ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මහ මැතිවරණයේ දී පොළොන්නරුව පැරදුණු නිසා එහි නායකත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා අස් විය යුතු යැයි හොරණ ශ්‍රීලනිප සංවිධායක විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ තම ජයග්‍රහණයට සහයෝගය දුන් පිරිසක් හොරණ ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලයේ හමු වූ අවස්ථාවේ දී ය.
‘කළුතර දිස්ත්‍රික්කයේ ලොකු ලොකු අය යැයි කියා ගන්නා පිරිස් සිටියත් සන්ධානය වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත්තේ හොරණ මැතිවරණ බල ප්‍රදේශයෙනුයි. කාටවත් මකන්න බැරි විදියට අපි හොණ රන් අකුරින් ඉතිහාසයේ ලියනවා.
දැන් ජාතික ආණ්ඩුවක් ගැන කතා කරනවා. අපේ ප්‍රතිපත්තිමාලාවේ ජාතික ආණ්ඩු ගැන තිබුණෙ නෑ.
ඇමැතිකම්වලට කෑදර අය ජාතික ආණ්ඩුවට යනවා. අපි යන්නේ නැහැ. ජනතාවගේ ගෞරවය මම රකිනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ පක්ෂය පාවා දෙන මේ වගේ නායකයෙක් මම ජීවිතේට දැකල නෑ,මේ නායකයා තව ටිකක් කල් හිටියොත් නිදහස් පක්ෂෙට අබ සරණයි (බ)
බල්ලෙක් බිරුවට කඳු පහත් වන්නේ නැත (නදී)
පිස්සද මෙයාට ? දැන් තියෙන්නේ මෛත්‍රී ආණ්ඩුවක් (නදී)
එල කොල්ලෙක්. ජයවේවා (නදී)
අපි ඔයාට ගරු කරා, දැන් ඔය විදිහට කතා කරනවා (නදී)
ඔබට ශ්‍රීලනිපය අවශ්‍ය වුනාට ඔබ එයට අවශ්‍ය නැහැ. (හේ)
කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න දන්නේ ඔබතුමා විතරයි.(හේ)
හරියට හරි, ජනපති සාදාරන පුද්ගලයෙක් නම් සභාපති කමින් ඉවත් වී වැඩිම මනාප ගත් මහින්ද මහතාට හෝ පක්ෂ සාමාජිකයන්ගේ වැඩිම කැමැත්ත ඇති කෙනාට තනතුර බාරදී ඉවත් විය යුතුයි (නදී)
ඔබ තුමාට වැරදිලා. ජාතික ආණ්ඩුවක් ගැන ඔබතුමාලගේ නායක තුමා කතා කරේ පහුගිය ජනාධිපතිවරණයේ ඉඳන්. ඔබතුමාලා නායක තුමාගේ ප්‍රතිපත්ති නැතුව වෙන ප්‍රතිපත්තියක ගිහින් නිසයි දැන් මේ සියලු කතන්දර.(නදී)
මෙන්න කොන්ද පන තියෙන නියම පිරිමි (නදී)
ඔබ නියම දේශපාලනයක් කරන හිත හොඳ මිනිසෙක්. තනතුරුවලට ලෝබයෙන් ජනතාව පාවා නොදුන් ඔබට ජය! (නදී)
හොඳයි, හොඳ ඉල්ලීමක්. (නදී)
මහින්ද රාජපක්ෂ මහතා ජන්දයට ඉදිරිපත් නොකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගැන්වීමට උනන්දු නොවී සිටියා නම් මේ කිසිවක් නැත. (හේ)
ඔබ තුමාට කොන්දක් තිබීම ගැන සතුටු වෙනවා (අ)
මෛත්‍රී මහත්තය පොළොන්නරුවෙන් මේ පාර චන්දෙ ඉල්ලුවද? මම දන්නේ නැනේ! මොනවද මේ ලකුණු දාගන්න කරන බොලඳ කතා? (අ)
මගේ මනාපයට අරුතක් එක් කල ඔබට මාගේ ප්‍රණාමය ! (නදී)
අප්පච්චී ආසනය දිනුවද, ඔයාගේ තාත්ත අනුශාසක නේද එයා එතෙන්ඩ හොඳද? පොළොන්නරුවේ දිනපු යුඑන්පි තුන්දෙනාම ජනාදිපති කරන්න මහන්සි උන අය. මේක තම අප්පච්චි දන්නැති මෛත්‍රී දන්න දේ (නදී)
තනතුරු ලෝබය නැතිව හිතට එකඟව කතා කිරීම ගැන සතුටුයි.(නදී)
2010 තිබුන ආණ්ඩුව මොනවගේ එකක්ද? අගමැති සිටියේ මොන ආණ්ඩුවකද? අපට මතක තිබෙන අතීතය ඔබට මතක නැහැ (නි)
තාම පටන්ගත්ත විතරයිනේ මහත්තයෝ. අපරාජිත හොරණ පැරදුන හැටි මතක නැද්ද 1977 දී. පප්පා වැලේ වැල් නැතිව දාහත් අවුරුද්දක් ගෙදර හිටියා. හොද හොද සෙල්ලන් එළිවෙන ජාමෙට. (නදී)
දැන් මෙයත් පටන් අරගෙන විමල් වගේ බොරුවට බෙරිහන් දෙන්න (නදී)
මට පේන හැටියට විදුර මැතිතුමා බෙහෙත් අරගන නෑ වගේ (අ)
අපි බලමුකෝ (නදී)
ඔව් යන්න.(හේ)
බයියෝ බිරුවට ටෝයියෝ සැලෙන්නේ නැහැ. බයියන්ගේ කට විතරයි වැඩ නැහැ. (නදී)
කොහෙද මෙච්චර කල් හිටියේ? ඔයාට දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවා. පක්ෂය හවුල් ආණ්ඩුවකට යද්දී නිකම් ගැලරියට ටෝක් දීල ගෙදර යනවද? නැත්නම් පක්ෂයට එකඟව ඉන්නවද කියල හිතාගන්න වෙනවා. නීතියට අනුව ඔයාට ඕනේ දේ කරන කාලේ ඉවරයි. තාත්තා ගෙන් අහල ඉගෙනගන්න.(නදී)
ඔය කියන විදියට ඊලඟ ප්‍රදේශිය සබා ඡන්දෙදි හොරණ ආසනය ඇතුලේ තියෙන සබා ටික පුළුවන් නම් දිනවලා පෙන්වන්න (නදී)
ඇත්ත කතාව පක්ෂය පරදින්න කියල ප්‍රර්ථනා කරපු කෙනෙක් එ්කේ නායකත්වයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ (නදී)
අනික් දේසපාලුවෝ අතරේ මෙතුමා ගරු කළ යුතු කෙනෙක්. හැබැයි මෙතුමා ජනපතිට නායක කම දීලා යන්න කියන්න කලින් මහින්ද මහත්තයාට කියන්න තිබ්බා ජනාධිපතිවරනේ පරාද වුන නිසා පක්ෂයේ වෙන නායකයෙක්ට අවස්තාව දීලා ගෙදර ඉන්න කියලා. (හේ)
ඔබතුමා හැමදාමත් ඔය වගේ නිර්භීත ප්‍රකාශ කර කර ඉන්නද හදන්නේ? (හේ)
ඇත්තටම මේ නිවට නායකයා රටටම ලැජ්ජාවක්. සභාපති කමින් ඉවත් විය යුතුයි. (බ)
ජනාධිපතිවරණය දිනන කෙනා පක්ෂ සභාපති වෙන එක ව්‍යවස්ථාවේ තියෙන දෙයක්නේ! එ් නිසා එතුමා සභාපති වුනේ!(හේ)
මෙවන්, එතකොට ඒ කාලේ හම්බන්තොට දිනුවේ මහින්ද මහා මැතිවරණෙට ඉල්ලලද? මොලයක් ඇති කතාවක් කිවුවනම් හරි නේද? මාස 8ක් ඇතුලත රටේ ජනාධිපති ඉන්න දිස්ත්‍රික්කේ සියලුම ආසන එම පක්ෂය පරාද උනාම එ්කේ වගකීමෙන් බාගයක් වත් ජනාධිපතිගේ පිට පැටවෙනවා. (නදී)
ඇත්තම කතාව . තමන්ගේ ආසනය දිනවන්න බැරි පක්ෂ නායකයාගෙන් ඇති වැඩේ මොකද්ද ?(හේ)
විදුර සපෝට් කළ මහින්දලා එජාප යට පරාජය වුන නිසා ඔබේ ඔය තියරියට අනුව විදුරත් මන්ත්‍රී කමින් ඉල්ලා අස්විය යුතුයි නේ (බ)
මෛත්‍රී මහතා බලයට පත්වුණේ මුළු මහත් ලංකාවේ ඡන්දයෙන්. මෙයාට පිස්සු තාත්තාගේ කට පුතාටත් ගිහින් වගේ (බ)
ඇත්තෙන්ම අපේ තීණයත් ඔබතුමා පක්ෂ සභාපතිකමින් ඉවත්විය යුතුයි යන්නයි.මක්නිසාද අපි ලෙයින් කදුලින් මේ පක්ෂය වෙනුවෙන් කැප කිරීම් කරපු අයයි පක්ෂයේ අනාගතය පුද්ගලික කෝන්තරනිසා බොඳ වෙනවානම් එම නායකත්වයෙන් ඇති වැඩක් නැත. මෙය මා බිම් මට්ටමේ සාමාජිකයෙක් ලෙස දකින දේය (බ)
කට හින්දලු මලුව නහින්නේ (හේ)
හොරණ අපි සැමදා ඔබතුමා සමගයි..(හේ)
බොහොම හොඳ යෝජනාවක් (නදී)
මන්ත්‍රීකම නැතිි කරගන්නද හදන්නේ ? (නදී)
සන්ධානය පොලොන්නරුව පැරදුණාට මෛත්‍රී පොලොන්නරුව දිනුම්. ඕක තේරෙන්නේ නැද්ද???(ම)
ජයවේවා ඔබ තුමාට (අ)
මැතිතුමනි, ඔබ නම් නියම නායකයෙකි. මම ඔබට හිස නමා ආචාර කරමි. (නදී)
ඔයා යන්න එපා ඔහොමම ඉන්න. අර පොලොන්නරුව පැරදුන නිසා පක්ෂ නායක කමින් අයින්වෙන්න කියන කෙනාගේ උපදේසක මොකද දන්නේ නැහැ මේ ගැන කියන්නේ? මීට වඩා බයිලා කොච්චර මිහිරිද? (නදී)