
(රංජිත් රාජපක්ෂ)
2025 - 2026 ශ්‍රී පාද වන්දනා වාරයෙදි හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කරන බැතිමතුන් සහ දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිකටුපහණෙන් ඉහළට කරුණා කිරීමට සිමාවන් පනවා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමිර ගම්ලත් මහතා පැවසීය.
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාදය කරුණා කරන දෙස් විදෙස් වන්දනාකරුවන්ට පවතින අයහපත් කාළගුණය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ ප්‍රධාන කාර්යාලයේ භූ විද්‍යාඥයන් පිරිසක් පැමිණ සිදු කළ පරික්ෂණයකින් අනතුරුව නිකුත් කර ඇති නිර්දේශ අනුව 2025 - 2026 ශ්‍රී පාද වන්දනා වාරය පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමිර ගම්ලත් මහතා පැවසීය.
හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් ඉදිකටු පහණ පොලිසිය අසළින් මීටර් 600ක් පමණ එපිටින් වූ රත්නපුර මාර්ගයට පිවිස ශ්‍රී පාදස්ථාන උඩමළුවට පිවිසීමට අවස්ථාව ලැබෙන බව එම නිවේදනයේ සදහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
318
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
419
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රීපාද වන්දනා කරුවන්ට හැටන් පාර සීමා කරයි
Chandrasiri Sunday, 07 December 2025 04:18 PM
එහෙම නම් කපුවන්ගෙත් සමහර උන්නාන්සේලාගේ බියගැන්වීමක් නැති රත්නපුර පාරෙනුත්, කුරුවිට පාරෙනුත් ස්වාභාවික පරිසරය නරඹමින් යන්න කිව්වාම හරිනේ...