ජාතික ආණ්ඩුවට සම්බන්ධ වීමට කැමති මන්ත්‍රීන්ට ආණ්ඩුවට සම්බන්ධ විය හැකි බවත්, අකමැති අයට කල්ලි නොගැසී විපක්ෂයේ සිටිය හැකි බවත් මෛත්‍රීපාල සිරිසේන ජනපති හා ශ්‍රීලනිප මන්ත්‍රීන් අතර පැවැති සාකච්ඡාවේදී ජනපති ප්‍රකාශ කළ බව දේශපාලන ආරංචි කියයි.
ඒ අනුව ශ්‍රීලනිපයේ පිරිසක් ජාතික ආණ්ඩුවට සම්බන්ධ වීමට ද, තවත් පිරිසක් විපක්ෂයේ සිටීමට ද කථිකා කර ගත් බව දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන විදියට ජාතික ආණ්ඩුව කියන්නේ තේරුමක් නැති වැඩක්.(නදී)
ලුම්බිණි. ජාතික ආණ්ඩුවක් කියන්නේ සියලු ජාතීන්ගෙන් සැදුම්ලත් මන්ත්‍රී කණ්ඩායමකින් යුත් රජයකටයි. මේ පිරිස හදන්නේ සභාග ආණ්ඩුවක්. සභාග ආණ්ඩුවේ සහ ජාතික ආණ්ඩුවේ ව්‍යුහය මෙන්ම අවසාන ඉලක්කයද වෙනස්. කෙසේ වෙතත් මහා මැතිවරණයේදී සන්ධානය ජාතික ආණ්ඩුවකට යාම ගැන කතා කළේ නැහැ. දැනට ගොඩ නැගෙන සභාග ආණ්ඩුවට යන පිරිස සන්ධානයෙන් තරඟ කොට පැරදුන තම වාසිය ගැනම සිතන පිරිසකි. සභාග ආණ්ඩු සංකල්පයෙන් කලින් රජයේ මෙන් වැරදි නැවත සිදු නොවී රටට යහපතක් සිදුවෙනවා නම් එයට විරුද්ධ වීමට අවශ්‍ය නැත. එහෙත් සභාග රජය තවමත් බිජ අවස්ථාවේ නිසා පුරෝකතනයක් කල නොහැක. ජනතාවට සිදුවන්නේ සුභ පතා බලා සිටීම පමණයි. (නදී)
යුද්දේ වේලේවත් දාගත්තු නැති ජාතික ආණ්ඩු දැන් මොකටද ? මාර යහ පාලනේ (නදී)
නියමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕකට තමයි. (නදී)
ශ්‍රී ල නි ප යේ වැඩිහරියක් හොරු ඉන්නේ (නදී)
" තනි පුද්ගලයෙක් තුළ රශිබූත වන සමාජ ශක්තියේ දුර්විපාක මුළුමහත් රටකට බලපෑම් කෙරෙන අයුරු පිලිබඳ පාඩම් ඉතිහාසය මිනිසාට උගන්වා තිබේ. එහෙත් ඒවා ග්‍රහණය කරගැනීමට තරම් සියුම් කමක්, විචාරශීලී බවක් මිනිසුන් බහුතරයකට නැත. යහපාලනය පිලිබඳ ව ජනතාව තුල පවත්නා මනෝරාජික සිහින සැම විටම බොඳ වී යන්නේ එහෙයිනි. දැහැමි පාලකයෙකු පිලිබඳ අපේක්ෂාව ම මිථ්‍යාවකි. ධර්මිෂ්ට රජුන් ජීවමාන වන්නේ යයි සිත උදම් වන රට වැස්සෝ ඉතා ඉක්මනින් සිය මයා දල ඉරා ගනිති. ඒ පාලකයෙකුගේ එකම එක සත් ක්‍රියාවක් කරලියට නැගෙන්නේ කරලිය පසු පස සිදු වූ, සිදු කල අසත් ක්‍රියා සියයකින් පසුව ව වන බැවිනි." ලඟදි කියවොඕ පොතකින් ("මහසෙන්" ) උපුටා ගතිමි (අ)
අලුත් වැඩක් නිසා කාලයක් යාවි ප්‍රතිපල ලැබෙන්න.ඒ නිසා බොරුවට උඩපැනල බෙරිහන්දිල වැඩක් නැහැ.පොඩ්ඩක් ඉවසිල්ලෙන් බලන් ඉමු මොකද වෙන්නේ කියලා.හොදනම් හොදයි කියමු.නරකනම් ප්‍රතික්ෂේප කරලා දාමු. (අ)
ආණ්ඩුවට යන අයගේ දේශපාලන ආයුෂ ඉවරයි. මාර යහ පාලනේ. තනිකරම දේශපාලන පටු අරමුණු සහ විදේශීය කුමන්ත්‍රණ.(නදී)
පහුගිය ආණ්ඩුවට ගෙදර යන්න උනේ දරාගන්න බැරි ජීවන වියදම හින්දා. යහපාලනයත් ඉක්මනින් බඩු මිල පහල දාල ජනතාවට සහන සැලසුවේ නැත්තන් ඉතින් ඒ ටික තමයි. ජීවත් වෙන්න නම් හොදටම අමාරුයි. ඉක්මනින් බඩු මිල පහත දාල ජනතාවට සහනයක් සලසල දෙන්න. (නදී)
බණ්ඩාරනායක මහත්තයා, ඩි එස් මහත්තයා තමුන්ගේ සල්ලි දේපල රටවැසියාට දුන්නා. අද ගොඩක් අය දේශපාලනයට එන්නේ තමුන්ගේ මඩිය තරකරගන්න. හම්බෙන වාහන පර්මිට් එක ලක්ෂ 200ක්. හරියට නිකන් ලක්ෂ 200 ක් දුන්න වගේ නේද? ජන්දේ කාලෙට ජන්ද වැඩට මේ ගොල්ලන්ට ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් විශාල මුදලක් ලැබෙනවා. වියදම් වෙන්නේ පොඩ්ඩයි. ටෙන්ඩර් පටිපාටියක් තිබුනත් අපි රුපියල් 100 ට කරන වැඩේ රජයේ ටෙන්ඩර් එකෙන් වෙද්දී 1000 යි. මේ නාස්ති වෙන්නේ මහජන මුදල්. අපි ඔය ලොකුවට අපේ ඇමතිතුමා ඉස්කෝලයක් හැදුව කියන්නේ විමද්‍යගත අරමුදලෙන් ඔවුන්ට ලැබුන මුදලෙන් කරන දේවල්වලට. එ්කවත් නොකරන අය ඉන්න බව ඇත්ත. හැබැයි සැබෑ දක්ෂ දේශපාලකයෙක් කියන්නේ මුදල් වියදම් කරනවට වඩා රටට ආදායම් එන රැකියා බොහොමයක් ලැබෙන ව්‍යාපෘති අවම වියදමකින් ක්‍රියාත්මක කිරීම. මේ ගැන ජන්දදායකයට තියෙන දැනීම අල්පයි. ඇත්තටම රටට ආදරේ කරන දේශපාලක පිරිසක් බිහි කරගැනීමට නම් ඔවුනට ඇති වරප්‍රසාද අවම කල යුතුයි. මහජනතාව විදිහට අපි ඊට බලකළ යුතුයි (නදී)
ඇමති පදවි අමතක කරලා විරුද්ධ පක්ෂය ශක්තිමත් කරන්න. එහෙම නොකලොත් නැවත වාරයක් ලංකාව විකිනෙනවා. (නදී)
යු.එන්.පී එකට මුක්කු ගහල රෙදි ඇඳගන නම් එන්න එපා ඡන්ද ඉල්ලන්න (නදී)
මේ ක්‍රමය හොඳයි. මොකද මේ අවස්ථාවේ ටී එන් ඒ එකට විපක්ෂ නායක කම යාම භයානකයි. (නදී)
පැරදුන අය ලැයිස්තුවට දාපු එක කැතයි හොඳේ. (නදී)
රැවුල රැක ගෙන කැඳ බීම (නදී)
අපේ රටේ දේශපාලනය ගැන නම් ඉතාම දුකයි. (නදී)
එක අතකින් මේ ක්‍රමය හරි නැත්නම් ටී එන ඒ එකට විපක්ෂය වීම සුබ දායක නැහැ (නදී)
මේවා හරි විහිලු වැඩ. ඡන්දෙ තියන්නේ මොකටද? නව ජනපති අගමැති මේ රටම විහිළුවක් කරලා තියෙන්නේ. ඡන්දෙ දීපු අපි තමයි මෝඩ. (නදී)
මේ මොන කුණුහරප වැඩක් ද ? එගොඩත් ඕනේ මෙගොඩත් ඕනේ .... ආණ්ඩු කරලත් ලකුණු ගන්න ඕනේ විපක්සෙ ඉඳන් කෑ ගහලත් ලකුණු ගන්නයි කල්පනාව. (නදී)
බලමු ජනතා මනාපෙට ගරු කරන කී දෙනෙක් හිටීද කියලා.(නදී)
මේ කිසිම අයෙක් රටට ආදරයක් නැහැ තමන් ගැන පමණි ,ජනතාව රවටා ඡන්දය ගන්නේ තමාට වැඩක් කරගන්න මිසක් ජනතා සේවයට නොවේ. කොළ ,නිල්,රතු ඔක්කොම එකම වර්ගයක්. අහිංසක ජනතාව හැමදාම පරාදයි. නමුත් මොවුන් හැමදාම දිනුම්. අනේ අපේ රටට දෙවි පිහිට පමණි. (නදී)
ජනතා පරමාධිපත්‍ය කියන්නේ බොරුවක්. ජනතාව එපා කිව්වම ජනාධිපති ලයිස්තුවෙන් ගන්නවා. එහෙනම් මොකටද ඡන්ද තියන්නේ. මේක තමා ඒකාධිපති වියරුව කියන්නේ. (අ)
ඔක්කොම එකතු වෙලා කාල දාන්න. ලැජ්ජයි, ජනතාව ප්‍රතික්ෂේප කල කට්ටියව අායෙත් ඇතුලට ගැනීම ගැන. (නදී)
ඔන්න ඔහොම කොන්ද කෙලින් ඉන්න. පාර්ලිමේන්තුවේ කෑ කෝ ගහල අපකීර්තියක් ගෙන එන අය සහ සෙන්කෝලය උස්සගෙන යන අය පාර්ලිමේන්තුවෙන් එලවා දමන්න නීති රීති අනුමත කරන්න. එතකොට ඔක්කොම හැදෙයි. ශ්‍රීමත් කොතලාවල මහත්තයා රත්තරන් කතාවක් කියල තියනවා. මගෙන් පස්සේ ගස් ගල් වල පහරපු අය තමයි පාර්ලිමේන්තුවට එන්නේ කියලා. (නදී)
ලජ්ජා නැති කම මහ මුදලිකමටත් වඩා ලොකුය කියන්නේ මෙහෙම කටයුතු වෙනකොට තමා. පැරදුන අය නැවත ගන්න කරපු වැඩ නම් වැරදියි (නදී)
ඒකාධිපති නායකත්වයක් පරාජය කිරීමට ගොස් අපි ඉඟුරු දී මිරිස් ගත්තද? (අ)
ජානක ඡන්දෙ පැරදුනත් ගාණක් නැ ජාතික ලිස්තුව තියනවනේ (අ)
අප්පච්චි මළෝ කට්ටිය කොහොමටත් ආණ්ඩුවේ තමයි. වරදාන වරප්‍රසාද දෙනවා නම් ඕන එකක්.(නදී)
ශ්‍රී ලං නි ප වෙත මිනිසුන් ඡන්දය දුන්නේ අරගොල්ලො එක්ක දීග කන්න නෙවේ. (නදී)
ආණ්ඩුවට යන අයගේ දේශපාලන ආයුෂ ඉවරයි (නදී)
ඇමතිකම් ගත්තත් එකයි..එහෙම ද්‍රෝහිකමක් කල පක්ෂයක නායකත්වය අනුමත කරමින් පක්ෂේ රැදිලා හිටියත් එකයි..අපි ඔය ඔක්කොම සලකන්නේ අපේ ඡන්දයට ද්‍රෝහී වුවන් හැටියට..තමන් ලබාගත් මන්ත්‍රීකම වෙනුවෙන් පක්ෂ නායකයා කල කැපකිරීම අනුග්‍රහය අනු බලය කුමක්ද යන්නත් අර පක්ෂයට ඡන්දය නොදී සතාට දෙන්න කියා එළිපිට කියපු චරිතය මධ්‍යම කාරක සභාවේ ඉන්නේ කොහොමද කියල අහන්නත් කොන්දක් නැති නපුන්සක රැල ඔය මොන විදියෙනුත් කපා ගන්නේ තමන්ගේ දේශපාලන මිනිවලම තමයි. (අ)
මේක අපේ රටේ හැමදාමත් වෙච්ච දෙයක් නේ. විපක්ෂේ කට්ටිය අතපය පන නැති පාලකයින්ගේ දෑත් ශක්තිමත් කරන්න කියල ගියා. රට වෙනුවෙන් කියල ගියා. නඩුවලින් බේරෙන්නත් ගියා. ඔය එක එක දේවල් කියල ගියේ. මේ සැරේ සමහරු ගෙදරම ගියා. අපේ අවාසනාව කියන්නේ ජාතික ලැයිස්තුවෙන් නැවතත් ඇවිත්.(නදී)