එක්සත් ජනතා නිදහස් සන්ධානය නොබෝ දිනකින් විසුරුවා හැරීමට යතියි දේශපාලන ආරංචි කියයි.
අද සවස පහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමියතය.
සන්ධානය විසිරුවා හැරීමෙන් පසු ශ්‍රීලනිපය තනිව හෝ වෙනත් ආකාරයකින් කටයුතු කරනු ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.
2004 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සන්ධාන ගිවිසුමක් අත්සන් කැරිණි. ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ හා ජාතික කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව එම ගිවිසුමට අත්සන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් ටිල්වින් සිල්වාද, ශ්‍රීලනිපය වෙනුවෙන් හිටපු ලේකම් මෛත්‍රීපාල සිරිසේන ද ගිවිසුමට අත්සන් තැබූහ.
ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සම සමාජය පක්ෂය ද ඇතුළු පක්ෂ 14ක් පමණ පසුව ඊට එක් වූහ. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායකගේ හවුල් රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වූ ජවිපය 2005 දී සන්ධානයෙන් ඉවත් විය.
චන්ද්‍රිකා දේශපාලනයෙන් සමු ගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ සන්ධාන නායකයා විය. ඔහු සන්ධානයෙන් ජනාධිපතිවරණ දෙකක් හා මහ මැතිවරණයක් ජය ගත්තේය.
2015 ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජය විය. ඉන් පසු අගෝස්තු 17 වැනි දා පැවැති මහ මැතිවරණයට සන්ධානය තරග කළ අතර එම ඡන්දයෙන් ද සන්ධානය පරාජය විය.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසිරැවීමක් ප්‍රායෝගිකව සිදු කළ නොහැකි වුවත් එය අකර්මණ්‍ය කිරීමට යන බවයි.
සන්ධානය යටතේ කරඟ කර තේරී පත් වූ පළාත් මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සිටින බවත්, ඒ නිසා මැතිවරණ කොමසාරිස් සමග ගනු දෙනු කිරීමට නාමිකව සන්ධාන ලේකම් කටයුතු කරන බවත්, ඉදිරියේ සන්ධානය යටතේ මැතිවරණවලට තරඟ නොකරනු ඇති බවත් ගම්මන්පිල මහතා කියයි.
(ඡායාරූප අන්තර්ජාලයෙනි)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ජනාදිපති තුමාට ස්තුති කරනවා ශ්‍රීලනිපය විනාශ කරාට. ඕක අපේ රටට මහා විනයක්. අපි හංසයාගෙන් අලුත් පක්ෂයක් හදමු නේද (නදී)
ශ්‍රී.ල.නි.ප.යේ පංච මහා බලවේගය කෝ දැන්? එතනෝල් කාරයෝ,හරක් හොරු,ස්ත්‍රී දුෂකයෝ,පාගා කාරයෝ,කප්පම් කාරයෝ තමයි අලුත්ම පංච මහා බලවේගය. ගානක් නෑ. ඔහොම යං, ඔහොම යං . (නදී)
ඕක විසුරුවන්න තිබ්බේ චන්දෙට කලින්. එහෙනම් මහින්ද මහත්තය තාමත් රජෙක් වගේ ඉන්නවා.(නදී)
මහින්ද 47 ලක්ෂයක්වත් චන්ද ගත්තේ ඔය සන්ධානේ ඇතුලේ ඉන්න සමහර බේගල් මුත්තලා දෙතුන් දෙනාගේ මුසාවාදවල පිහිටෙන්. හැබැයි සන්ධානේ වෙන් උනොත් ඉදිරි මැතිවරණයකදී මේ ගොල්ලන්ට ඡන්ද 37 ලක්ෂයක්වත් ගන්න බැරිවේවි කියලයි මට නම් හිතෙන්නේ.(නදී)
පිවිතුරු යහපාල පව් අනේ. තවත් මහින්ද මහත්තයව අමාරුවේ නොදා ඉන්නවද? (නදී)
අජිත් ගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නදී)
2004 ජවිපෙ සන්දානයක් හැදුවේ පටු දේශපාලන වාසි බලාගෙන නොවේ එම මොහොතේ තිබුණු දේශපාලන වාතාවරණය තුලයි. ඉන් පසුව ජවිපෙ ඉන් ඉවත් උනේ සුනාමි සහන මණ්ඩල යෝජනාව පරාජයට පත් කල යුතු නිසයි. මේ කටයුතු නිසා ජවපේට විශාල හානියක් උනා. නමුත් ඉන් රටට ලොකු ජයග්‍රහණයක් ලැබුනා. උගුර කඩාගෙන මොර දෙන බොරු දේශප්‍රේමියෝ නොකළ දේවල් රට වෙනුවෙන් ජවිපෙ කරලා තියෙනවා. (නදී)
ඇත්තටම ශ්‍රීලනිපය හොඳ ජන පදනමක් තිබෙන තනියෙන් ඉදිරියට ගිය හැකි පක්ෂයක්. ඔවුන් සන්ධානයේ බලවත් පක්ෂයක් හැටියට සිටියත් තමන්ගේ පුද්ගලික අරමුණු සක්සාත් කර ගන්ට ගොඩක් දුරට සද්ද බද්ද දැම්මේ එල්ලිලා හිටපු කුඩල්ලෝ ටික තමයි. ප්‍රමාද වී හෝ මෙවැනි තීරණයක් ගැනීම හොඳ දෙයක්. (නදී)
අපි නිදහස් පක්ෂේත් එක්ක තිබ්බ දීගේත් ඉවරයි. මීට පස්සේ නිදහස් පක්ෂෙට ඡන්දෙ දුන්න අපි ඡන්දෙ දෙන්නේ ජාතික නිදහස් පෙරමුණට (නදී)
අපොයි මේ ගෙම්බෝ පක්ෂය කෑවා (නදී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක තිබුණ අපේ දීගෙත් ඉවරයි.. මින් ඉදිරියට මම බොදුජන පෙරමුණ සමග. (අ)
මහින්ද මහත්තයෝ..අපේ චන්දයට සාධාරණය ඉෂ්ට කරන්න..තව දුරටත් ඔබ ආදරයෙන් රැකගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් මේ රටේ නැහැ.. වහාම සන්ධානයේ අනෙකුත් පක්ෂ එකතු කරන් පක්ෂපාති මන්ත්‍රී පිරිස එකතු කරන් වෙනම බලවේගයක් ගොඩ නගන්න. විපක්ෂ නායක දුරය ද්‍රවිඩ සන්ධානයට යාමේ පාප කර්මයට කර නොගහා එය ඔබ අතට ගෙන මෙම බලවේගය ඉදිරි පළාත් සභා ප්‍රාදේශීය සභා මැතිවරණ සදහා පෙළ ගස්සන්න. 47 ලක්ෂයක් සන්ධාන පාක්ෂිකයින්ට දුන් මේ අතුල් පහරට පොරෝ පහරකින් පිළිතුරු සපයන්න. එහෙම බැරිනම් එහෙම නොකරනවා නම් ඔබත් චිත්තයක් ඇදගන්න. (නදී)
මින්පසු අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දෙ දෙන්නෑ. මේ ච්චර කාලයක් දුන්නේ මහින්ද මහතා නිසයි. මෛත්‍රී මහත්තයට බලාගන්න පුළුවන් එයා සබාපතිකම දරන පක්ෂයට ඉස්සරහට මොකද වෙන්නේ කියලා.(නදී)
මේක හරියට එකගෙයි කෑම වගේ? (නදී)
එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නේ කොහොම තිබුණ බලවේගයක්ද? ඒත්, කර්මයෙන් කිසිදා ගැලවිය නොහැක. ඒ කාලේ එක්සත් ජාතික පක්ෂය කඩන්න කොපමණ උත්සාහ කළාද? දිට්ඨධම්ම වේධනිය කර්මය කියන්නේ මේකට තමයි. (නදී)
යුද්ධය මවපු නිසා අපි බය වුනා එ්කයි ජේ වී පි යට දෙන්න තිබන ජන්ද අපි මහිාන්ද මහත්තයට දුන්නේ (නදී)
මෛත්‍රී කියන්නේ එ්කාදිපතියෙක් ද ? (නදී)
සන්ධානෙන් හැලෙන කට්ටිය අලුත් පක්ෂයක් හදනවා ඒකෙ නම "ජාතිවාදි පෙරමුණ " (නදී)
වීරවංශලට, ගම්මන්පිලට මොකද වෙන්නේ ? (නදී)
මම එජාපයේ. ජාතික නිදහස් පෙරමුණ සන්ධානෙන් අයින් උන නිසා නිදහස් පක්ෂෙට ඡන්දෙ දෙනවා දැන්.(නදී)
යහපාල, මහින්ද මහත්තයට දැන් වත් ඉන්න දෙනවද පාඩුවේ නම්බුව රැකගෙන? ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නේ මොකටද හිටපු ජනාධිපති වරයෙක්? (නදී)
බලය බෙදනවයි කියපු එක්කෙනා ඇයි මෙහෙම කෙරුවේ (නදී)
පිවිතුරු මහත්තයා ගැන දුකත් හිතෙනවා. කොහොම කඩේ යෑමක්ද ගියේ හැබැවට. (නදී)
මහින්ද මාමී ගේ කරේ තිබුන එක වගේම එකක් මෛත්‍රී මාමී ගේ කරේ තියනවා දැක්කම අාස හිතුනා (නදී)
අණී ඇත්තටම යහපාල හොදා ඔබාමට උපදෙස් දෙන්න. මොළය හැමතැනම බලාගෙන වාඩිවෙන්න. මොලය පොඩ්ඩක් හරි තැලුනොත් මහින්දට පලාත් සබා වත් දිනාගන්න බැරිවෙනවා (නදී)
යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද ? (නදී)
පක්ෂ ඇතිවීම හෝ නැතිවීම දේශපාලන අවශ්‍යතාවක් පමණි (නදී)
මේක හරියට එකගෙයි කෑම වගේ? කවදද කන්නේ? (නදී)
ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නේ මොකටද හිටපු ජනාධිපති වරයෙක්? ඔබ කුඩා කාලෙදිවත් නයා සහ ඉනිමග ස්නේක් ඇන්ඩ ලැඩෙර් කියන ක්‍රීඩාව කරලා තිබෙනවද (නදී)
පිවිතිරු යහපාල ඔබ කියපු ටිකමයි මටත් කියන්න තියෙන්නේ අනේ ඇත්තටම (නදී)
මහින්ද මැතිදුනි අප ඔබ වෙනුවෙන් මැරෙන්න හරි ලෑස්තියි. (නදී)
දැන්වත් රට ගැන කතා කරමුද ? (නදී)
සන්ධානය යනු අනුන්ගේ පහනින් එළිය බලන වැඩි පිරිස එකතුවී කරපු ඇටවුමකි. කවදාවත් 5% ක් වත් ජන්දය ලබා ගත නොහැකි බහුතරය සිටින ඇටවුමකි. වැඩක් නොකරන, වැඩක් කරන එකෙකුටවත් වැඩක් කරන්ඩ නොදෙන මැරෙනකම් එක එක විවේචන කර කර සිටින අපතයන් සැදුම්ලත් ඇටවුමකි. ශිලනිපයට ලැබෙන්ඩ ඇති දේ ශිලනිපයේ ඇගටත් නොදැනී ඩැහැ ගන්නා ඇටවුමකි.(නදී)
අපි ආදරේ කළේ මහින්ද මහත්තයට නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොවේ. ඉදිියටත් ඒක එහෙමමයි. ඒ නිසා එතුමට උදවු කරපු අයට මේ සැරේ වගේ ඉදිරියටත් සලකනවා (අ)
අපේ ජනාධිපතිතුමා මහින්ද. (නදී)
පිවිතුරු යහපාල.මොකද ලක්ෂ 58 මාස 8ක් යන්න කලින් ලක්ස 47 ට අඩු වුනේ? ඔය ලක්ෂ 47 තව මාස 6 යක් යනකොට ලක්ෂ 20 දක්වා පහල බසිනවා. එතකම් හීන දකින්නකෝ. අපෙන් කිසිම බාදාවක් නැහැ. (නදී)
ග්‍රාමසේවක තනතුරක් හරි දුන්නොත් ගන්නවා. එ්කේ දෙකක් නැහැ. ගමට ආදරේ නම් දෙන්න නම් එපා.(නදී)
ඉතිහාසයේ කොතනකවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ජයග්‍රහණයක් ලබාගත්තේ නෑ. දිනුවේ පෙරමුණක් ලෙසයි. අද යු.එන්.පී උගුලකට හසුවී තව අවුරුදු ගණනාවකට නැවත බලයක් ලබාගැනීමට නොහැකි තත්වයකට පත්වෙමින් සිටිනවා. (නදී)
බලාගෙන යනකොට මේ හැමෝම ඉඳල තියෙන්නේ ශ්‍රී ල නි ප යයි ජ වී පෙ එකට එකතු වෙලා හදපු ගේ ඇතුලේ නේ.(නදී)
පිවිතුරු යහපාල මහත්තයෝ ඔබ තුමාගෙ අදහස හරි.(නදී)
යහපාල, ඔබලා වැනි මැටි මෝල්ලු තමයි මහින්ද මහත්තයව විනාශ කළේ.(නදී)
බලය බෙදනවයි කියපු එක්කෙනා ඇයි මෙහෙම කෙරුවේ ? අයි බලය බෙදන කම් ද බලාගෙන ඉන්නේ? (නදී)
වීරවංශලට, ගම්මන්පිලට මොකද වෙන්නේ ? මුකුත් වෙන්නේ නැත. (නදී)
මම නිතරම කියන දෙයක් තමයි "නයෙක් වුනත් අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ නයෙක් කියලා. නැතිනම් හිතන්නේ පන බයේ දුවන ගැරඩියෙක් කියලයි". මේ වෙලාවේදී මෛත්‍රී හරි. (නදී)
සන්ධානයේ පිහිට නැත්නම් ගම්මන්පිල, විමල්, දිනේෂ් , බන්දුලට ඇපත් නැත. පුලුවන්නම් තනියම ඉල්ලන්න (නදී)