විජාතික බලවේග යටත්ව විජාතීකරණය වෙමින් තිබූ ශ්‍රී ලංකාවේ දේශීයත්වය මතු කිරිමට අවශ්‍ය පරිසරය සකස් කළ හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා පක්ෂ විපක්ෂ භේදවලින් තොරව අනුස්මරණය කළ යුතු නායකයෙක් බවත් එතුමාගේ 117 වැනි ජන්ම දින සැමරුම් අනුශාසනාව පවත්වමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී නැදගමුවේ විජයමෛත‍්‍රී හිමියෝ පැවසූහ.
රටේ කවුරුත් අගය කළ බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ හැකි වටපිටාවක් ඇති කිරීම ජනාධිපතිතුමන්ගේ වගකීමක් බව ද උන්වහන්සේ සඳහන් කළහ.
හිටපු අග‍්‍රාමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 117 වැනි ජන්ම දින සැමරුම් උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, ගාලූ මුවදොර පිහිටි ඒ මහතාගේ පිළිරුව අසල දී අද (8) පැවැත්විණි.
බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ,සුනේත්‍රා කුමාරතුංග ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට සහභාගී වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹරාවේ රතනසාර හාමුදුරුවෝ කාටවත් මතක නැත්ද ? (ස)
අහෝ මෙහෙම විහිළුවක් . රනිල් හා එජාපෙ හා ගැට ගැහුණු මෛත්‍රී ගෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉල්ලීම මොන මෝඩ කතාවක්ද ? බටහිරට ගැති පාලනයක් දැන් ඇවිත් තිබෙන්නේ .(බ)
පසුගිය කාලයේ නම් සමහරු බණ්ඩාරනායක නම මකලම දාන්න උත්සාහ කළා නේද? (කෞ)
56 දරුවන්ගේ නියෝජනයක් නැති ගානයි. (කෞ)