ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ සංවිධානය කළ උත්සවයක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැත්විණි.
කාන්තා පෙරමුණේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හා ජනපති දියණි චතුරිකා සිරිසේන මහත්මීහුද එහි වූහ.
පාර්ලිමේන්තුව ඇතුළු මෙරට පළාත් පාලන ආයතන සඳහා ශ්‍රීලනිප කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කරගැනීම, ස්ත්‍රී හා ළමා දූෂකයන්ට නීතියෙන් දැඩි දඬුවම් ලබාදීමට නීති සකස් කරගැනීම ඇතුළු යෝජනා කීපයක්ද එහිදී සම්මත විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් වෙනුවට චතුරිකාද? (කෞ)
චන්ද්‍රිකා මැතිතුමිය ජනපති ලෙස දෙවරක් රට කළත් මොනවද කාන්තාවන්ට කළේ? පරණ තැටියම තමයි හැමදාම.. (නි)
ස්ත්‍රී හා ළමා දූෂකයන්ට නීතියෙන් දැඩි දඬුවම් ලබාදීමට නීති සකස් කරගැනීම ඉතාම හොඳයි. නමුත් කාන්තාවක් විම නිසා පමණක් විශේෂ වරප්‍රසාද නම් දෙන්නන එපා. ඒක පිරිමින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. හුඟක් අය නොදන්නවාට කපටි, දරුණූ, දෙමව්පියන්ට , තම ස්වාමියට සතුන්ට වගේ සළකන, දරුවො අනියම් සැමියට මරන්න දෙන කාන්තාවො රටේ වැහිවැහැලා. මෙහෙම අය වැරැද්දක් කරලා ගියාම කාන්තාවක් වීමම නිසා විශේෂ සැළකිලි නම් දෙන්න එපා. (නි)
අද රටේ හොඳ කාන්කාවො ටික දෙනෙක් ඉන්නවා. ඒවගේම කිසිම චාරයක් නැති, දරුවො/ස්වාමියා ගැන සැළකිල්ලක් නැති රූපලාවන්‍ය ගැන විතරක් හොයලා බලන, ගෙදරක උයන්නෙ නැති, වදක භාර්යාවෝ වැහිවැහැලා. ඒ අය කතා කරන්නේ කාන්තා අයිතිවාසිකම් ගැන විතරයි. තමන්ගෙ යුතුකම් 100% ක්ම අමතක කරලා. උසාවි නඩත්තු හා දික්කසාද නඩු වලින් පිරිලා ඉතිරිලා තියෙන්නේ බහුතරයක් මෙවැනි කාන්තාවෝ නිසා. (නි)
ප්‍රාදේශීය සභා සභාපතිලා ටිකත් ආවද? අකුරැස්සේ එක්කෙනා එහෙම? (බ)
කාන්තා අපිට චන්ද්‍රිකා මැඩම් විතරයි (නි)
කාන්තාවක් වූ පමණින් හැමෝම හොඳ කාන්තාවන් නොවේ. අයිතිවාසිකම් සුරැකිය යුත්තේ සහ ගෞරව කළයුත්තේ “හොඳ කාන්තාවන්ට“ මිස කාන්තා රූප ඇති නමුත් සිතින් යක්ෂණියන් බඳුවු අයට නොවන බවත් මෙම කාන්තා දිනයේදි රටට පණිවුඩයක් සේ දිය යුතුයි. (නි)
අපි කාන්තා දිනය හැමදාම සමරනවා ගෙදර කුස්සියේ ඉදන් (හේ)
පිරිමින්ට උදේ සිට රෑ වෙනතුරු බනින, පිරිමියාගේ මවට පියාට සළකන්න අඩුතරමින් දකින්වත් යන්න නොදෙන, දැඩි නීතිරීති ස්වාමි පුරුෂයාට දමමින් ඔහුගේ සම්පූර්ණ නිදහස සීමාකරන කාන්තාවන් ඕනෑතරම් ඇත. මෙයත් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයයි. නමුත් කාටවත් නොපෙනෙයි. කවුරුත් නොදනියි. පිරිමියා කාන්තාව නිසා මොනතරම් මානසිකව වේදනා විදිනවාද? (නි)
පාර්ලිමේන්තුව ඇතුළු මෙරට පළාත් පාලන ආයතන සඳහා ශ්‍රීලනිප කාන්තා නියෝජනය වැඩි කරන්න ඕනෑ උගත්, ඒ සඳහා කැපවිය හැකි කාන්තාවන්ගෙන් මිස පියරු බබුන්ගෙන් නොවේ. කාන්තා රූපයක් ඇති අයගෙන් පුරවලා හරියන්නේ නැහැ. නමුත් අද වෙන්නෙ ඒකයි. කාගෙන් ඇහුවත් කියන්නේ කාන්තා අයිතිවාසිකම් රකින්න කැපවෙනවා කියලයි. නමුත් කරන්නේ පුටු රත් කරලා වරප්‍රසාද ගන්න එක විතරයි. (නි)
වැල යන අතට මැස්ස නොගහා කෝනාර, ලසන්ත හා උදාර වර්ථමාන යතාර්ථය පෙන්වාදීම ගැන ස්තුතිවන්ත වෙමි. තිත්ත ඇත්ත මෙයම තමයි. වර්ථමාන බොහෝ කාන්තාවන්ට කුමක් විද යන්න සිතාගත නොහැක. (නි)
ලසන්ත, උදාර, ඔබගේ අදහස් වලට එකඟවෙමි. (නි)
කෝනාර, ලසන්ත, ප්‍රනාන්දු, උදාරගේ අදහස් මමත් ලිලන්ත සේම අනුමත කරමි. (නි)
අයිතිවාසිකම් වලින් සමතැන ඉල්ලනවා. නමුත් වගකිම් දරන්න ගියාම සමතැන ඉල්ලන්නෙ නැහැ, පිරිමියා පිට පටවලා අයින්වෙනවා. උදාහරණයක් තමයි නඩත්තු. දරුවො නඩත්තු කරන්න බැඳෙන්නෙ පිරිමියා විතරයි. රස්සාවක් කළත් කාන්තාව එයින් නිදහස්. තමන් හම්බකරන දේ තමන්ට විතරයි. (නි)
එදා කාන්තාවගේ තිබුනු ලද බොළඳ කාන්තා ලාලිත්‍ය අද ගිලිහිලා ගිහින්. ඔක්කොම පිරිමි වගේ. ඉල්ලන්නෙත් සමතැන. කතාවත් පිරිමි වගේ. යාළුවන් එක්ක මචං කියලා කතාකරන මැදිවියේ කාන්තාවො අද ඉන්නවා. (නි)
ඉන්දියාවෙන් එවන හෙයා ඩයි නොතිබුනානම් මෙතන ඉන්න හෙමෝම ලාබාල ගැටිස්සියෝ (කෞ)
කාන්තාවට ස්වාමියා බැන්නොත් ළඟම තිබෙන පොලිසියට පැමිණිලි කරනවා බොහෝවිට. නමුත් ස්වාමියාට කාන්තාව කොච්චර අසැබි විදියට බැන්නත් ස්වාමියා පොලිසි යන්නේ නැහැ. ඒ නිසා කාන්තාවන්ට වෙන හිංසනය විතරයි වාර්තාගත වෙන්නේ. අහිංසක පිරිමි අනන්තවත් මුළු ජිවිතේම මානසිකව පිඩා විඳිමින් ජීවත්වෙනවා මේ රටේ. නමුත් ඉවසන්නම බැරි තැන නීතිය ඉදිරියට ගියත් බොහෝවිට පිරිමියෙක් විම නිසාම කිසිම අනුකම්පාවක් ලැබෙන්නෙ නැහැ. මෙම තත්වය වෙනස් කළයුතුයි. (නි)
ඇති, හැකි අය ප්‍රසිද්දියට කාන්තා දිනය මහා ඉහලින් සමරයි.(කෞ)