IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රීලනිප සමුළුව පුලතිසිපුර ඇරැඹේ

බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික වතාවත්වලින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය මීට ටික වේලාවකට පෙර පොළොන්නරුව කදුරුවෙල රජරට නවෝදය ක්‍රීඩාංගනයේ දී ඇරැඹිණි.

පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙයි.

හිටපු ජනපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනපතිගේ දකුණු පසින් වාඩි වී සිටියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඡායාරූප ද වේදිකාවේ එල්ලා තිබේ.

ශ්‍රීලනිපයේ පැරණිම සාමාජිකයකු වන හිටපු අගමැති දි මු ජයරත්න මහතා ද ජනපති සමඟ වේදිකාවේ සිටී.

හිටපු කතා නායක චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, එස් බී දිසානායක, පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.

පිළිගැනීමේ කතාව කළේ පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ය. පසුගිය මැතිවරණයේ දී යම් පැසුබෑමකට ලක් වුවද ජනපතිගේ නායකත්වයෙන් ජයග්‍රහණය කරා මෙහෙයවන බව දිසානායක මහතා කීවේය.

පක්ෂය බෙදා වෙන් කිරීමට කිසිවකුට නොහැකි බවත්, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද නොපැමිණියේ විදේශ ගතවී සිටින නිසා බවත් ඔහු පැවසීය.

    (ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 SLFP-64-Romesh-1 SLFP-64-Romesh-2 SLFP-64-Romesh-3 SLFP-64-Romesh-4 SLFP-64-Romesh-5 SLFP-64-Romesh-6 SLFP-64-Romesh-7 SLFP-64-Romesh-8 SLFP-64-Romesh-9 SLFP-64-Romesh-10 SLFP-64-Romesh-11 SLFP-64-Romesh-12 SLFP-64-Romesh-13 SLFP-64-Romesh-14 SLFP-64-Romesh-15 SLFP-64-Romesh-16 SLFP-64-Romesh-17 SLFP-64-Romesh-18 SLFP-64-Romesh-19 SLFP-64-Romesh-20 SLFP-64-Romesh-21 SLFP-64-Romesh-22 SLFP-64-Romesh-23 SLFP-64-Romesh-24 SLFP-64-Romesh-25 4de15b9cfcc6ae1563626f4f3492a078b1d8408ea0eb08f4b8d6a39e10b201592c4a94



අදහස් (0)

ශ්‍රීලනිප සමුළුව පුලතිසිපුර ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 338 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site