‘මහනුවර අන්තිම රැස්වීමට එන්නැයි මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකවම ආරාධනා කළා. ඒත් මම ගියේ නෑ. ඔහු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවක් හදාගැනිමේ අවස්ථාව මඟ හැරි ගියා. එයින් මට අවාසි වුණා. නායකයන් කියන්නෙ අනුගාමිකයන් පස්සෙ යන කෙනෙක් නෙමේ අනුගාමිකයන් මෙහෙයවන්නෙක්‘ උඩුනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හා සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍ය ශ්‍රිලනිප භාණ්ඩාගාරික එස්. බී. දිසානායක මහතා පසුගියදා උඩුනුවර ඩී. බී. විජේතුංග ශාලාවේ දි පැවැති උත්සවයකදී පැවසිය.
‘අපිට අපේ රජයක් හදාගන්න බැරුව ගියා.අපි හිතුවෙ මහින්ද රාජපක්ෂ පැරදිලා මෛත්‍රිපාල ජනධිපතිට පක්ෂය භාරදුන්නයින් පස්සෙ එතුමා පක්ෂය දිනවන්න උදවු කරයි කියලා. එහෙම කළානම් මම දැනුත් හිතන්නෙ බොහොම ශක්තිමත් අපේ ආණ්ඩුවක් හදනවා. අපේ ප්‍රතිවාදින්ට මෛත්‍රි මෙහෙයවන අයට කියන්න දෙයක් නෑ. අපිට තමා එයාට කියන්න දේවල් තිබ්බේ. අපිට පුළුවන්කම තිබුණානම් තව සංවිධායකයන් තුන් දෙනෙක් හිටපු මන්ත්‍රිවරුන් තුන් දෙනකුට අපේක්ෂකත්වය නොදී ඉන්න අපට මැතිවරණය මෙහෙයවන්න තිබ්බා.‘ යැයිද දිසානායක මහතා එහිදී කීවේය.
ඉතිහාසයෙදි තමා උඩුගං බලා පිහිනා ඇති බවත් පහුගිය මැතිවරණයේදි පාක්ෂිකයො ගත්තු තීන්දුව වැරදි යැයිද ඔවුන් පක්ෂයට ඡන්දය දුන්නනම් ආණ්ඩුවක් හදාගන්නට හැකියාව තිබූ බවත් පැවසූ දිසානායක මහතා ප්‍රාදේශිය සභා ඡන්දයෙදි මහින්ද රාජපක්ෂ දේශපාලනෙන් අයින් වෙලා පක්ෂයට උදවු කළොත් ඒ ඡන්දෙදි බහුතරයක් දිනන්න හැකි බවත් සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්දු කතාව නිසා හිරේ ලගැලත් කට පරිස්සම් කරගන්න බැරි හැටි (අ)
මෙයාව කවුද පාර්ලිමේන්තු යැවුවේ. බලෙන් රිංගල පාර්ලිමේන්තු තව ප්‍රකාශ නිකුත් කරන්න එනවා ලජ්ජා නැතිව.මහින්දව අපි ලබන සැරේ ගේනවා .(අ)
ජනතාව මෝඩයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක වැරදියි (නි)
ඔබ වගේ කෙනෙක් මම නම් දැකලම නැහැ. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
හොඳ කතාවක් (නි)
කට හින්දා උපරිම දඩුවම් ලැබුවනේ. අන්තිමට බේරලා දුන්නෙ කවුද කියලා දැන් අමතකද? (නි)
ඔරුව පෙරලුනාට පස්සේ ඇ පැත්ත හොඳයි කියන කෙනෙක් මෙයා. මෙයා අැට නැති දිව හැරෙන හැරෙන පැත්තට කතාකරන කෙනෙක්. (බ)
අනේ මෙහෙමත් අය? ජනතාව මෙයාලට ඡන්දෙදි නියම පිළිතුර දුන්නාටත් පස්සේ ඇතුළට ගත්තේ ඇයි කියලා අපි දන්නවා. අපේ ලේ කුපිත නොකර හිටියොත් හොඳයි තවත් (නි)
අනේ මගේ කට! (නි)
අහගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද.? (ර)
අනේ මැතිතුමෝ, ඔබතුමා මොන මනාපයක් ලබල පාර්ලිමේන්තුවට ගියාද? මහින්ද මහ මැතිවරණයට ඉදිරිපත් නොවෙන්න අද තියෙන්නෙ තනි එජාප ආණ්ඩුවක්, එහෙම වුණානම් බලන්න තිබුණා ඔය ශ්‍රීලනිපයට යන කල. (බ)
කවදා හරි මෛත්‍රී තුමාටත් ඔය වගේම කථාවක් මේ කටෙන් කියයි (බ)
දැන් අපි මේවා අහලා මොනවද කරන්න ඕනෑ? (නි)
ඡන්ද දායකයන් මොහු ප්‍රතික්ෂේප කළානේ. (ත)
ඕවා අහන්නත් කට්ටිය ඉන්න එකනේ පුදුමේ... (ර)
මේවා අහල පන පලයන් පෙරේදා (අ)
හොඳම දේ ඔබතුමා නායකත්වය ගෙන අනුගාමිකයෝ මෙහෙයවන්න. (ර)
මේ අය දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් (අ)
අනේ මන්දා මොනවා කියන්නද කියලා. (ර)
අනේ මගේ කට, මේ වගේ දෙපිටකාට්ටු පච ගහන කටක් තව තියෙනවාද? (බ)
හිරේ ඉදපු මෙයා එලියට දැම්මේ මහින්ද රාජපක්ෂ.කෙලෙහි ගුණ නොදන්නා මනුස්සයෙක් ....!!!(රේ)
ඒ මනුස්සයා ලඟ ඉන්නකන් හොඳයි(රේ)
මට නම් පෙන්නන්න බැහැ මෙයාව (නි)
කියන්න පුළුවන්. අපි බුද්ධිමත්ව හිතන්න ඕන. (ර)
ජනතාව එපා කියූ ඔබත් දේශපාලනයෙන් අයින් වුණා නම් හොඳ නැද්ද? (ත)
මහින්ද මහත්තයා විතරක් නොවෙයි ඔක්කොම වග කිව යුතුයි. (ත)
මේ කතාව අහපුවම මගේ ඈගේ මාළු නටනවා (බ)
මෙයාලට කියන නම කවුරු හරි දන්නවද. පිවිතුරු යහාපාල මහත්තයෝ අපිව කන්ඩ බලාගෙන ඉන්නේ නැතුව ඇට්ටි හැලෙන්ඩ දෙන්ඩකෝ. (බ)
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි. ජනතාවගෙන් පරාදවී පිනට ඇමතිකමක් ගත්තනම් ඒ විදිහට ඉන්න. (බ)
කටින්ද කියන්නේ ? (බ)
මෙයා තව ටික දවසකින් කියාවි මේ ආණ්ඩුව නැති කළෙත් මහින්ද කියල මහා සත පහකට වටිනා කමක් නැති කෙනෙක් (බ)
ජනතාව එපා කියූ ඔබ දේශපාලනයෙන් අයින් වුණා නම් හොඳ නැද්ද? (බ)
හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් (බ)
ජනතාව දුන් තීන්දුව නම් මොවුන් කුමන පක්ෂයකටවත් වැද්ද නොගත යුතු පුද්ගලයන් බවය. (බ)
අපි දැන් මොනවද කරන්න ඕන. (ර)
මෙහමත් කැත මිනිහෙක්, චන්ද්‍රික ජම්පර් අන්දලා එතුලට දැන්මම මහින්ද එලියට අරන් ඇමතියෙක් කලා. මේ වගේ අය හින්ද තමයි මහින්ද ජනවාරි 8 පැරදුනේ, මහින්දට ට දීපු චන්ද වලට ජාතික ලිස්තුවෙන් ජනතාව එපා කියපු මේ මිනිහ ඇතුලේ(රේ)
මේවා අහන්නත් අය ඉන්නවනේ හැබෑට? (නි)
එපා කියපුු මෙයා නේද දැන් සද්දෙ දාන්නේ මෙහෙම අය ඇයි පාර්ලිිමේන්තුවේ් ඉන්නේ?(රේ)
මේ වගේ පචයෝ ලං කරගෙන උන්ව බේරපු නිසා තමයි මහින්ද මහත්තය පැරදුනේ......මහින්ද පරදින්න මුලික උනේ මේ පචය වගේ තව කීප දෙනෙක් නිසා නේ..........(රේ)
පිරුණු කලේ දිය නොසැලේ. (ත)
දෙනවා මෙයාට ජන්දෙ (රේ)
මේ වගේ අය පරද්දලත් ගෙදර යවන්න බැරි හැටි මල් මාල දාන්න නෙවෙයි ගල් බෝල එල්ලන්නයි වටින්නේ(රේ)
මහින්දට තියන කැමැත්තයි ඔබ තුමාට තියන අකමැත්තයිති අහසට පොලව වාගේ මෙතැනදී ඔබ තුමා හිතයි, අහස පොලවේ ගැවිලානේ තියෙන්නේ කියලා ????????????????????????????????? මහින්දගෙන් රටට උණු දේ ඔබ තුමාගෙන් රටට උණු දේ අනුව මිනිසුන් සලකයි ......... හොදට මතක තියා ගන්න මහින්දට බනින්න බනින්න මිනිසුන් ඔබ තුමාව ප්‍රත්ක්ෂේප කරනවා නියතයි. කොන්ද කෙලින් තියාගන වැඩකරන්න අපිට ලැජජාහි අපිත් නුවර අපිට ඔබ තුමාගෙන් මොකුත් එපා රට බේරා ගත් නායකයට අපහස කරන්න එපා ????????????????????????????? එහෙම යට සැලකීමට අපි තරයේ අධිටන් කරගන සිටිමු . (රේ)
මෙයාල වගේ කට්ටිය ගැන නම් කතා කරලා වැඩක් නැ. වචන අපරාදේ(රේ)
පැරදුන අය කියන දේවල් කවුද ගණන් ගන්නේ? (ත)
කඩුගන්නාව ගම්පොල මාර්ගය (උඩුනුවරට අයිති ) වසර 10 කින් හදා නැත. දැන්වත් හැදුවොත් නරකද ?? (ත)
මෙයා කතා කරන්නේ කටින්ද ?, -කෙන්ද?. පලාතම ගඳයි. .(රේ)
මටනම් මෙයාව දකිද්දී වමනෙට එනවා .හරිම හිරිකිතයි .(රේ)
මිනිසුන් යනවනේ මේවා අහන්නත්. (ත)
අපිට මොහු පේන්නම බැහැ. (ත)
කව්ද මෙහෙම අය ආණ්ඩුවට ගත්තේ ..(රේ)
මහින්ද රාජපක්ෂ රජය නැති කළේ සමහර දේශපාලනඥයන්. ඔවුන් කළ වැඩ නිදසයි රජය නැති වුණේ. (ත)
ඔබ එළෙව්වා නේද? එළෙව්වට පස්සෙත් නැවත එන්නේ ඇයි? (ත)
සඳුන් ගස කපන්න සුවඳ වැඩි වෙනවා වගේ මහින්දට බනින්න බනින්න මිනිසුන්ගේ කැමැත්ත වැඩි වෙනවා. ඒක හොඳට මතක තියාගන්න (බ)
මෙතුමාගේ කතාවලට හිනා යනවා මහින්ද නිසා තමයි ඔය අාසන ටිකවත් යන්තන් ලබා ගත්තේ නැතිනම් ගොඩක් මැති උතුමනන්ලා අද විශ්‍රාම සුවය විදිනවා (ම)
මෙවැනි හාල් කැලි ජනතාව ගෙදර යවලත් ඇතුලට ගත්තනේෙ. මහින්ද මහත්තය නෙමේ පැරදුනේ තමුන්ලා.(රේ)
දිව හැරෙන හැරෙන පැත්තට කතාකරන කෙනෙක් . මිනිසුන් යනවනේ මේවා අහන්නත්. (ර)
මේවගේ අයට චන්දෙ දුන්නට වෙඩි තියලත් මදි.(රේ)
දිවේ් කටු නැති නිසා හොාඳයිි පෙරළි පෙරළි කතා කල හැකි (රේ)
එදා ඇමතිවරු මහින්ද මහතාගේ පිහිටෙන් කොච්චර හම්බ කළාද? අැයි මෙහෙම දැන් කියන්නේ. ඔබ කියන එකේ ඇත්තක් තිබුනත් ඔබලාත් එයට වග කියන්ඩ ඔනෑ. ලබන පාරවත් ගෙදර ඉන්නවද?ඔබෙන් රටට පලක් නැත. (බ)
මහජනතාව ප්‍රතික්ෂේප කළ කෙනෙක් තවත් බොරු නොකිය වාසියට එක එක පැත්තට හැරෙන කොන්දක් නැති තකතීරු වැඩක්ම කරලා මහින්ද ගොනාට අන්දාවපු මේ වගේ උන්ගෙන් මහින්ද අයින් වුනානම් එදා මහින්ද දිනනවා. මෛත්‍රී ටත් ඔය ටිකමයි මෙයාලා හිටියොත් (බ)
ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ දේශපාලකයෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවීමෙන් පාක්ෂිකයන් කළකිරී ඇත. තත්වය එසේ තිබියදී කටපියාගෙන ජනතාවට සේවය කිරීම වෙනුවට අනවශ්‍ය ලෙස දෙඩවීමෙන් මිනිසුන් ලබනවර පක්ෂයට ඡන්දය දීමෙන්ද වළකිනු ඇත (නි)
තාම අපේ ගොඩක් දේශපාලකයෝ හිතන්නේ පක්ෂ ක්‍රමයට. ජනතාවට කොයි පක්ෂේ බලයට ආවත් එකයි වැඩ කරනවානම් කියන දේ ඒ ගොල්ලන්ට තේරිලා නෑ. අලුත් විදියට හිතලා වැඩ කරනකම් රට හදන්න බෑ. (ර)
මෙයා ගැන මුලු රටම දන්නවනේ ඒ නිසා අපි මුකුත් නොකියා ඉමු.(රේ්)
මෙයා ඇතුළු මේ මග අනෙක් සියලු දෙනාටම ජනතාව දෙවන සහ අන්තිම පාඩම කියා දේවි මීළඟ මහා මැතිවරණේදී . එතෙක් කියව කියව ඉන්න කරු ඇමති තුමනි . අද ජනතාව බුද්ධිමත් අපි හිතනවට වඩා . මේ ආණ්ඩුව කරපු දේවල් අනුමත කරනවා නම් ජනතාව පළාත් මහා මැතිවරණ ඡන්දෙ දී එජාප ය ඔසවා තබාවි . එහෙම නොමැති නම් මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රී ලනිපය දිනවා වී . මෙවර මහින්ද රාජපක්ෂ මහතා නිශ්බ්බද නිසා , මෛත්‍රී මහතා ට පුළුවන් නේ එතුමා ගේ ශක්තියෙන් පක්ෂය රැක ගන්න හා දිනවන්න . මේ නායකත්වය යටතේ ශ්‍රී ලනිපය දියවීම වලකන්න බහ . කමක් නැහැ එජාපෙ රට පාවා නොදී රට ට වැඩ කරනවා නම් අපිට මොකටද ශ්‍රී ලනිපය . කොහොම නමුත් මෛත්‍රී ඊළඟ ජනාධිපතිවරණය ජය ගන්න නම් මහින්ද ගේ කකුල් දෙක ළඟට ගිහින් මහින්ද ගේ කර උඩින් යන්න ඕනේ බව තව අවු 4 කින් මතක් වේවි . එතෙක් අපි නිහඩව , වගකීමෙන් බලා ඉදිමු (බ)
මොන පක්ෂයද රජය කරවන්නේ කියන එක නෙමෙයි බලන්න ඕනේ රටට මොනවද කරන්නේ කියන එකයි බලන්න ඕනි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසන්න ඕනි. හරි දේ හරි කියන්නයි වැරදි දේ වැරදි කියන්නයි ජනතාව පුරුදු වෙන්න ඕනි. (ර)
මේ කතා අහන්න යන අය ගැන තමයි මුලින්ම හිතන්න වෙන්නේ (නි)
මහින්ද පැරදුනේ කවුරුන් ආරක්‍ෂා කරන්‍න ගිය නිසාද කියලා අපි නම් දන්නවා (නි)
මේ වගේ චරිත නිසා මුළු රටම කතාබහට ලක්වෙනවා. පක්ෂය විතරක් නෙමෙයි (නි)
අවුලක් නැහැ. මහින්ද මහත්තයා හින්දනේ මහා මැතිවරණය පැරදුනේ.මහින්ද මහත්තයා දැන් නැහැනේ.ඔය කියන අය එක්ක පළාත් පාලන මැතිවරණය කරලා ඔය කියන ජයග්‍රහණය අරගෙන පෙන්වන්නකෝ.... (නි)
මමත් නුවර මම නම් මෙයා දකින්නවත් කැමති නෑ (බ)
අදත් ඔය වගේ කතා දොඩවන්නේ ඇයි කියලා අපි නම් දන්නවා (නි)
මට නම් මොහු ගැන කියන්න වචන නැහැ. එපමණටම මම අකමැතියි (නි)