‘‘උදය ගම්මන්පිල මහාතාට ආණ්ඩුවක් හදන්න ඔන කම තියේ නම් කරන්න තියෙන හොදම දේ තමයි බෙදීමක් නැතිව අපිත් එක්ක එකතුවෙලා එකට ගමනක් යන එක. එක්සත් ජාතික පක්ෂය සමග ඩීල් දමන අය තමයි අපේ පක්ෂය දෙකට කඩන්න හදන්නේ. ඉතින් උදය ගම්මන්පිල මහත්තයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ කටයුත්තට සම්බන්ධ වෙලාද කියන එක තමයි ප්‍රශ්නය.‘‘ යැයි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසිය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ අද (22) දහවල් අම්බලන්තොට කරඹගල්මුල්ල ප්‍රෙද්ශයේ පැවති වෛද්‍ය සායනයකට සහභාගී වෙමිණි.
‘‘පක්ෂයක් විදියට අපි නිතරම උත්සාහ කරන්නේ සියලු දෙනා එකට ගමනක් යන්න මිසක් කඩාගෙන වෙන් වෙලා යන්න නෙමෙයි. මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ අපවත් විම පිළිබවද සැකයක් පවතින බවට හිමිවරුන් පිරිසක් රජයට චෝදනා කරමින් අදහස් පළකළා. මා මේ පිළිබදව දැනුම්වත් වුණේ මාධ්‍ය හරහා එය ප්‍රචාරය වු පසුවයි. ඒ සම්බන්ධව රජයක් විදියට විදිමත් පරීක්ෂණයක් විනිවිදභාවයෙන් යුතුව පැවැත්වීමට අපි කටයුතු කරනවා. නමුත් මන් මේ වෙලාවේ කියන්න ඔනේ විවිධ පාර්ශව මේ වෙලාවේ රජය අපහසුතාවයට පත් කිරීම සදහා විවිධ උපක්‍රම සිදු කරමින් සිටිනවා. මන් වගකීමෙන් කියනවා රජයක් විදියට අපි පැහැදිලි ස්ථාවරයක ඉන්නවා මේ සම්බන්ධයෙන් විධිමත් සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතුය කියා.
අපිට හංගන්න දෙයක් නෑ. වසන් කරන්න දෙයක් නෑ මේ සම්බන්ධයෙන්. ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී අපි මේ සම්බන්ධයෙන් සාකච්ජා කරන්න බලාපොරොත්තු වෙනවා. අනික අපි කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයකත් එක්ක ඩීල් එකක් දමනවා නෙමෙයි. ඔවුන් සමග දීර්ඝ කාලීන ගමනක් අපිට නෑ. පක්ෂයක් විදියට අපට ස්ථාවරයක් තියෙනවා. පක්ෂ ප්‍රථිපත්ති වලට අනුව තමයි අපි වැඩකරන්නේ. කවුරු කකුලෙන් ඇද්දත් අපි ඒගමන යනවා. ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර දැරුවා කියා එක්සත් ජාතික පක්ෂය කියන කියන එක කරන්න අපි සුදානම් නෑ. අපිට පක්ෂයක් විදියට ඉලක්කයක් තියෙනවා. සන්ධානේ මහලේකම් විදියට මගේ ඉලක්කය තමයි 2020දීනැවත අපේ රජයක් බිහි කරණ එක.
ඉතින්ඒ සදහා අවශ්‍ය වටපිටාව අපි හදනවා. ඒ වෙනුවෙන් තමා අපි මේ සෑම පක්ෂයක්ම එකතු කරගන්න හදන්නේ. ඒ ගමනෙදි අකුල් හෙලන කකුල් මාට්ටු දමන පිරිසක් ඉන්න බව අපි දන්නවා. අපි ඒවට සැලෙන්නේ නෑ. අපි අපේ ගමන යනවා. පිරිසක් උත්සාහ කරනවා ආණ්ඩු පෙරලන්න. ආණ්ඩු පෙරලන්න තුවක්කුවෙන් බෑ. අවස්ථා දෙකකදි කරන්න උත්සාහ කරා. එය අසාර්ථකවුණා. ආණුඩුවක් පෙරලන්න නම් ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයකට එන්න ඕනෑ. එහෙම නැතිව තුවක්කු වලින් බුල් ඩෝසර් වගින් ආණ්ඩු පෙරලන්න බෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ආණ්ඩු වෙනස් කරන්න නම් මැතිවරණයක් එන්න ඕවෑ. මැතිවරණය වෙනකොට කට්ටියම එකට හිටියොත් ඒක කරන්න පුළුවන්. සහරු මෙරට ත්‍රස්ථවාදයක් ඇතිවෙනවා කියා රටේ භීතියක් මවන්න උත්සාහ කරනවා. මන් වගකීමෙන් කියනවා නැවත මේ රටේ ත්‍රස්ථවාදයක් ඇතිවෙන්නේ නෑ කියා‘ යැයි අමාත්‍ය වරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියාව රැකගන්නත් ඕනෑ, කරණමක් ගහන්නත් ඕනෑ. රැවුලයි කැඳයි දෙකම රැකගන්න ඕනෑ. ඒ හින්දා මේ න්‍යායෙන් කතාකරන එක තමයි කළයුත්තේ. (නි)
මහත්තයෝ, ඔයාලා වගකීමෙන් කියපු කීයක් දේවල් හරිගිහින් තියනවද? (නි)
ලොක්කා කැත කරා හිටගෙන එක දිගට, සොක්කෝ කැත කරා දුව දුව හැම අතට, මැක්කෝ සෝප වෙයි දැන් දැන් නැත අහර හෙන ගහපන් ලොක්කා එලවූ උන්ට. (බ)
හිටපු ආණ්ඩුවේ පැරදුනු සමහර අය, විවිධ ක්‍රම වලට ජනතාව කුපිත කරන්න, ජනතා අසහනය වැඩිකරලා ඒවා පවතින රජය පිට පටවන්න ලොකු රහසිගත උත්සාහයක යෙදෙනවා. පවතින රජයට අපි ගොඩක් කැමතියි. හැම අංශයක් ගැනම සොයාබලා කටයුතු කරන්න. කුමන්ත්‍රණකරුවෝ හැමතැනම (නි)
ඔබතුමන්ලා මොනවිදිහේ කතා කිවුවත් අපි දන්නවා ඇත්ත (නි)
අපිට දැන් ශ්‍රී ලංකා එකක්වත් සන්ධානයක්වත් නැහැ. අපේ ඡන්දෙ මංකොල්ලකාගෙන බලය අරගෙන ලොකු කතා කියනවා. ඔය මොන විධායක බලෙත් අපිට යටවෙන දවසක් එනවා (නි)
මේකත් හරියට එක්කෙනෙක් එක්ක පවුල් කන ගමන් බඳින්න තව කෙනෙක් හොයනවා වගේ වැඩක්. බැඳලා ඉන්න කෙනා දික්කසාද නොකර කොහොමද මහත්තයෝ නීත්‍යානුකූලව තව මඟුලක් කන්නේ? ඔයාලට පිස්සු වුණාට අපිට පිස්සු නැහැ. ලේකම්කම් කරන්න සභාපතිකම් කරන්න සන්ධානයක් දැන් නැහැ. (නි)
අද ඉන්න දේශපාලකයන් ගැන මිනිස්සු කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. "මේ දේශපාලකයෝ තම පක්ෂෙට ආදරෙත් නැහැ. රටට නම් ආදරයක් ඇත්තෙම නැහැ. මෙහෙම දේශපාලකයන් ඉන්න රටක ඉපදුනු එකත් පූරුවෙ පවක් පළදීමක්" කියලයි මිනිස්සු කියන්නේ. (නි)
උදය ගම්මන්පිල මහතාට පෙරමුණු නැතුව එයාගේ පක්ෂයෙන් ඉල්ලන්න කියන්නකෝ (නි)
පක්ෂය කඩන්න හදන්නේ කවුද කියලා අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ (නි)
2020 ගන්නේ කාගේ ඡන්ද වලින්ද? එජාප ඡන්ද වලින්ද? මොකද මෙච්චරකල් නිදහස් පක්ෂයට ඡන්දෙ දුන්න අපි නම් දෙන්න නැහැ. (නි)
ඩිල් දාලා වාසි පැත්තට පනින්නේ තමුන්ගේ කුණු වහ ගන්නයි මේවා පොඩි ළමයෙක් පවා දන්නා දෙයක් (බ)
මහා බැංකුවේ ලොකුම ඩිල් කාරයා හැමෝම දන්නවා (ම)
මේ හැමදේටම වගකියන්න ඕනෑ අය බොරු අනුකම්පාවක් මවාපාමින් මිනිසුන් උසිගන්වනවා. (නි)
ඩීල් දැම්මේ ඔයාලගේ අයම තමයි. ඔයාලා ඉන්න පැත්තවත් බලන්න දැන් රටේ මිනිස්සු වශයෙන් අපි කැමති නැහැ (නි)
නිකන් ජනතාවට බොරුකියා ජනතාව ගොනාට අන්දන්න හදන්න එපා. ඩීල් දාන්නෙ කවුද කියලා අපි දන්නවා. ජනතාව හිතන තරම් මෝඩයො නෙමෙයි. ඡන්දයෙන් පැරදුන කණ්ඩායම තමන්ට ලැබෙන වරප්‍රසාද බලය ගන්න පක්ෂයේ ප්‍රතිපත්ති සියල්ල අමතකකරලා ආණ්ඩුවට ගිහින් මොකක්ද ඔය කරන්නෙ? ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ජනතාවාදී නොවන පාර්ලිමේන්තු යෝජනා වලට විරුද්ධව කතාකරන එක්කෙනෙක් ඉන්නවද? (නි)
එජාපය එක්ක ඩිල් දාන්නේ කවුද කියල ලෝකෙටම පේනවා. ඔය පක්ෂය ගැන ඔහොම ලැජ්ජා නැතුව කතා කරන්නේ කොහොමද? (නි)
ලොකුම ඩීල්කාරයා කවුද කියලත් අපි හොඳට දන්නවා (නි)
අපි දන්නෙම නෑ ඔය ඩීල් දාන අය රටට හෙලි කරන්නකෝ.(බ)