මේ අයවැය රජයේ සේවකයින්ට කිසිම සහනයක් නැති එකක් බවත් දීමනා මූලික වැටුපට එකතු කරන ලෙස ඉල්ලුවත් එය ඉටු කර නොමැති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා පැවසීය.

බොරැල්ල මුද්‍රණ සේවක සංගමයේ 12 වැනි වාර්ෂික සම්මේලනය අමතමින් මේ බව කී ලාල්කාන්ත මහතා මේ ආණ්ඩුවේ ඇමැතිකම් ගත් ශ්‍රීලනිප අය මේ අයවැයට ඡන්දේ දීලා ගමට යන්නේ කොහොමදැයි ඇසීය.