ජනතාවට තිබෙන සහන කප්පාදු වෙලා තියෙන මොහොතේ ඒ පිලිබදව කතාකරල සහන ලබාදෙන්න. දැන් ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. (බ)